තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් විය. පේටොංටාන් ෂිනවාත්‍රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්සින් ෂිනවාත්‍රාගේ දියණියයි.
38 හැවිරිදි පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතුව වූයේ, අගමැතිය ඇගේ පියා තක්සින් ෂිනවාත්‍රාගේ රූකඩයක් යැයි චෝදනා කරමිණි.
තක්සින් ෂිනවාත්‍රා, නූතන තායිලන්ත දේශපාලනයේ කැපී පෙනෙන චරිතයකි. දූෂණ චෝදනා එල්ල වී අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසු, තක්ෂින් ෂිනවාත්‍රා, අත්අඩංගුවෙන් බේරී වසර 15 ක් තිස්සේ විදෙස්ගතව ජීවත් විය. තක්සින් ෂිනවාත්‍රා, තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2001 සිට 2006 දක්වා කාලයේය.
තක්සින් ෂිනවාත්‍රා 2023 වසරේ දී යළි තායිලන්තයට පැමිණියේය. එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැණුනු අතර, චෝදනා සම්බන්ධයෙන් අවුරුදු 8 ක සිරදඬුවම් නියම කෙරුණි. කෙසේ නමුත් එය මාස කීපයකට සීමා වුණු අතර, තක්සින් ෂිනවාත්‍රා නිදහස් විය.
අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහි විශ්වාසභංගය, දින දෙකක් විවාදයට ගැණුනු අතර අවසානයේ ඊයේ (26) දිනයේ, ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරියට එරෙහිව, විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 162 ක් හිමිවුණු අතර, අග්‍රාමාත්‍යවරියට සහාය දක්වමින් හිමිවුණු ඡන්ද ගණන 319 කි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපු
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්
‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබ
මියන්මාර භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත.
මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් සහ ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් අතර හමුවක් පැවැත්විණි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි