වයඹදිග පාකිස්තානයේ හමුදා මුරපොළකට තලෙයිබාන් සටන්කාමීන් ඊයේ(29) එල්ල කළ ප‍්‍රහාරයකින් හමුදා භටයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුරන්ග් බාබා සියාරට් ග‍්‍රාමයේ පිහිටි හමුදා මුරපොළ වෙත කඩා වැදුණු අත්බෝම්බ සහ රොකට්වලින්වලින් සන්නද්ධ සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබ ඇත. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් දස දෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ. පාකිස්තානයේ ගෝත‍්‍රික ජනයා වාසය කරන වසිරිස්තාන් ප‍්‍රදේශයේ අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ සටන්කාමීන්ගේ කඳවුරු පිහිටා ඇත. මෙම සටන්කාමීන් මර්දනය කරන ලෙසට පාකිස්තාන රජයට ඇමෙරිකාවෙන් නිරතුරු බලපෑම් එල්ල වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කි‍්‍රයාත්මක කළ මෙහෙයුම්වලින් පාකිස්තාන හමුදාභටයන් 3000ක් පමණ මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තලෙයිබාන් ප‍්‍රහාරයෙන් පාකිස්තාන හමුදා භටයන් 8ක් මරුට