IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තයාට හිතක් පපුවක් නැත

අසිඑස්අසිඑස් ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ සිට ඉතා කෘෘර ලෙස ලොව ඉදිරියේම ඝාතනය කෙරුණු ඇමරිකා මාධ්‍යවේදී ජේම්ස් ෆොලී එවූ අවසන් ලිපිය අන්තර්ජාතික මාධ්‍ය වෙත ලබාදීමට ඔහුගේ දෙමව්පියන් කටයුතු කර ඇත.පහත දැක්වෙන්නේ එම ලිපියේ පරිවර්තනයකි.

අම්මා තාත්තා හා මිතුරන් වෙත ආදරයෙන්,

මට මතක් වෙනවා තාත්තා මා  වෙළදපොළට එක්ක ගිය හැටි.මට මතක් වෙනවා මම අම්මා එක්ක බයිසිකල් පැදපු හැටි. මගේ ජීවිතයේ හොද දේවල් ඔක්කොම මට මතක් වෙනවා.ඒවා මාව මේ සිරගෙදරින් ගොඩක් ඈතකට ගෙනයනවා. ඒ මතක මගේ හදවත සන්තෝසයෙන් පුරවනවා  .

මම දන්නවා ඔබ සියලූදෙනා මා වෙනුවෙන් දෙවියන් යදින බව. මමත් ඔයගොල්ලන් වෙනුවෙන් දෙවියන් යදිනවා.ඒ යදින්නේ ඔයාලායට ශක්තිය හා විශ්වාසය දෙන්න කියලා ඉල්ලලා.මෙහෙම දෙවියන් යදිනකොට මට ඔගොල්ලන් මගේ ළගම ඉන්නවා වගේ දැනෙනවා.මේ අඳුරු කුටියේ ඔයාලා මගේ ළඟම.  මගේ අතේ දුරින් ඉන්නේ.

එක් කුටියක අප 18 දෙනෙක් සිටිනවා.අපට ඕනෑ තරම් කාලය තියෙනවා ඕපා දූප කතාකරන්න. චිත්‍රපටි ගැන, ක්‍රීඩා ගැන,  ඔහොම ඔහොම එක එක දේවල් ගැන අපි පැය ගණන් කතා කරනවා. ඒ එක්කම අපිම හදාගත්ත සෙල්ලම් කරනවා.ඒවාට යොදාගන්නේ මේ සිරකුටියේ තැන තැන තියෙන එක එක කෑලි.ඔය එක්කම අපි චෙස්,දාම් වගේ සෙල්ලම් පුළුවන් විදිකට කරනවා.අපි අතර තරගාවලීත් තිබුණා.ඊළග දවසේ කරන්නේ මොනවාද කියලා සැළසුම් හදමින් දවස ගතකරපු වේලාවලූත් තිබුණා.කාලය ගෙවා දමන්න මේවා ගොඩක් උදවු වුණා. අපි ඇතැම් වෙලාවල හිනා වෙනවා.නිහඩතාවය බිද දමන්න.

අපට හොද වගේම නරක දවසුත් තියෙනවා.අපේ කෙනෙක් නිදහස් වෙලා යනවා කියන්නේ අප සියලූදෙනා සතුටු වෙන වෙලාවක්.ඒ එක්කම අපිත් නිදහස් කරනවානම් කියලා හිතෙනවා. අපි සියලූදෙනා සහෝදර බැම්මකින් බැඳිලා ඉන්නේ.කාටවත් වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් අපට පෙරට වඩා හොඳට සළකනවා.තේ කෝපි වගේ දේවලූත් ලැඛෙනවා.මගේ බරත් වැඩිවෙලා වගේ.

මගේ සහෝදරයින් ගැනත් සහෝදරිය ගැනත් මා නිතරම සිතනවා.මට මතකයි මයිකල් එක්ක මම කරපු සෙල්ලම්.වෘක මිනිහෙක් වගේ ඇදගෙන කළුවරේ එහෙ මෙහෙ දුවපු හැටි එහෙම.මේරි වයි ටී  එළවාගෙන කුස්සිය පුරා දුවපු හැටිත් මතක් වෙනවා.ඔවුන් ගැන සිතීමත් මට සතුටක්.මගේ බැංකු ගිණුමේ මුදල් ඉතිරිවෙලා තියෙනවනම් ඒ ඔක්කොම මයිකල්ටයි මැතිව්ටයි දෙන්න.මයිකල් ගොඩක් ස්තූතියි ඔයාට මා  ඒ කාලේ සතුටෙන් තිබ්බට.

