IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

(විමුක්ති එස් රුද්‍රිගු)

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය 3 වැනිදා දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි ඒ පිළිබඳව විමර්ශනය කරන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (29) රාත්‍රියේ කළ ඉල්ලීම පිළිගනිමින් සෝල් අධිකරණය යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීම සඳහ අද (31) වරෙන්තු නිකුත් කළේය.

හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ වනවිට දේශද්‍රෝහී වූ බවට සහ විධායක බලය අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ පිළිබඳව එරට නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වයි.

ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින්න යැයි නීතිපති දෙපාර්තමේන්තුව සති 2 ක් තුළ නිකුත් කළ සිහි කැඳවීම් තුනකට හිටපු ජනපති යුන් සුක් යෝල් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්න යැයි සෝල් අධිකරණයෙන් ඉල්ලා සිටි බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇත.

වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයන්ට එළැඹෙන 6 වැනිදා දක්වා කාලය තිබෙන බවත් අවශ්‍ය නම් දිගුවක් ඉල්ලා සිටි හැකි බවත් සෝල් අධිකරණය හිටපු ජනපතිවරයාට එරෙහිව වරෙන්තුව නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට හැකියාව ලැබුණහොත් ඔහුව සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියමිත බවද පැවැසෙයි.

කෙසේ වෙතත් හිටපු දකුණු කොරියානු ජනපතිවරයාගේ නීතිඥයන් දැඩිව මේ පිළිබඳව විරෝධය පළ කර ඇති අතර දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට විමර්ශන මග හැර සිටීමට කිසිම හේතුවක් නොමැති බවද පවසා ඇත.



අදහස් (0)

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය
2025 ජනවාරි මස 04 1144 0

චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සා


චීනයේ තවත් කොරෝනා වයිරසයක්
2025 ජනවාරි මස 03 4331 0

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති


නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1187 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1149 0

මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල


අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
2025 ජනවාරි මස 02 2804 3

නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.


ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 135 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 402 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 205 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 190 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site