IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


දුප්පත් ජනපති දුප්පතාට පිහිට වෙයි

ලොව ඇතැම් රාජ්‍ය නායකයින් ආරක්ෂක රථ පිරිවරාගෙන මහ මග ගමන්කරන්නවුන් සතයකට මායිම් නොකර යද්දී ලොව දිළිඳුම ජනපති ලෙස හැඳීන්වෙන උරුගුවේ පාලක ජෝසේ මුජිකා පාරේ අතරමංව සිටි පුද්ගලයෙකුට පසුගියදා තම දුප්පත් වොක්ස්වාගන් මෝටර් රථයේ ඉඩ ලබාදුන්නේය.

එම අතරමංව සිටි පුද්ගලයා පවසන ආකාරයට මේ සිටින්නේ රටේ ජනාධිපති යැයි ඔහු දැනගෙන ඇත්තේ මෝටර් රථයට ගොඩවූවාට පසුය.ජනපතිවරයාගේ මෝටර් රථය පැමිණීමට පෙර තමන් පසුකර මෝටර් රථ විස්සක් තිහක් පමණ ධාවනයවූ බවත් ඒ කිසිවක් තමන් ගණනකටවත් නොගත් බවත් ඔහු කියයි.

නගරාසන්නයේදී ජනපතිවරයාගෙන් සමුගෙන ඇති ඔහු මේ අපුරු සිදුවීම සිහිවනු වස් ඡායාරූප කිහිපයක්ද ගෙන ඇත.ඒවා දැන් අන්තර්ජාලයට එක් කෙරී තිබේ.

ලොව රාජ්‍ය නායකයින් හා සැසදීමේදී ඔවුන් අතරින් දිළිඳුතම පාලකයා වන්නේ ජොසේ මුජිකා යැයි පැවසීමේ වරදක් නැත.නිවසත්,ගොවිපළත් ඔහුගේ ගමන් සගයා වන නිල් පැහැ වොක්ස්වාගන් ඉබ්බා කාරයත් හැරුණු කොට ඔහු නමට කිසිදු දේපළක් නොමැත.ජනාධිපති ලෙස ඔහුට ඩොලර් එකොළොස්දහසක පමණ වැටුපක් ලැබෙන අතර එයද ඔහු පරිගත්‍යාග කරන්නේ සුභසාධන කටයුතු වලටය.

සරල දිවි පෙවෙතක් ගත කළත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ජොසේ මුජිකා අමතකර කර නැත.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි ලෙස මර්දනය කිරීමට ඔහු රටේ නීති හා පණත් සකස් කර තිබෙන්නේ උරුගුවේහි අසල්වාසීන්ටත් ආදර්ශයක් වන පරිදිය.රට ගොඩනැගීමට කැපවී සිටින ඔහු කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්ද වේ.

වරක් ඔහු අල්ජසීරා පුවත් සේවය හා පැවැත්වුනු සාකච්ඡාවකදී විශේෂ දෙයක් පැවසීය.එය සියලූ රාජ්‍ය නායකයින් හට ආදර්ශයට ගත හැකි කියමනකි.

‘ජනාධිපති කියන්නේ ඡන්දයකින් පත්වෙන මුල් පෙළේ රාජ්‍ය නිළධාරියෙක්.ඒක විශාල වගකීමක් තිබෙන රැකියාවක්.ජනාධිපතිවරයා වන පුද්ගලයා රජෙකුවත්,දෙවියෙකුවත්,නැතිනම් අර අපි‍්‍රකාවේ ගෝත‍්‍ර ජනතාව බුහුමන් කරන යකදුරෙකු වගේ පුද්ගලයෙකුවත් නෙවේ.

ජනාධිපති කියන්නෙත් රජයේ සේවකයෙක්.මම හිතන්නේ රටේ නායකයා ජීවත් විය යුත්තේ රටක බහුතරය ජීවත් වන ආකාරයට කියා.එතකොට තමයි ඔහුට ඔවුන්ගේ සැබෑ දුක දැනෙන්නේ.තේරෙන්නේ.’

