IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දරුවා පණ අදී - මව්පියෝ විස්කි බොති

සිව් මස් වියැති සිඟිති දරුවා අසනීපයෙන් සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර හා කිරි ආහාර වේල නොදී පහත මාලයට ගොස් හිත මිතුරන් සමග මත්පැන් බොමින් නටමින් සින්දු කියමින් සිටියදී දරුවාගේ මරණය සිදුවෙන්නට ඉඩ සැලසූ මාපිය යුවළකට බ්‍රිතාන්‍ය බ්ලැක්බෙන් අධිකරණය දඩුවම් නියම කිරීම ලබන මස 21 දක්වා කල් තැබීය.

මාපිය යුවළ ඇප මත මුදා හරිනු ලැබූහ.

නඩු විභාගයේදී හෙළි වූ අන්දමට සිඟිත්තා මිය ගියේ නියුමෝනියාවෙනි.

ඔහු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙද්දී දරුවා බැලීමට ආ සෞඛ්‍ය සේවිකාව දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නිර්දේශ කළාය.

එය ගණනකට නොගත් මාපිය යුවළ දරුවා තොටිල්ලේ රඳවා කාමරයේ දොරද විවෘත කර පහත මාලයට ගියේ ප්‍රිය සාදයකට  සහභාගී වීමටය.

හිත මිතුරන් කීප දෙනෙක් ද ඊට සහභාගී වූහ. හිස් බීර 60, විස්කි බෝතලයක්, සහ වයින් බෝතලයක් පොලීසිය විසින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

සාදය පැවැතෙද්දී පියාගේ සොයුරිය උඩු මහලට ගොස් බලද්දි දරුවා අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියේය. ඇය ඒ බව පියාට දැන්වුවාය.  එහෙත් මවත් පියාත් එය ගණන් නොගෙන පසුදා දවල් 11 වනතුරුම කා බී ප්‍රීති වූහ.

පසුව ඇවිත් දරුවා බලන විට දරුවා නිසොල්මනේ සිටි නිසා රෝහලට රැගෙන ගිය ද එහිදී දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරු දැන්වූහ.

නඩු විභාගයේදී මුලින් නිවැරදිකරුවන්  යැකි යා සිටි මා පිය යුවළ පසුව වරද පිළිගත්හ.

 



අදහස් (0)

දරුවා පණ අදී - මව්පියෝ විස්කි බොති

අමල් Monday, 20 May 2013 12:23 PM

මොනවා උනත් ලංකාවේ ඉපදුන එක හොඳා.(ස)

:       0       0

සීතා Monday, 20 May 2013 12:25 PM

මාර දෙමව්පියෝ තමා.(ස)

:       0       0

හේමන්ත Monday, 20 May 2013 12:24 PM

පිළිකුල්සහගතයි. ! (ස)

:       0       0

දිනෙශ් Monday, 20 May 2013 12:27 PM

කාල කන්නි තිරිසන් සතුන්ටත් වඩා අන්ති දෙමාපියො දෙන්නෙක් කියන්න කණගාටුයි මෙහෙම සමාජයක මේව අහන්න දකින්න අපිත් පව් කාරයො වෙලා. මේ අයට උපරිම දඩුවම් දෙන්න ඔන. පුංචි කිරි සප්පයට නිවන් සුව.!(ස)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 01:20 PM

ලංකාවෙත් සිටිනවා මේ වගේ උදවිය . දරුවන් හදලා නොසලකන කසිප්පු බිබී සුදු පොළවල් වල සිටින , ලමය ඉපදුන ගමන් කුණු ගොඩට වැසිකිළියට දමා යන දෙමව්පියන්. ලෝකේ කොහෙත් දියුණු නොදියුණු මේ අය බොහෝ ඇත (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 20 May 2013 02:09 PM

කාලා රසමුසු භෝජන කර පෙම් පාලා ගිය වැනි බහුරූ කෝලම්... (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 20 May 2013 02:15 PM

මගේ දෙමවුපියෝ හැමදාම උදේ 4ට ඇහැරුනාම, රැ 2වෙනකන් වැඩකර දරුවන් වෙනුවෙන් හැම දුකක්ම දරුවා. අපි කොච්චර වාසනාවන්තද ? අපිත් අපේ දරුවන්ට එහෙම තමයි. (නි)

:       0       0

සුනෙත් Monday, 20 May 2013 06:51 PM

මගේ දෙමාපියන් මට ලැබීම කොච්චර වාසනාවක්ද? ඇත්තටම ඒ අය අපගේ දෙවිවරු (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 03:33 PM

මෙයාල දෙන්නටත් දරුනු රෝගයක් බෝකරලා දරුවා මියගිය ආකාරයටම මැරෙන්න ඇරිය යුතුයි . (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 03:42 PM

දිවිගමනේ ඉම කදුමුදුනේ සිට පිතු සෙනෙහේ කදුලැලි සලනා ,මිහිමඩලේ අදුරුපෙතේ දිය උල්පත අම්මා ,කලාවැවේ නිල්දියවර අපේ අම්මා ( ඒ අපේ අම්මා තාත්තා ) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 322 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 112 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 123 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 455 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 860 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site