IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


තලේබාන් නියෝජිතයෝ ජපන් ගිහිල්ලා

ඇෆ්ගන් රජය නියෝජනය කරමින්, එරට තලේබාන් නියෝජිත කණ්ඩායමක්, ජපානයේ නිල සංචාරයක යෙදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්ගන් තලේබාන්වරුන් කණ්ඩායමක් මෙසේ ජපානයේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගත්තේ, 2021 වසරේදී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කර පිටවී යෑමෙන් අනතුරුවය.

බලයට පත්වීමෙන් පසු තලේබාන්වරුන්, ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතිය ක්‍රියාවට නැංවීය. එම ෂරියා නීතිය යටතේ, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තා නිදහස ද සම්පූර්ණයෙන් සීමා කර ඇත. පණ ඇති කිසිවක් ඡායාරූප ගත කිරීම පවා දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.

තලේබාන් රජයේ මෙම ක්‍රියා කලාපය, ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. මේ නිසා, ඇෆ්ගන් තලේබාන් රජය ලොවෙන් හුදෙකලා වී ඇත. එබැවින්, තලේබාන්වරු, ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.

ජපාන සංචාරයේ දී, තලේබාන්වරුන් සහ ජපන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ජපන් ආර්ථිකය නංවාලීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.



අදහස් (0)

තලේබාන් නියෝජිතයෝ ජපන් ගිහිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

යුක්රේන ජනාධිපති ඒකාධිපතියෙක් - ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 20 293 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.


මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි
2025 පෙබරවාරි මස 20 1888 1

පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම


යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම සතුටක් - පුටින්
2025 පෙබරවාරි මස 20 1604 1

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ


ඉතාලි අගමැතිනිය පාප්තුමා බලන්න යයි
2025 පෙබරවාරි මස 20 908 1

ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන


සන්නද්ධ අපාරාධ කල්ලි ත්‍රස්තවාදීන් ලෙස සලකනවා - ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 20 922 1

ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිප


ඉන්දියාව සමඟ බිලියන ගණනින් ආයෝජන
2025 පෙබරවාරි මස 19 248 0

ඉන්දියාවේ සංචාරය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ඉන්දියාවේ ආයෝජන සඳහා ඇමෙරිකන් ඩොලර


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 62 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 374 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 162 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site