24D5AD3F00000578-0-image-a-2_1421663132616 24D5D3F500000578-0-image-m-9_1421663806160 24D5E7F000000578-2916545-image-m-5_1421665808538 24D5E81C00000578-2916545-image-m-6_1421665831117



අදහස් (0)

දුප්පත් ජනපති දුප්පතාට පිහිට වෙයි

කපිල සුගත් Wednesday, 21 January 2015 07:23 AM

දිනපතා ලංකාදීප පුවත්පතේ මෙම ජනපතිතුමා ගේ චරිතාපදානය ඇතුළත් ලිපි පෙළක් පළ කරන්න. (නදී)

:       0       1

සමන්ති Tuesday, 20 January 2015 11:35 PM

එතුමාට දරුවන් සිටිනවාද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කසුන් Wednesday, 21 January 2015 07:28 AM

අපේ නායකයන්ට මොකද මේ වගේ හිතලා ජීවත් වෙන්න බැරි ? (නදී)

:       0       0

රත්නපාල Wednesday, 21 January 2015 07:31 AM

අපෙත් හිටියේ මේ වගේ ජනාධිපති කෙනෙක් තමයි (නදී)

:       0       0

සුරංග කුරේ Wednesday, 21 January 2015 07:35 AM

මෙන්න මිනිස්සු (නදී)

:       0       0

වීරසිංහ Friday, 23 January 2015 06:01 PM

අපගේ ගරු මෛත්‍රී ජනාධිපතිතුමාත් ළඟදි මහනුවරදී කහඉරෙන් මාරුවෙන්න බලාසිටි පිරිසකට ඉඩදීම සඳහා වාහනය නතර කරන ලෙස තම රියදුරුට කී බවත් එසේ කළබවත් මම ඇසුවෙමි. (නි)

:       0       0

මහින්ද කේ.ගොඩගේ - සී ෂෙල්ස් Wednesday, 21 January 2015 01:03 AM

බන්දුල පෙරේරාට මේ පුවත දැකීමට ලැබෙත්වා. (නදී)

:       0       0

පද්මිණි Thursday, 22 January 2015 05:01 AM

අපේ ගම්වලවත් මෙහෙම නිදහසේ ඉන්න මිනිස්සු දැන් නැහැ. මාළිගාවල් තනාගෙන, තාප්ප වලින් වටකරලා, කැමරා සවිකරගෙන, උජාරුවට ඉන්නවා බැංකුවට ඔක්කොම උගස් තියලා ණයවෙලා (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 20 January 2015 06:54 AM

අපේ ජනාධිපතිතුමාටත් මේ වගේම නොවුණත් රජෙකු නොවී ජනතාවට ළංවුණ නායකයෙකු වෙන්න ලැබේවා කියලා පතනවා! (නි)

:       0       0

අසෝකා Tuesday, 20 January 2015 12:26 PM

මුදලින් පමණක් වත්කම් තක්සේරු කරන්නාද අනුවනයෙකි. ඔහු අන් අයට ළංවිය නොහැකි පොහොසතෙකි. ඒ ඔහුගේ හදවතේ ඇති අවංක කම සහ පොහොසත් බවයි! (බ)

:       0       0

පෙරේරා Saturday, 24 January 2015 10:46 AM

මේ ජනාධිපතිවරයා හා සමාන තවත් එක ජනාධිපතිවරෙයෙක් ගැන සිහිගැන්වෙනවා. ඒ තමයි පිලිපීනයේ කලකට පෙර සිටි රමොන් මැග්සේ ජනාධිපතිවරයා. එතුමාගේ රාජ්‍ය කාලය නිමවුවිට එතුමාට යන්න පුද්ගලික නිවසක්වත් නොතිබූ බව සඳහන් වෙනවා. එතුමාගේ නමින් දැන් මහජනතා සේවයට විශිෂ්ට ලෙස කැපවූවන්ට " මැග්සේසේ ජාත්‍යන්තර සම්මානය" පිරිනමනු ලබනවා. (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 21 January 2015 08:13 AM

මෙතුමා ලොව දනවත්ම ජනපති කියල මට නම් හිතෙන්නේ. මෙතරම් නිහතමානී උතුමෙක් ලැබෙන්න උරුගුවේ මිනිසුන් වාසනාවන්තයි (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 21 January 2015 08:13 AM

මෙතුමා ලොව දනවත්ම ජනපති කියල මට නම් හිතෙන්නේ. මෙතරම් නිහතමානී උතුමෙක් ලැබෙන්න උරුගුවේ මිනිසුන් වාසනාවන්තයි (නදී)

:       0       0

දුම්මලසුරිය Sunday, 25 January 2015 11:57 AM

මෙවන් ශ්‍රේෂ්ඨ ජනාධිපතිතුමෙක් ලබන්න උරුගුවේ ජනතාව වාසනාවන්ත වීම ගැන පොඩි ඉරිසියවකුත් හිතට එනවා. එතුමා ඇත්තටම පොහොසත් ගතිගුණ තියෙන රටකට අවශ්‍ය ගනයේ නායකයෙක්. අපේ නව ජනපති තුමාටත් මෙවන් සිත් පහළවේවා.! ඒ වගේම නව රජයේ සියලු මැති ඇමති වරුන්ට තමාගේ යහපාලන ගමනට ආදර්ශයක් ලෙස ගන්න මෙතුමාගේ ජිවිත කතාව පොතක් ලෙස ලබාදෙන්න කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. (ර)

