බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත සභා මැතිවරණ පෙරේදා (30) ආරම්භ විය. ඡන්ද පොළ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 75,000 යොදවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. පන්ජාබ් ප‍්‍රාන්තයේ දැනට බලයේ සිටින්නේ කොංග‍්‍රස් පක්ෂයයි. පන්ජාබ් ප‍්‍රාන්තය පිහිටා තිබෙන්නේ ඉන්දු/පාකිස්තාන දේශ සීමාවට යාබදවය. ඉන්දියාවේ ආහාර ගබඩාව ලෙස සැලකෙන පන්ජාබ් ප‍්‍රාන්තය ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ ගම් ප‍්‍රදේශය ද වන හෙයින් බහුතරයක් කොංග‍්‍රස් පක්ෂයට සහාය පළ කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ වන විට උත්තරකාන්ද් ප‍්‍රාන්ත සභා මැතිවරණය ද ආරම්භ වී ඇත. උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ බලය පවතින්නේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ඔවුන් මෙවර උත්සාහ ගන්නේ එම බලය දිගටම පවත්වා ගැනීමටය. ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹුණේ ඉකුත් 28 වැනිදාය. මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි පහරවලින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මනිපූර් පොලිසිය කියා සිටියේ එය ඉන්දීය රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින නාගලන්ත මාවෝවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් එල්ල කළ කුරිරු ප‍්‍රහාරයක් බවය. ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභා මැතිවරණය මෙම මස 8,11,15,19,23,28 සහ මාර්තු 3 වැනිදා පියවරෙන් පියවර පැවැත්වීමට නියමිතය. කුල හීන කාන්තාවක වන මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන පක්ෂය සමඟ කොංග‍්‍රස් පක්ෂය උත්තර ප‍්‍රාන්තයේ බලය ලබා ගැනීමට තියුණු සටනක් මේ වන විටත් ආරම්භ කර ඇත. දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට ලක්වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීම මෙම ප‍්‍රාන්ත මැතිවරණවල ප‍්‍රධානම අරමුණ වේ. සියලූම ප‍්‍රාන්ත ඡන්ද ප‍්‍රතිඵල මාර්තු 6 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරැඹේ