IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්

 

මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

පර්යේෂකයන් පවසන්නේ 2019 දී මේ වයිරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු බොලීවියාවේ අගනුවර වන ලාපාස් නගරයෙන් හමුවූ අතර ඔවුන්ගෙන් සෞඛය සේවකයන් තිදෙනකුට වයිරසය සම්ප්‍රේෂණය වී තිබූ බවයි. පළමුව ආසාදනය වූ රෝගියකු සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනකු මේ වයිරසය හේතුවෙන් මියගොස් තිබේ. 2004 දී ලාපාස් සිට සැතපුම් 370ක් නැගෙනහිරින් පිහිටි චපාර් ප්‍රදේශයේ පුද්ගලයන් අතර පැතිර ගියේ මේ වයිරසය බව ද හඳුනාගෙන ඇත. එබැවින් මේ නව වයිසරයට “චපාර්” ලෙස නම් තබා ඇත.

මේ වයිරසය පිළිබඳ පර්යේෂණ සිදුකළ රෝග කාරක හා ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයකු වන කේට්ලින් කොසබුම් මහතා පවසන්නේ වයිරසය මිනිසාගේ ශරීර තරල වලින් ආසාදනය විය හැකි බවයි. ඔහුගේ පර්යේෂණවලින් සනාථ වන්නේ මෙම වයිරසය මිනිසා අතරට පැමිණ ඇත්තේ මීයන්ගෙන් බවයි.

කොවිඩ්–19 වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනය වන වයිරස වලට වඩා තරල හරහා පැතිරෙන වයිරස් සිරුරට ඇතුළු වීම පහසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ලොව පුරා විද්‍යාඥයන් මේ ගැන වඩාත් බියක් පළකිරීමට හේතු වී ඇත්තේ මේ හේතුවෙනි.

මෙම නව වයිරසය වැළඳුණ රෝගීන්ට උණ, උදර වේදනාව, වමනය, විදුරුමස් ලේ ගැලීම, සමේ කැක්කුම සහ ඇස් පිටුපස වේදනාව ඇතිවන බව කොසබුම් මහතා පවසයි. මේ සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් එය මිනිසුන් අතර පැතිරයාම ආරම්භ වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම අනතුරු හඟවයි.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ වසර කිහිපයක් මේ වයිරසය හඳුනා නොගෙන මිනිසුන් අතර සංසරණය වී ඇති බවයි. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ දක්වන වයිරසයක් බැවින් ඇතැම්විට ඩෙංගුයැයි වැරදි ලෙස වටහාගන්නා බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

බොලීවියාවේ සිටින ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරන්, බොලීවියාවේ සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛය සංවිධානයේ නියේාජිතයන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩයාම මෙම වයිරසය ඉක්මණින් හඳුනාගැනීමට අවශ්‍ය වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේදයන් වැඩිදියුණු කර තිබේ.

“චපාර්” වයිරසය පිළිබඳ තවමත් නෙදන්නා දේ බොහෝ තිබිය දී මේ කණ්ඩායම රෝග විනිශ්චය සඳහා වූ පර්යේෂණ දියුණු කිරීමටත්, මිනිසාාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කිරීමටත් මීයන්ගෙන් වයිරසය පැමිණි බව අනාවරණය කරගැනීමත් ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ජොයෙල් බ්‍රෙමන් පවසයි.

ද ගාඩියන් ඇසුරණි

085



අදහස් (1)

තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්

Rasi Friday, 20 November 2020 03:15 AM

Facebook වල කොටලා වත්, පාර්ලිමේන්තුවෙ වැඩක් නැති ඒවාට ගහගෙන වත්, ලෝකය ඉදිරියේ ඇති අභියෝගවලට ලංකාව සූදානම් කළ නොහැකි බව මේ රටේ වැසියන් මෙන්ම දේශපාලකයින් තේරුම් ගනිත්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 16 30 0

මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1844 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1427 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි
2024 නොවැම්බර් මස 14 587 0

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 1759 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 1146 1

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site