:       0       0

ඉෂාර Wednesday, 21 January 2015 01:50 AM

මෙන්න මිනිස්සු! (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:45 PM

මංජුල, ඔබගේ අදහස 100%ක් සත්‍යයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:47 PM

රටේ වාසනාවට,අපේ දරුවන්ගේ වාසනාවට,ඉපදෙන්න ඉන්න දරුවන්ගේ වාසනාවට අපේ රටට නම් හොඳ කලක් උදාවුණා (නි)

:       0       0

පෙරේරා Wednesday, 21 January 2015 04:48 PM

ජනාධිපති කෙනෙක් වුණහම සුපිරි ජීවිතයක් ගතකරන්න ඕනෑ කියලා හිතන අයට මෙන්න නියම ආදර්ශයක් (නි)

:       0       0

සමන් Tuesday, 20 January 2015 07:34 AM

ඒක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

ගයාන් Wednesday, 21 January 2015 08:24 AM

උරුගුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...(අ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:51 PM

මෙවැනි ලිපි පළකරමින්,රටේ ජනතාව දැනුමින් ස්වයංපෝෂිත කරන්න දරන වෑයමට ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

වීරසිංහ Wednesday, 21 January 2015 02:18 AM

අදහාගන්නත් අමාරුයි (නි)

:       0       0

රුමින්ද Wednesday, 21 January 2015 05:22 PM

රටකට අවශ්‍ය මේ විදියට සිතන ජනාධිපතිවරයෙක් තමයි. (නි)

:       0       0

රජිව් Wednesday, 21 January 2015 06:02 PM

සැබෑ නායකයෙක් (නි)

:       0       0

නලින්ද Wednesday, 21 January 2015 09:15 AM

ලක්මාල් සමග 100% එකඟ වෙමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම බව මනාවට පසක් කරගත් මිනිසෙකි. (නදී)

:       0       0

ජොනී Wednesday, 21 January 2015 09:17 AM

ලංකාවෙත් මේ වගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. අනුර කුමාර දිසානායක වගේ අය (නදී)

:       0       0

දෙනෙත් Tuesday, 20 January 2015 08:15 AM

ඔබට මම හිස නමා ආචාර කරනවා. ඔබ වැනි උතුම් ජනපති කෙනක් මේ මුළු ලෝකයටම ආදර්ශයක් (නදී)

:       0       0

ලසිත් Tuesday, 20 January 2015 08:29 AM

මෙන්න කවදාහරි ජනතාව කළගුණ සළකන නායකයෙක් ! (නි)

:       0       0

ගාමිණී ෆොන්සේකා Saturday, 24 January 2015 02:05 AM

අපේ දහනායක ඇමතිතුමත් මේ වගේ දේවල් කරපු බව අමතකද ? (නදී)

:       0       0

කලීල් බංඩාරවෙල Wednesday, 21 January 2015 10:11 AM

නිහතමානී නායක තුමෙක්. මෙයාගේ ජීවිත කතාව පලකරන්න. අපේ රටට ආදර්ශයක් (නදී)

:       0       0

යාපා Tuesday, 20 January 2015 02:11 PM

හරියට අපේ අය වගේමයි... (නි)

:       0       0

වීරා Saturday, 24 January 2015 02:32 AM

අපගේ ගරු මෛත්‍රී ජනාධිපතිතුමාත් ලඟදි මහනුවරදී කහ ඉරෙන් මාරුවෙන්න බලන් හිටිය පිරිසකට ඉඩ දීම සඳහා වාහනය නතර කරන ලෙස තම රියදුරුට කී බවත් එසේ කල බවත් ඇසුවෙමි. ඒ වගේම පාර්ලිමේන්තුවට පවා ගෙදරින් (දයාබර බිරිඳ) පිස දෙන බත් පාර්සලය ගෙනවිත් අනුභව කරන බවත් කියෙව්වෙමි. අපිත් ආඩම්බර විය යුතුයි ඒ උතතමයා පිළිබඳව. නමුත් අති බහුතරයක් දේශපාලකයන් කොහොමද? ඒ වගේම ළඟක දේශපාලකයෙක් එනවා නම් අපි බයේ ගැහෙනවා නේද ? එයාලගේ රථ පෙරහැර ආවේශ වුන මාරයා එනවා වගේ එනකොට ? ලඟින් යන පදිකයෝ, කුඩා වාහන මර බයේ අයිනට විය යුතුයි (නදී)