ඒ එක්කම බිග් ජෝන්,ඔයා ජර්මනියේදී හම්බවෙන්න ලැබිච්ච එක ලොකු සතුටක්.ස්තූතියි මාව පිළිගත්තාට.රොරෝ ගැන මා නිතරම සිතනවා,ජැක් එහෙම මොනවා කරනවාද දන්නේ නැහැ.මා සිතනවා ඔහු රොරෝට කැමති වනු ඇතැයි කියලා.

මාක්,මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.දැන් ඔයා ඉන්නේ හිම පුවරු මත නැගිලා සෙල්ලම් කරමින්, බටහිර පැත්තේ කූඩාරම් ගහගෙන හෙම වෙන්න ඇති.මට මතකයි අපි දෙන්නා බොස්ටන්හි  කළ දේවල්. ඒ මතකයන් මට අලූත් බලාපොරොත්තු ගෙන එනවා.

කේටී, ඔයා ගැනත් මට ආඩම්බරයි. ඔයා තමයි අප අතරින් හොඳම ඒ එක්කම ශක්තිවන්තම කෙනා.හෙදියක් හැටියට ඔයා වෙහෙසවෙලා මිනිස්සුන්ට උදවු කිරීම ගොඩක් අගය කරන්න ඕනෑ දෙයක්. මට සතුටුයි උන් මාව අල්ලාගන්න ඉස්සෙල්ලා මට ඔයා එක්ක කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් වුනාට.මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ඔයාගේ විවාහ මංගල්‍යයට එන්න......මම දැන් කතා කරන්නේ හරියට ආච්චි අම්මා වගේ නේද?

ආච්චි අම්මේ,ඔයාගේ ඛෙහෙත් ටික හරියට ගන්න.හොඳට ඇවිදින්න,හොදට නටන්න. මම ආවහම ඔයා  මාර්ගරිටා එක්ක යන්නම්.මා වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න.මට ඔයාගේ උදවු ගොඩක් ඕනෑ වෙනවා මගේ ජීවිතේ ගොඩගන්න. ‘

ජිම්.



අදහස් (0)

ත්‍රස්තයාට හිතක් පපුවක් නැත

රසික Tuesday, 26 August 2014 04:34 PM

නිසාර් යුද්දේදී මිනිස්සු මරණ එක ආගම නාමයෙන්(දෙවියන්) මිනිස්සු මැරීම ගලපන්න උත්සහකිරිම ලැජ්ජා සහගත කරුණක් (නදී)

:       0       0

නන්ද Wednesday, 27 August 2014 04:46 AM

ත්‍රස්තයා ඇමෙරිකානුවෙකුගේ බෙල්ල කැපු එකට ලෝකයම අනුකම්පා කරනවා. කොටි ත්‍රස්තයෝ අරන්තලාවේ අපේ අහිංසක නායක හාමුදුරුවෝ ඇතුළු පුජ්‍ය පක්ෂය පෙති ගහපු කඩුපාරවල් සියගණනක් ගැන කතා කරන්න ඔය කටවල් වැහිලද තිබුනේ? (නි)

:       0       0

ප්‍රිමේෂිකා Wednesday, 27 August 2014 04:51 AM

මරන්න ගාල් කරලා ඉන්න හරක් කුකුල්ලු වගේ සතුන්ටත් ලියන්න පුළුවන් වුණා නම් මේ වගේ ලියුම් ගොඩක් බලන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

රන්ජි Tuesday, 26 August 2014 05:30 PM

ඒක ඇත්ත (දී)

:       0       0

සෙනරත් Wednesday, 27 August 2014 05:54 AM

මම නිසාර් එක්ක එකඟයි. ඇමෙරිකානුවෝ අනිත් රටවල සිද්ධ කරන අපරාද වලට විරුද්ධ වෙනවා නම් මේවා අඩු වෙනවා. ඇමෙරිකාව තමයි ලෝකේ වැඩිහරියක් ත්‍රස්ත සංවිදාන වලට උදවු කරලා ඔවුන් බලවත් කලේ. එයාලට පාලනය කරගන්න බැරිවෙනකොට තමයි ඇමෙරිකාවට ඒවා ත්‍රස්ත සංවිධාන විදියට පෙන්නේ. නැත්නම මොනතරම් මිනිමරුවත් ඔවුන්ට පෙන්නේ නෑ.(අ)

