තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැවිරිදි පාකිස්තාන දැරිය පළමු වරට ආධාර සහිතව සිට ගැනීමට සමත්ව සිටින බව බි්රතාන්ය වෛද්‍යවරු පවසති. වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්යයට රැගෙන ආ මලාලා දැරිය මේ වන විට බර්මිංහැම්හි පිහිටි ක්වීන්එළිසබෙත් රෝහලේදී ප්‍රතිකාර ලබයි. මලාලාගේ රෝගී තත්ත්වය දිනෙන්දින යහපත් අතට හැරෙමින් තිබෙන බවත් ශ්වසන ආධාරක නළ හේතුවෙන් ඇයට කතා කිරීමට නොහැකි වූවද ඇය සිය අදහස් ලියා දක්වා ප්‍රකාශ කරන බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ඬේව් රොසර් සඳහන් කළේය. දැරියගේ හිසට එල්ල වූ වෙඩි පහරින් ඇයගේ ජීවිතය බේරී ඇත්තේ සෙන්ටිමීටරයක පමණ පරතරයකින් බව ද වෛද්‍ය ඬේව් පැවැසීය. තලේබාන් සටන්කාමීන්ගේ අන්තවාදී ෂාරියා නීතිය හෙළා දකිමින් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට මලාලා වෙඩි ප්‍රහාරයට ලක් විය. ඒ, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පදිංචි ඇය අමතර පංතියකට සහභාගී වී පාසල් බස් රියෙන් සිය නිවෙස බලා යෑමට සැරසෙද්දීය. එහිදී බරපතළ තුවාල ලැබූ මලාලා පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර හමුදා රෝහලකට ඇතුළු කළ අතර අනතුරුව වැඩිදුරට ප්‍රතිකාර සඳහා විශේෂ ගුවන්යානයකින් බි්රතාන්යයට රැගෙන එනු ලැබිණි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලේබාන් වෙඩි ප්‍රහාරයට ලක් වූ මලාලා දැරියගේ සෞඛ්‍ය යහපත් අතට
සාෆීන් Wednesday, 24 October 2012 07:10 PM
මලාලා දැරියට අල්ලාහ්ගේ පිහිට ලැබේවා! ශරීහා නීතිය ඇත්තේ සාමයෙන් පිරී ජීවිතයක් මනුෂ්‍ය සංහතියට දායාද කිරීමටයි. සමහර නොදන්නා අය මෙන්ම හොදින් දන්නා අයද මෙයට වැරදි නිර්වචන දීමෙන් මෙම ශරීහා යන වචනයට අද සමහර අය බියට පත්වනවා. සමාජයේ ලෞකික මෙන්ම අධ්‍යාත්මික ජීවිතය යහපත් උසස් තත්වයක පවත්වා ගැනීමට ශරීහා උපකාරී වේ. ශරීහා නීතියේ 5% වැඩ අඩුවෙන්ම දණ්ඩ නීතිය දැකිය හැකිවනු අතරම 95% කම ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයට අයත් නීතියයි. (නි)
තුෂාර Wednesday, 24 October 2012 07:13 AM
මෙහෙම සිංහලෙන් ඉක්මන් සුවය පැතුවා කියලා එයාට තේරෙන්නේ නැහැනේ. (නි)
නසාර් Monday, 22 October 2012 04:54 PM
මෙවැනි ලෝකයක නැවත බිහි නොවේවා , මෙවන් දුකක් කිසිවෙකුට සිදු නොවේවා..(ස)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 22 October 2012 05:09 PM
රෝගී තත්ත්වයෙන් යහපත් අතට හැරෙමින් තිබෙන ඔයාට තව තවත් ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමූ....!! (නි)
වෙනුර Tuesday, 23 October 2012 07:12 AM
මෙය අල්ලා දෙවියන්ගේ නීතිය නොව මුස්ලිම් අන්තවාදීන්ගේ නීතියයි. (නි)
ලලිත් - කටාර් Tuesday, 23 October 2012 07:21 PM
සත්‍යය ජයවේවා! (නි)
ලාල් Monday, 22 October 2012 05:52 PM
ඉක්මන් සුවය පතමු. (නි)
චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 03:07 PM
ත්‍රස්තවාදය ලොවින් තුරන්කර යුතුයි . අසරණ දැරියට ඉක්මන් සුවය (ස)
මහේන් Tuesday, 23 October 2012 07:55 PM
ඉක්මන් සුවය පතමි. (නි)
චමින්ද Tuesday, 23 October 2012 08:45 AM
