ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජන සහ බලපෑම්වලට තමන් කිසිසේත් අවනත නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර ඇත.
“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපට තර්ජනය කරනවා. සාකච්ඡාවලට එන්නැයි බල කරනවා. මම ඇමෙරිකන් ජනාධිපතිවරයාට කියන්න කැමතියි පුළුවන් දෙයක් කරන්න. කමක් නැහැ. පුළුවන් දෙයක් කරන්න අපි බය නැහැ.” යැයි ඉරාන ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
පෙසෙෂ්කියන්, ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මධ්‍යස්ථමතධාරී ජනාධිපතිවරයෙකි. ඔහු ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ ගන්නා නමුත්, ට්‍රම්ප් දිගින් දිගටම ඉරානයට තර්ජනය කරන්නේ, ඇමෙරිකාවේ කොන්දේසිවලට අනුව, සාකච්ඡා සඳහා යොමු වන ලෙසය. මෙය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ දැඩි විරෝධයට හේතුවක් විය.
(ඒ.එෆ්.පී.)
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තර්ජනවලට බය නැහැ: පුළුවන් දෙයක් කරන්න