පවුල් පිටින් දිය යට නවාතැන් ගැනීමට ඉඩ සැළැසෙන කාලය වැඩි ඈතක නොවන සෙයකි.ඒ දිය යට ඉදිකෙරෙනා හෝටල් සංකීර්ණයකට ඩුබායිහිදී පිඹුරුපත් සැකැසෙමින් ඇති බැවිනි.
මේ හෝටල් සංකීර්ණයේ නිර්මාණ කටයුතු භාරව කටයුතු කරන්නේ ‘‘ඩීප් ඕෂන්‘‘නම් පෝලන්ත සමාගමකි.දැනට ඉදිරිපත් කර ඇති සැළැස්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක රූප රාමු සිහිගන්වයි.දිය යට හා උඩ හෝටල් සංකීර්ණ දෙකක් ඉදිකිරීමට නියමිත අතර දිය යට හෝටල් සංකීර්ණයේ කාමර 21 ක් ඉදිකරෙනු ඇත.මිට අමතරව කිමිදුම් මධ්‍යස්ථානයක් අවන්හලක් හා ‘‘දිය යට තැබෑරුමක්ද‘‘ මෙහි ඇතිකිරීමට සැළැසුම් කර ඇත.
හදිසි අවස්ථාවකදී වහා දිය මතුපිටට පැමිණීමට හැකි වන පරිදි දිය යට සංකීර්ණය නිර්මාණය කර තිබේ.
මේ හෝටල් සංකීර්ණය මිනිස් ජනාවාස ඉදිකිරීම නවතම මානයකට ගෙන යනු ඇති බවද ඉදිරියේදී දිය යට නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඇති හැකියාව පිළිඹද සොයා බලන බවද නිර්මාණකරුවෝ පවසති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිය යට වාසය වැඩ් ඈතක නොවේ
ඔසාම් Monday, 28 January 2013 03:58 PM
අප්‍රිකානු මුස්ලිම් රටවල වාර්ගක යුද්ධ ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ, මරෙණවා. මේ මුදල් ඒ රටවලට දුන්නා නම් මොකද වෙන්නේ. (ස)
අතුල මිලානෝ Tuesday, 29 January 2013 10:43 PM
මා දන්නා පරිදි නුදුරු දිනකදි තෙල් සම්පත ඉවර වෙනබැවින් ඊට ප්‍රථමයෙන් සූදානමක් වශයෙන් සංචාරක කර්මාන්තයට නගා සිටුවීමට ඩුබායි රජය කටයුතු කරයි.. (නු)
සෑම් Tuesday, 29 January 2013 10:52 PM
ලොකු තල්මහෙක් ඇවිල්ලා ජනේලෙට තට්ටු කළොත් පණ අපා කියලා නිදි ඇදුමෙන්ම දුවන්න වෙයි.. ඒකත් හරි කොහේ දුවන්නද? ඔයා මුහුද යටනේ..!(නු)
ගාමිණී Monday, 28 January 2013 04:13 PM
දිය යටින් ගින්දර ගෙනියන කාලේ ඕකත් කජ්ජක්ද ? (ස)
බණ්ඩාර Monday, 28 January 2013 10:54 PM
රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)
බණ්ඩාර Monday, 28 January 2013 10:54 PM
රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)
නීලා Tuesday, 29 January 2013 10:19 AM
මිනිසුනේ .. දක්ෂ වැඩ අගය කරන්න පුරුදු වෙන්න , මේක ලංකාවේ කෙනෙක් කරානම් කොච්චර පුරාජේරු ගහනවද ඔයාලා (ස)
චූලා Tuesday, 29 January 2013 10:21 AM
ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවේ මිනිසුන්ට ඒ විදියට සලකන්නේ ඒ මිනිසුන් පත්කර ගත්තු දූෂිත ආණ්ඩුවලින්.. ලෝකෙ ව්‍යාපාර තියෙන්නේ වෙළදාම් කරන්න.. දන්සැල් දෙන්න නෙමෙයි.!(නු)
ලාල් Monday, 28 January 2013 04:37 PM
ඩුබායි තව දුරටත් මුස්ලිම් රටක් නොවේ. (නි)
රානි Tuesday, 29 January 2013 10:23 AM
ලෝකයේ වෙළද සංගම් තියේනනේ වෙළදාටම මිස දන්සැල් දෙන්න නෙමෙයි.. (නු)
රානි Tuesday, 29 January 2013 10:23 AM
ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවෙ අයට සළකන්න තමයි එහෙ ආණ්ඩු තියෙන්නෙ..!(නු)
සූරි Tuesday, 29 January 2013 10:22 AM
ලාල් මහත්තයෝ ඩුබායි වග පිටින් ගිහින් ඉන්න කාටවත් පුරවැසි බව නෑ. එයාලා දෙන්නෙත් නෑ (ස)
නිත්‍යා Saturday, 02 February 2013 04:11 PM
හරිම ලස්සනයි. දවසක් හරි මෙහි ජීවත් වෙන්න ඇත්නම්.....(ස)
අජිත් Tuesday, 29 January 2013 04:28 PM
සුනාමියක්වත් ආවොත් ඉවරයි (ස)
ෂෙරිෆ් Tuesday, 29 January 2013 02:45 AM
ඒගමන දිය යට හෝටලේ තැබරුමකුත් අරින්න යනවලු, අහන්න දෙයක් ඉතින් අනිත් ඒවා ගැන. (නු)
චානක යූකේ. Tuesday, 29 January 2013 04:03 AM
අප්‍රිකානුවන්ට හිතන්න බැරිද මේ පිළිබදව..!(නු)
හිරාන් Thursday, 31 January 2013 12:14 PM
කොයි තරම් ලස්සන දේ හැදුවත් එයාලා මහ දුෂ්ඨ මිනිස්සු. මටනම් පිලිකුල් (ස)
රොෂාන් Monday, 28 January 2013 07:33 PM
මේ වගේ දේවලට තමාගේ රටේ මුදල් පරිහරණය කලාට මොකද වෙන්නේ..!(නු)
නිස්තා Tuesday, 29 January 2013 12:55 PM
රටක් දියුණු කරන්න මොන තරම් දේවල් ඩුබායි වල කරනවාද?(නු)
සිංහ Wednesday, 30 January 2013 10:01 AM
මාරයි නේද? (නි)
මාරසිංහ Wednesday, 30 January 2013 10:02 AM
මේ හෝටලේ ඕනෑම වෙලාවක ඇදලා ගොඩට ගන්න පුලුවන් විදියට හදනවා කියලා කියන්නේ ඇත්තද? (නි)
රුෂාන් Tuesday, 29 January 2013 08:12 AM
මේවා කලාට කමක් නෑ. පරිසරය විනාශ කරන්නේ නැතුව (ස)
හිල්මි Monday, 28 January 2013 03:19 PM
මේ ව්‍යාපෘතිය ලංකාවේ සිංහල අයගේ ආයතනයකට දෙන්නයි තිබුණේ. (නි)