:       0       0

නුවන් Tuesday, 26 August 2014 06:55 PM

පලස්තීනයේ හමාස් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පාරේ පෙළපාලි යන අයට සිරියාවේ,ඉරාකයේ නිරායුධ මිනිසුන්ගේ ළමයින්ගේ බෙලි කපන ඒවාට කතා නැහැ.ඒවා පෙනෙන්නේ නැහැ වගේ ඉන්නවා (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 27 August 2014 07:02 AM

මෙය ඉතා පිළිකුල් කල යුතු මරණයක්. එහෙත් මේ ත්‍රස්තවාදීන් ඇති කලේ ඇමරිකාවේ එ්කාදිපති දරදඬු අපරාද නිසා. ලෝකයේ කිසිම් රටක් ඒ අපරාද විවේචනය කරනවා නම් ලිබියාවට කලා වගේ ඔවුන්ටත් දඬුවම් දෙන්න ඇමරිකාව හදනවා. රුසියාව නිහඩව උන් නිසා ලිබියාවට ගහල ජනපති මරල ඒ රට අවුල් කරලා තෙල් සම්පත මංකොල්ල කෑවා. සිරියාවටත් ඒ ටික කරනවා රුසියාව තදින් හිටියේ නැත්නම්. මේ විදියට ලයිසන් ගත්තු චන්ඩියෙක් වගේ වැඩ කරපු නිසා තමයි අද මේ වගේ කුරිරු ත්‍රස්තවාදීන් බිහි වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

සුධීර Tuesday, 26 August 2014 08:11 PM

ත්‍රසතවාදීන් ඉන්න තාක්කල් මේ ලෝකයේ පැවැත්මක් නැහැ. යන්නේ කොහෙද එතන ප්‍රශ්න.කවුද හිතුවේ චීනයට අල්කයිඩා ප්‍රශ්න වැටෙයි කියලා.මොනතරම් සාමකාමිව තිබුණ රටක්ද? (නි)

:       0       0

සිල්වා Wednesday, 27 August 2014 07:55 AM

ඉතාම දුක දනවන සිතට මහ කණගාටුවක් ඇතිවෙන ලිපියක්. ජීවිතය කොයි තරම් මිහිරි අමිහිරි උනත් අවසානය නැවත මතකයට නැගෙනවා. ඒ මතකය අපිව ජීවත් කරවන්න පොලබවනවා. අපි ජීවත් විය යුක්තේ කෙසේද ? යන්න මනාව පැහදිලි වෙනවා. (නදී)

:       0       0

සමන්ති Tuesday, 26 August 2014 11:37 PM

නිරායුධ සතුන් මරාදමන මිනිසුන්ට නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම පුදුමයක් නොවෙයි (නි)

:       0       0

මීනු Wednesday, 27 August 2014 12:25 AM

අනේ දෙවියනේ! මට පුදුම දුකක් ඇතිවුණා (නි)

:       0       0

සේරම් Wednesday, 27 August 2014 02:53 AM

වතුර රත්වනතුරු කකුළුවෝ චණ්ඩි තමයි (නි)

:       0       0

සේරම් Wednesday, 27 August 2014 02:53 AM

නිසාර්, ඉරාකයට සිදුවිය යුතුදේ සිදු වුණා. (නි)

:       0       0

නුවන් Wednesday, 27 August 2014 03:59 AM

මේ කුරිරු ත්‍රස්තවාදය හැකි ඉක්මනින් ලෝකයෙන් අතුගා දැමීමට සියලුම දෙනා එකතු විය යුතුය. (නි)

:       0       0

නිසාර් Tuesday, 26 August 2014 03:38 PM

නිරායුධ අය මැරීම අනුමත කරන්න බැහැ. ඉරකයෙ ලක්සගණන් අමරිකාව විසින් බෝම්බ ගහල මරපු අයට අම්මල තාත්තල නැද්ද, සහෝදර සහෝදරියන් නැද්ද, පොඩිකාලයක් තිබුන්නැද්ද. මේවා ලෝකයට පෙන්නන විකාර. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 672 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 528 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site