දුම්වැටි ඇසුරුම අඳුරු වර්ණයකින් වරණ ගැන්වී තිබිය යුතුයැයිද,එය මත දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයන් තිබිය යුතුයැයිද ආදී ලෙස දුම් පානය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට යන නව නීති අනුව දුම්වැටි අසුරනද සකස් විය යුත්තේ කෙසේදැයි දැක්වෙන ඡායාරූප පෙළක් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය අමාත්‍යංශ්‍ය කටයුතු කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව දුම්වැටි අසුරනයන් අනිවාර්යයෙන්ම අලූ පැහැය මිශ්‍ර දුඹුරු පැහැයෙන් වරණ ගැන්වී තිබිය යුතුය.දුම්බීමේ ආදීනව ගැන දැක්වෙන ඡායාරූපයක්ද සමග ඊට ගැලපෙන වදනක්ද තිබිය යුතුය. මීට අමතරව දුම්වැටි අසුරනයේ තිබිය යුත්තේ නිෂ්පාදකයාගේ නම පමණකි.
තරුණ වියේදීම දුම්පානයට ඇබ්බැහි වන්නන් සිටී යැයි හඳුනාගෙන ඇති බ්‍රිතාන්‍යයේ දුම්පානයේ ආදීනව ගැන ජනතාව දැනුම්වත් කිරීමේ ආයතනයන් එකතුව දුම්පානය සම්බන්ධයෙන් නව නීති ස්ථාපිත කරන්නැයි බ්‍රිතාන්‍යය රජයෙන් ඉල්ලා සිටින්නේ කලක සිටය.
ඒ සම්බන්ධයෙන් කල්මරමින් සිටි බ්‍රිතාන්‍යය රජය අවසානයේ එම එළැඹෙන මැතිවරණ සමයට පෙර වහාම ස්ථාපිත කරන බවට පොරොන්දු වී තිබේ.
දුම්පානයට පුද්ගලයින් අද්දවා ගැනීමේ සමත් වෛවාරණ දුම්වැටි අසුරණයන් තහනම් කර ඒවායේ වර්ණය හා සදහන්ව ඇති දෑ සම්බන්ධයෙන් වාරණයන් පැනවූ මුල්ම රට වූයේ ඕස්ට්‍රේලියාවයි.
2012 දෙසැම්බර් මාසයේ සිට ස්ථාපිත කරගත් නීති වලට ප්‍රකාරව සියලූම ආකාරයේ දුම්වැටි අසුරනයන් සමාන පෙනුමැතිව සකස් කිරීමටත්,ඒවායේ දුම්බීමේ අහිතකර ප්‍රතිඵල දැක්වෙන දුම්බොන්නෙකු දුම්පානය ගැන දෙවරක් සිතා බැලීමට යොමු කිරීමේ සමත් ඡායාරූපයන් අන්තර්ගත කිරීමටත්, අටුවා ටීකා නොමැතිව අසුරනයේ නිශ්පාදකයාගේ නම පමණක් යෙදීමටත් එරට දුම්වැටි නිශ්පාදකයින්ට සිදුවිය.
යුරෝපා සංගමයේ සියලූ රටවලටද ඉදිරියේදී දුම්පානය සම්බන්ධයෙන් වන පොදු නීති මාලාවකට එකග වීමට සිදුවනු ඇතැයි සදහන්ය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්වැටි ඇසුරුම් පාට ගැන කියයි
සෑම් Friday, 04 July 2014 03:52 PM
ලෝකයේ සෑම රජයකටම දුම්කොළ බද්ද කියන්නේ අති විශාල ආදායමක්. නමුත් සෞක්‍ය වියදම් පැත්තෙන් බැලුවාම ඒකට වඩා විශාල වියදමක් පෙනහළු පිළිකා වලට ප්‍රතිකාර කරන්න වියදම් වෙනවා කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා. ලංකාවෙත් මොන ඇමති තුමා විරුද්ධ උනත් ,ඊට ඉහල බලධාරීන්ගේ ආශිර්වාදයෙන් සිගරැට් වෙළඳාමට හානියක් වෙන්නේ නැහැ. (නදී)
සමන්ති Wednesday, 02 July 2014 06:34 AM
එහෙ එහෙමයි (නි)
කමනි Wednesday, 02 July 2014 09:58 AM
මේ තරම් නරක බව දැනගෙනත් මොකටද නිෂ්පාදනය කරන්නේ ? (ස)