මුස්ලිම් අන්තවාදියෝ හිතන්නේ එයාලගේ ආගම විතරයි තියෙන්න ඕනෑ කියලා. (නි)
චන්ද්‍රා Monday, 22 October 2012 06:11 PM
හොද ප්‍රවෘත්තියක්. (නි)
නාරද Tuesday, 23 October 2012 08:03 PM
මේ ළමයා ඉල්ලුවේ 6% නෙමෙයි නේද? මේ ළමයා එක්ක බලනකොට අපේ ළමයි (සහ ඇදුරුතුමන්ලා) කොරන්නේ පිස්සු නේද? (නි)
හර්ෂණ Monday, 22 October 2012 12:02 PM
දුවේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)
රුක්ෂලා Monday, 22 October 2012 12:09 PM
නංගියේ ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!!(ස)
මොහොමඩ් Monday, 22 October 2012 06:39 PM
තලේයිබාන් සටන්කාමීන්ට සාපකරමින් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)
නදීරා Tuesday, 23 October 2012 09:22 AM
නංගියේ, ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
තුෂාර Wednesday, 24 October 2012 09:34 AM
ශ්‍රේෂ්ඨ මිනිසුන් මැරෙන්නෙ නැහැ පුතේ. (නි)
නුවන් Wednesday, 24 October 2012 09:52 AM
ඇයි මානව හිමිකම් සංවිධාන වලින් කතා නැත්තේ? (නි)
ඉනෝකා Monday, 22 October 2012 06:54 PM
මෙ එඩිතර පුංච් කෙල්ල ගැන ලංකාවේ සිට කුරානය වෙනුවෙන් පෙළපාළි යන මුස්ලිම්වරුන්ට වෙදනාවක් හැගීමක් ඇත්තේම නැද්ද? මේවා මහපොළව නුහුලන අපරාධ. මොවුන්ට ස්වාභාව ධර්මයා දඩුවම් දෙනවාමයි. නංගියේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා!! (නි)
පද්මි Tuesday, 23 October 2012 09:50 AM
මේ දරුවා මීට පසු නිදහසේ ජීවත් වේවි (ස)
සුප්රා Monday, 22 October 2012 07:11 PM
මෙහේ ඉන්න මුස්ලිම් කට්ටිය දැන් මොන පැත්තේද? (නි)
ජනක Tuesday, 23 October 2012 08:57 PM
නංගියේ, ඔයාට ඉක්මන් සුව ලැබෙනවා. (නි)
මුසයින් Tuesday, 23 October 2012 03:51 PM
ඉනෝකා, මුස්ලිම් අන්තවාදීන් කරන දේවල් ඇයි මුස්ලිම් මිනිසුන්ගෙ ඇගේ ගහන්නෙ? මේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා කිසිම මුස්ලිම් ජාතිකයෙක් ත්රස්තවාදීන් කරන දෙවල් අනුමත කරන්නෙ නැහැ. කණ්ඩායමක් කරන දේකට ජාතියක් පළිත් නැහැ. සුප්රා, පැහැදිලිවම මුස්ලිම් මිනිස්සු ඉන්නෙ මේ දැරිවිගෙ පැත්තෙයි. වෙනුර, අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි චමින්ද, ඒගොල්ලන්ට අන්තවාදීන් කියන්නෙ ඒ නිසානෙ..? (නි)
නිමල්-රියාද් Tuesday, 23 October 2012 09:26 PM
එඩිතර දියණියේ, නුඹගේ හිත හයියයි. එම ශක්තියේ බලය නුඹ සමගයි. (නි)
නන්ද හිමි Wednesday, 24 October 2012 11:41 PM
ආයුධ ගත්තෝ ආයුධයෙන් නසී. නැගණියෙනි, ඔබට ඉක්මන් සුවය! (නි)
රූපා Monday, 22 October 2012 08:08 PM
සති ගණනාවක් තිස්සේ දුක්විදින ඔබට ඉක්මන් සුවය ලැබේවා...ඔබ අදහන දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා (ස)
කීත් Monday, 22 October 2012 08:09 PM
දුවේ ඹයාට ඉක්මන් සුවය ලැබේවා (අ)
ෂෙරීෆ් Monday, 22 October 2012 09:36 PM
ත්රස්තවාදීන් මෙලොවින් තුරන් කර දැමිය යුතුයි. (නි)
චන්ද්‍රා Wednesday, 24 October 2012 04:48 PM
මානව හිමිකම් සංවිධාන වලට මේවට ඩොලර් හම්බෙන්නේ නෑ (ස)
චන්දන Tuesday, 23 October 2012 11:06 PM
ඔබට නිරෝගී සුව
සේනානායක Monday, 22 October 2012 11:23 PM
දියණිය, ඔබට ඉක්මන් සුව! (නි)