:       0       0

සශික Tuesday, 20 January 2015 08:40 AM

කලකට පෙර මම රාජකාරි කටයුත්තකට ආයතන ශාඛාවකට ඇවිදගෙන යද්දී පාරේ අපේ රටේ ලේකම්වරයෙකුගේ රථය ආරක්ෂක රථ පිරිවරා ගියේය. අතිශය ජනාකීර්ණ විදියේ සිටි සියල්ලන්ම කුණු මාළු ගොඩක් සේ අහළ පහළ ගොඩනැගිලි අස්සට සහ පාරේ අයින් වලට යවා රථ පෙළ යනතෙක් නොසෙල්වී සිටින ලෙස අණ ලැබිණ. ඉඩ ලබාගන්න තල්ලු වූ සෙනඟ අතරේ මා නැවතුනේ ජලය ගලායන කුණු කාණුවකය. (නි)

:       0       0

සරත් Wednesday, 21 January 2015 10:22 AM

නායකයන් ආදර්ශවත් වන විට ජනතාවද බොහෝවිට එසේ වනු ඇත (නදී)

:       0       0

අතුල ජයන්ත Thursday, 22 January 2015 07:59 AM

හොද මිනිසුන් ස්වාභාව ධර්මය විසින් ආරක්ෂා කරනවා. මේ කුහක මිනිසුන් අතර ඔබ තුමා ගොඩාක් පින්වන්ත කෙනෙක් (දිල්)

:       0       0

ලක්ෂිත Tuesday, 20 January 2015 09:03 AM

මේක හොද ක්‍රියාවක් (දිල්)

:       0       0

නුවන් Tuesday, 20 January 2015 09:09 AM

බුද්ධිමත් ජනතාවක් ඉන්නවනම් ඔවුන් ජනාධිපති රජෙක් ලෙස සලකා ඔහු කරන සැම වරද්දක්ම හරි කියන්නේ නැහැ , නමුත් අපේ රටේ සමහරුන්ට අවශ්‍ය රජෙක් මිස රජයේ සේවකයෙක් නොවේ (දිල්)

:       0       0

ධර්මදාස Tuesday, 20 January 2015 09:11 AM

මේක නම් ආදර්ශමත් කතාවක් (දිල්)

:       0       0

අබේ රුවන් මාපලගම Friday, 23 January 2015 12:44 AM

බලයට පත්වන මන්ත්‍රී හෝ ඇමති හෝ ජනාධිපති රජුන් කරන්නෙත් නැතිකරන්නෙත් අපේම මිනිසුන්මයි. (නි)

:       0       0

තිලක් Tuesday, 20 January 2015 09:32 AM

පුදුමවෙන්න එපා!ලංකාවෙත් මේ වගේ නිහතමානී ජනාධිපති කෙනෙක් හිටිය. ඒ තමා විජේතුංග ජනාධිපතිතුමා. එතුමා තනතුර දරනකොට තිබුණු යුද්ධය නිසා එතුමාට ආරක්ෂාව සළසා තිබුනා මිසක් තනතුරෙන් ඉවත් වූ පසු එතුමා ගතකළේ සාමාන්‍ය ගැමියෙක් වගේ. (නි)

:       0       0

කපිල Wednesday, 21 January 2015 11:42 AM

මේක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

නිමාලි Wednesday, 21 January 2015 12:00 PM

නිහතමානී නායකතුමෙක්.(හේ)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 20 January 2015 10:05 AM

අනේ මෙයාත් හරියට අපේ හිටපු එක්කෙනා වගේමනේ. එයාටත් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කැසිනෝ කාරයෝ පෙන්නන්න බැහැනේ. සාක්කුවේ දාගන්නවා (නදී)

:       0       0

මනෝජ් Thursday, 22 January 2015 02:27 AM

මෙන්න නිහතමානී මිනිස්සු (නි)

:       0       0

නන්දසීලි Friday, 23 January 2015 01:28 PM

අපේ රටට මේ වගේ නායකයෙක් පහළවෙන්නේ කවදාද? (නි)

:       0       0

සුනන්ද Thursday, 22 January 2015 02:57 AM

තවත් දිගු කාලයක් නීරෝගීව ජීවත්වෙවා! සියලුම ජනාධිපතිවරුන්ට මෙය ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ජයරත්න Tuesday, 20 January 2015 10:35 AM

අපේ රටේ ගොඩක් අය අසරණයි.(හේ)

:       0       0

අජිත කුමාරි Wednesday, 21 January 2015 01:25 PM

මේ වගේ උතුම් ජනාධිපතිතුමන්ලා මුළු ලොවටම ආදර්ශයක් (දිල්)

