IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

පුද්ගලයන් 181 දෙනකු රැගෙන, තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට පැමිණි, දකුණු කොරියානු මගී ගුවන් යානයක් අද (29) උදෑසන අනතුරට පත් විය.

අනතුරින් දෙදෙනකු පමණක් බරපතතල තුවාල ලබා දිවි බේරා ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ, මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. යානය ගුවන් පථයට ගොඩබාද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පිපිරිණි. 

යානය එක් වරක් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගත් බවත්, එය අසාර්ථක වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එය අනතුරට පත් වූයේ දෙවැනි වර ගොඩබද්දීය. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

යානයේ සිටි 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. මගීන්ගෙන් වැඩි දෙනා කොරියානුවන් බවත්, තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනතුරින් බරපතල තුවාල ලබා පණ බේරාගත් බව පැවැසෙන්නේ, ගුවන් සේවිකාවන් දෙදෙනෙකි.

යානය ගුවන් පථයේ ලිස්සා, එයින් පිටපැන ගොස් හැපී, පුපුරා ගිනි ගනිද්දී, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී නිවා දැමීමට යුහුසුළු වූහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 32 ක් යොදා ගැනුණි.

අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. ජේජු යනු දකුණු කොරියාවේ විශාලතම සකසුරුවම් ගුවන් සේවයයි. 
මගී යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ

වේලාවෙන් අද (29) උදෑසන 9.03 ට පමණය. යානය බැංකොක් අගනුවරින් පිටත් වී ඇත්තේ අද අලුයම 2.29 ටය. 
යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම කළු පෙට්ටියේ දත්ත අනුව, අනතුරට හේතුව නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

දකුණු කොරියාව මේ වනවිට දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් ද මුවන් ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සහ අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. චෝයි සංග් මොක් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම තනතුරට පත්වූයේ පසුගිය 27 වැනිදාය.

 

(Yonhap පුවත් සේවය ඇසුරිනි)



අදහස් (0)

දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 71 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 545 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 1467 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට
2024 දෙසැම්බර් මස 31 1080 0

සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර ස


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 දෙසැම්බර් මස 31 836 0

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි
2024 දෙසැම්බර් මස 31 177 0

දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 317 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 179 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 158 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site