IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


තුවාල ඉබේ වේළෙන හමක් හදයි

තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී  විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිතිග

මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියතිග

ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහග

මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසතිග

මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේග

අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්යග

පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇතග



අදහස් (0)

තුවාල ඉබේ වේළෙන හමක් හදයි

ශා.බණ්ඩාර Friday, 04 April 2014 09:47 AM

මැරෙන්නේ නැති අමි එකක් හදාගෙන අපිට වගේ රට වලට ගහන්ඩ හිතනවද දන්නේ නැ. අපිත් අර තෙල් බෙහෙත කාලීනව දියුණු කරලා හදමුද එහෙම අාමි එකක්? (නදී)

:       0       0

විලියම් Wednesday, 02 April 2014 11:57 AM

ඇමරිකාවේ ඉන්නෙ තුවාලයක් වුණහම සදහටම ඒ තුවාලය හිලක් වගේ තිබෙන අයද? එහෙනම් ඒ අනිත් රටවල් වලට කරන කෙනෙහිලිකම් වල විපාක වෙන්න ඇති. අපිට නම් ස්වභාව ධර්මයෙන්ම ඒ දායාදයක් ලැබිලා තිබෙනවා. ඉස්සර නම් නවමු පර්යේෂණයක් ගැන කිව්වාම අපිට ගොඩක් ආඩම්බරයි. දැන් නම් බයයි. මොකද අද කන හාල් ඇටෙත් වස!!! ඔන්න ඕකයි බටහිරයන්ගේ සොයාගැනීම් වල ප්‍රතිපල. (නි)

:       0       1

විලියම් Wednesday, 02 April 2014 12:41 PM

කෘත්‍රීම මාංශ පේෂී ඕනේ නැහැ. අතුරු ආබාධ කෝටියයි. ඒත් කොහොමත් පිටරට දේ ලොකුයිනෙ අපේ අයටත්.. මං දැකලා තියෙනවා මම ගාලා තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩවලින් දෙන තෙලක් නම මතක නැහැ. ගෑවාම ඕනම සුලු තුවාලයක් ඉක්මණින් හම හා වෙනවා. එච්චර ගාණකුත් නැහැ. (ස)

:       0       0

ටින් ටින් Thursday, 03 April 2014 06:14 PM

රට ජාතිය මොනවා වුණත් මේ වගේ සොයාගැනීම් ඉතාම වැදගත් දෙයක් හැටියට මම නම් දකින්නේ. දියවැඩියාව තිබෙන මනුස්සයෙක් අනතුරකට ලක්වෙලා තුවාල හොඳ කරගන්න අවුරුදු ගානක් දුක් විඳිනවට වඩා මේ වගේ දෙයකින් ඒ මනුස්සයා සනීප කරන්න පුළුවන් නම් හොඳ නැද්ද? (නි)

:       0       0

දොන් පෙරේරා ලන්ඩන් Friday, 04 April 2014 01:22 PM

සකුරා ඔබ කියන දෙය තේරුම් ගන්න මිනිස්සු ලංකාවේ නැහැ.(දිල්)

:       0       0

මාලි Thursday, 03 April 2014 08:14 PM

මම නම් හිතන්නේ මේකෙන් වැඩිපුරම වාසි සැළසෙන්නේ දියවැඩියා රෝගීන්ට (නි)

:       0       0

සකුරා Wednesday, 02 April 2014 02:01 PM

උසස් සොයා ගැනීමක්. රිය අනතුරු,හදිසි අනතුරු වලින් චප්ප වෙන කුඩු වෙන තත්වයන්ට ඉතා හොඳ වෙයි. විලියම් සහෝදරයා, ඉරිසියා කර කර නොඉඳ අර උද්ඝෝෂණ කර කර ඉන්න අපේ ආයුර්වේද මල්ලිලට ගිහින් කියල බලන්ට පරේෂණ ගවේෂණ කරලා ඔය කල්ක චුර්ණ නුතන යුගයට සරිලන ලෙස වැඩි දියුණු කරන්නට කියලා. (ස)

:       0       0

ඉන්දික Wednesday, 02 April 2014 02:28 PM

සකුරා, ඔයාට ඇමරිකාව හැදුවොත් ඉස්තරම්. නමුත් ලංකාව කළොත් ඒක කිසිම වැඩක් නැහැ. ඕවා ප්‍රචාරක වැඩ. එක පාරක් ඇමරිකාව යුද්ධ වලදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් ලේ කුඩු පැකට් හැදුව කිව්වා. ඒකට පිරිසුදු වතුර විතරයි දාන්න ඕනේ. කෝ දැන් ඒවා? තමන් ගොඩක් දියුණුයි කියල පෙන්නන මොනවා හරි කියනවා. අර විලියම් කිව්වා වගේ කැටවල තෙල් ටිකක් ගෑවම තුවාලවල මස් ලියලනවා. මගේ එහෙම වෙලා තියෙනවා.(නදී)

:       0       0

නීලා Thursday, 03 April 2014 01:23 PM

කවුද හිතුවේ රැහැන් ඇති දුරකථන ගැන.රැහැන් නැති දුරකතන ගැන. විවිධාකාර බද්ධ කිරීම්, ප්ලාස්ටික් ශල්‍ය කර්ම මෙකි නොකී මේ හැම දෙකම විශ්වාස කළ නොහැකි දේවල් හැටියට තමා සඳහන් වෙන්නේ. හරියට විලියම් කිවා වගේ. (ස)

:       0       0

හේවාවිතාරණ Friday, 04 April 2014 01:31 AM

අපේ මුතුන් මිත්තෝ ඕවා සොයා ගත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 578 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site