ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නරඹන්නන්ගේ ගැලරියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදීමෙනි.
තරුණයන් දෙදෙනා වට කර ගනිමින් අල්ලා ගෙන, ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, පසුව දිල්ලි පොලිසියටත් භාරදීමට කටයුතු කළේ මැති ඇමැතිවරුන් එක් වෙමිනි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද එම අවස්ථාවේදී සභාගර්භයේ සිටි බව පැවැසෙයි.
සභාගර්භයට එල්ල වුණු දුම් බෝම්බ ප්‍රහාරය ලොක් සභාවේ ආරක්ෂාවට එල්ල වුණු බරපතල තර්ජනයක් ලෙස සැලකෙයි.
ලොක් සභාවේ නරඹන්නන්ගේ ගැලරියට පැමිණෙද්දී, ස්ථාන පහකදී ආරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි කෙරේ. තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන්ට හොරොන් දුම් බෝම්බ සඟවාගෙන ආවේ කෙසේදැයි යන්නත් ගැටලුවක් වී ඇත.
දුම් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, දිල්ලි පොලිසියේ සහාය ඒ සඤඑා ලබා ගන්නා බවත් පාර්ලිමේන්තු කතා නායත ඕම් බ්‍රිලා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණයෝ දෙදෙනෙක් සභා ගැබේ යකා නටති
nissanka Thursday, 14 December 2023 12:09 AM
අනාගත වෑයමක අත්හදා බැලීමක් විය හැකියි.අපේ පාර්ලිමේන්තුවත් මෙයට අවධානය යොමුකල යුතුමයි
chandima Thursday, 14 December 2023 05:13 AM
ඔක එතරම් දෙයක් නෙමෙයි. පිටින් ආපු කොල්ලො දෙන්නෙක්නෙ යකා නටල තියෙන්නෙ? අපේ පාර්ලිමෙන්තුවෙ මන්ත්‍රිල ඇමතිලත් යකා නටන්නෙ?
විජිත් Thursday, 14 December 2023 05:41 AM
අපේ රටේ මේ වගේ සුන්දර දෙයක් සිදුවෙන්නේ කවදාද ? කියා රටේ බහුතරයක් මහජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින බව කවුද නොදන්නේ.හැබැයි...ඉන්දියාවේ වගේ " දුම් බෝම්බ " වලින් නොවෙයි. 225ක්වූ පව්කාරයින් සියලුදෙනාමත් උන්ගේ මහා එකාවත් දැවී අලුකරලා දාන්න හැකි " ලොකු ගිනි බෝම්බයක් " දමන්න පුළුවන් ජාතිමාමක ශ්‍රී ලාංකිකයෙක් හෝ දෙතුන් දෙනෙක් ඉතාම මෑත අනාගතයේ ...සුන්දර දවසකදී ... දියවන්නාවේ ඌරු මාලිගාවේදී මේ ගිනිදෙවියන් පුදන යාගයට සහභාගීවෙයි කියා බලා සිටිමි .
Bamunuarachchi Friday, 15 December 2023 06:09 AM
ජෙප්පොත් ඔය වැඩේ අපේ පාර්ලිමේන්තුවතුල ඕක කලා. එකෙන් තමයි ඇතුලත් මුදලිට මැදපු කමිස තුන නැති උනේ.