ඉන්දීය රජය හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් සන්ධාන රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව ති‍්‍රණමූල් කොංග‍්‍රස් පක්ෂය පවසයි. 2009 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු, ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජයට ශක්තියක් වූයේ ත‍්‍රිණමූල් පක්ෂයයි. ති‍්‍රණමූල් කොංග‍්‍රසය නියෝජනය කරමින් ඇමැතිවරුන් 6 දෙනකු ඉන්දීය රජයට එක් ව සිටි අතර ඔවුන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඉල්ලා අස්වීමේ ලිපි නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිංට බාර දීමට නියමිත බවත් ති‍්‍රණමූල් කොංග‍්‍රසයේ පක්ෂ නායිකාව මෙන්ම බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජී පවසයි. තම පක්ෂය රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළේ අගමැති සිං ඉකුත් සතියේ හඳුන්වා දුන් නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ජනතා හිතකාමී එකක් නොවන නිසා යැයි ද මහ ඇමැතිනිය අවධාරණය කරයි. එම නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට අගමැති සිං සූදානම් වේ. ති‍්‍රණමූල් කොංග‍්‍රසය පවසන්නේ ඒ හරහා ඉන්දීය සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්’ වනු ඇති බවත් එය රටේ ආර්ථිකය අගාධයට ඇද දැමීමට හේතුවක් වනු ඇති බවත්ය. තම පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වීමට තීරණය කළේ අගමැති සිංගේ රජය පෙරළා දැමීමට නොවන බව ද මහ ඇමැතිනී බෙනර්ජි අවධාරණය කරයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ති‍්‍රණමූල් කොංග‍්‍රසය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි
නසාර් Thursday, 20 September 2012 04:45 PM
අපේ අය නම් ලංකාවම වික්කත් යන්නේ නැහැ..!(නු)
මධු Thursday, 20 September 2012 02:58 PM
ලංකාවෙ තරම් ඉන්දියාවෙ දේශපානලය දූෂිත නැහැ..!(නු)