තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරැණයකු සහ තරුණියකි. ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව ද පැවැසෙයි. ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමෙන් ත්‍රස්ත යුවළ මියගිය බව ද පැවැසෙයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. එසේ වුවත්, තුර්කි ආරක්ෂක අංශ සහ තුර්කි රජය චෝදනා කරන්නේ එය කුර්දි බෙදුම්වාදීන් වන පී.කේ.කේ. සාමාජිකයන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බවටය.
(ඒ.එෆ්.පී.)
ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ
මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 110 ක වේගයකින්, ‘ඩානා’ සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ 2
උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
1960 දශකයේ, ‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 86 කි.
තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්