:       0       0

අනුරාධ Tuesday, 20 January 2015 10:39 AM

මෙතුමාට ලොව දිළිදුම ජනාධිපති කියන එකත් හිතට මදිකමක් වගේ. ඒ මොකද මෙතුමාගේ ක්‍රියාවන්, අදහස්, ගති පෙවතුම් බැලුවම මෙතුමා ලෝකෙම පොහොසත්ම ජනාධිපති.(හේ)

:       0       0

රමණි Thursday, 22 January 2015 03:13 AM

සියක් ආයු ලැබේවා! ජයෙන් ජය ලැබේවා! (නි)

:       0       0

රොෂාන්ත Thursday, 22 January 2015 03:08 PM

ඔන්න ලංකාවටත් එ් වගේම නැතත්, සෑහෙන දුරට දුප්පත් හොඳ ගති ගුණ තියෙන අවංක ජනාදිපති අගමැති දෙන්නෙක් ලැබිල තියෙනවා. හැබැයි කවම දාවත් උරුගුවේ වගේ කෙනෙක් නම් ජීවිතේට පහල වෙන එකක් නැහැ (නදී)

:       0       0

රෝහණ Wednesday, 21 January 2015 06:19 AM

පහලයගොඩ ගමේ ඉපදුන, ගමේ දෙවට ළිදෙන් නාපු , දුම්රියෙන් යාගොඩ ඉදන් කොලඹ ගිය අපේ ජනපති මෛත්‍රීටත් මේ වගේ වෙන්න බැරි නැහැ (නදී)

:       0       0

මංජුල Wednesday, 21 January 2015 06:24 AM

, මෙන්න නියම නායකයෝ, ඒකටඅපේ හිටපු අය .. පවුල පිටින් කාල කාලා රට විනාශ කරලා පෙරේත කම ඒත් ගිහින් නෑ , ආයෙමත් ජාතිවාදය අවුසස්ලා රට ගිනි තියලා හරි බලයට එන්න තමයි බලන්නේ. (අ)

:       0       0

රූපවතී Tuesday, 20 January 2015 07:48 PM

මිනිසෙකු පොහොසතෙකු වන්නේ ඔහු සතුව ඇති මුදල් සම්භාරයෙන් නම් නොව ඔහු සතු ගුණ ධර්මයන් හා මිනිසත් ක්‍රියාවන්ගෙන්. එහෙනම් මේ තමයි ලොව කිසිවෙකුට නොදෙවෙනි උතුම් පොහොසත්ම පොහොසත් ජනපතිවරයා (නදී)

:       0       0

ලක්ෂිත - පැරිසිය Tuesday, 20 January 2015 07:55 PM

මම කැමතියි එහේ ඉන්න (නදී)

:       0       0

චාන්දනී Tuesday, 20 January 2015 11:16 AM

මේ වගේ කෙනෙකුගෙන් ආදර්ශයක් ගන්නත් පිනක් තියෙන්න ඕන. (හේ)

:       0       0

නිමල් ලලිතා Tuesday, 20 January 2015 09:20 PM

මට නම් සිතෙන්නේ මෙතුමා ලොව දනවත්ම ජනපති. මරණ බිය නැහැනේ. අනේ හිටපු ජනපති තුමාටත් මෙම ගතිගුණ වලින් අඩක් හෝ තිබුනා නම්. ලංකාවේ දේශපාලන බල ලෝබින්ට මෙවැනි උතුම් ගති වලින් අඩක් හෝ ඇති වේවා. (නදී)

:       0       0

රොහාන් Wednesday, 21 January 2015 07:14 AM

අපේ රටේ නායකයෙක් කුඹුරකට බැස්සොත් මිලියන ගණනක් යට කරන බොරු වප් මගුලක් (නදී)

:       0       0

සරත් Tuesday, 20 January 2015 09:57 PM

ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි. මම හිස නමා ආචාර කරමි. (නදී)

:       0       0

ගුණේ Friday, 23 January 2015 05:20 AM

අපේ රටෙත් හිටිය කිරි ටිකක් බීගන්න බැරුව අම්මගේ ඇකයේ එල්ලී ඉන්න දරුවන්ව වඩාගෙන නලවා පොඩි එකාගේ හොටු තමාගේ කර වටේ තියෙන ලේන්සුවෙන් සූරා පිසදමා වචනයෙන්ම රටේ දරුවන්ගේ බාරකාර පියෙක් වන් නායකයෙක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 97 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 102 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 46 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 58 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 317 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 247 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2186 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site