IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


දින 3 කට ආසාදිතයන් 8,20,630 ක්

ගතවුණු තෙදින පුරා උතුරු කොරියාවෙන් උණ රෝගීන් 8,20,630 දෙනකු වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් 12 දෙනකු මියගිය බවත්, මෙම 'උණ රෝගයට' ගොදුරු වුණු සමස්ත උතුරු කොරියානුවන් ගණන මේ වනවිට 42 ක් බවත්, එරට රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

උතුරු කොරියාව දරුණු 'උණ රෝගයකට' ගොදුරු වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. එම 'උණ රෝගය' කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය යැයි තහවුරු වෙද්දී, රෝගය රට පුරා වයාප්තවී අවසන් යැයි සෞඛ්‍ය අංශ පවසා තිබේ.

'කොවිඩ් 19' ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ කට්ටල උතුරු කොරියා සෞඛ්‍ය අංශ සතුව නොමැති අතර, විදේශවලින් ලැබුණු පරීක්ෂණ කට්ටල යොදා ගනිමින් අහඹු ලෙස පරීක්ෂා කරද්දී, උණ රෝගීන් යැයි කී සියලු දෙනා 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දෙන්නේ උතුරු කොරියාවේ 'ඔමික්‍රොන්' සහ 'ඔමික්‍රොන්' උප ප්‍රභේද දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවය.

ආසාතියන් ලෙස හමුවී ඇති 8,20,630 දෙනා අතුරින් ප්‍රතිකාර අවශ්‍ය යැයි පැවැසෙන්නේ 3,24,550 කට පමණක් යැයි ද පැවැසෙයි. උතුරු කොරියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී තිබේ. ඒ, එරට 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත්තේ 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් උතුරු කොරියාවට ඔරොත්තු නොදෙන බවත්, උතුරු කොරියානුවන්ගේ ජීවිත උඩුයටිකුරු කිරීමට 'කොවිඩ් 19' වසංගත තත්ත්වය හේතුවක් වනු ඇති බවත්ය. උතුරු කොරියානුවන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන නොමැත.

වයිරසය සියලු ප්‍රාන්ත සහ පළාත්වලට ව්‍යාප්තවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය සෞඛ්‍ය ප්‍රධානීන්ට දොස් නගා ඇතැයි බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

වයිරස ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවන පළාත්, ප්‍රාන්ත සහ නගර ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇති අතර, එම ලොක් ඩවුන් කිරීම් හේතුවෙන් කම්හල් වැසී ගොස් කෘෂි කාර්මික කටයුතු පවා අඩපණ වී ඇතැයි පැවැසෙයි. යොංග්යැංග් අගනුවර ද රෝග ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවන බව ද උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

(බීබීසී)



අදහස් (0)

දින 3 කට ආසාදිතයන් 8,20,630 ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 26 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 36 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 13 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 15 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 308 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site