IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


තවත් ඉතාලි සැප නැවක් ඉන්දියන් සාගරය මැද අනතුරේ

මීට මාසයකට පමණ පෙර ඉතාලියේ ජිග්ලියෝ නමැති දූපත අසල කොරල් පරයක ගැටී පෙරැළී ගිය, කොස්ටා කොන්කෝඩියා නමැති අධි සුඛෝපබෝගී කෲස් නෞකාව අයත් නැව් සමාගමේ තවත් සුඛෝපභෝගී නැවක් පෙරේදා (27) ඉන්දීය සාගරය මැදදී අනතුරට පත්විය. කොස්ටා ඇලෙග‍්‍රා නමැති එම නෞකාව අනතුරට පත්වූයේ සීෂෙල්ස් දූපත් අසලදීය. අනතුරට හේතු වී ඇත්තේ නැවේ විදුලි බල සැපැයුම් පද්ධතියේ හටගත් දෝෂයකි. විදුලි බලය නොලැබී යෑමෙන් නැව මුහුද මැද නතර විය. කෙසේ නමුත් එයින් නැවේ ගමන් කළ කිසිවකුටවත් අනතුරක් සිදුනොවිණි. ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් කියා සිටියේ කොස්ටා ඇලෙග‍්‍රා නැවේ මගීන් 636 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 413 දෙනකු සිටි බවය. මේ වනවිටත් නැව මුහුදේ පාවෙමින් ඇති අතර හෙලිකොප්ටර ආධාරයෙන් නැවේ සිටින පිරිස් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් නැව ඇදගෙනයාමටත්  ඉතාලි වෙරළාරක්ෂකයන් සහ සීෂෙල්ස් දූපත් බලධාරීහු පියවර ගෙන ඇත. කොස්ටා කොන්කෝඩියා නැවට වඩා ඇලෙග‍්‍රා නැව ප‍්‍රමාණයෙන් කුඩාය. ඇලෙග‍්‍රා නෞකාවේ බර ටොන් 28,597 ක් වන අතර දිග මීටර් 188 කි. විදුලි බල සැපයුම හානි වී මුහුදේ පාවෙමින් ඇති කොස්ටා ඇලෙග‍්‍රා නැව



අදහස් (0)

තවත් ඉතාලි සැප නැවක් ඉන්දියන් සාගරය මැද අනතුරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2739 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5471 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 145 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 250 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 491 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 90 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 484 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1984 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site