තම දියණිය අවසාන මොහොතේ කළ ඉල්ලීමට ඉටු කරලමින් ඇයගේ දරුවාට තම කුසයේ ඉඩ ලබාදීමට බ්‍රිතාන්‍යය ජාතික මවක් සැරසෙන්නීය.
මෙම කාන්තාවකගේ දියණිය බරපතල රෝගයකින් පීඩා විදිමින් සිට විසි අවුරුදු පමණ වයස් වන විටදී මියගොස් ඇත.තම රෝගය සුවවූ විට දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන් ඇය තම ඩිම්භ විශේෂ විද්‍යාගාරයක තැන්පත් කිරීමටත් කටයුතු කර තිබේ.
මියයන බව දැන තම දියණිය ඇයගේ දරුවන්ට මවක වන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටි බව මේ බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව කියන්නීය.
ඒ අනුව විද්‍යාගාරයේ තැන්පත් කර තිඛෙන ඩිම්භ දායකයෙකුගෙන් ලබාගන්නා ශුක්‍රාණු වලින් සංසේචනය කර මෙම කාන්තාවගේ කුසයේ තැන්පත් කිරීම සිදුවනු ඇත.දියණියගේ දරුවාව තම කුසයෙන් රක්ෂා කිරීමට ඇය සැළසුම් කර ඇත්තේ එසේය.
නමුත් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ආයතන මේ කටයුත්තට හවුල්වීම ප්‍රතික්ෂේප කර ඇත.වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට පටහැනිවීමද, 59 වැනි වියේ පසුවන මෙම කාන්තාවට දරු ගැබක් දරා සිටීමේ හැකියාව ඉතා අඩු බැවින් ඇයගේ ජීවිතයට මෙන්ම කුසයේ සිටින දරුවාගේ ජීවිතයටද දැඩි අවදානමක් එල්ල වීමද නිසා මේ සඳහා හවුල්වීමට තමන්ගේ කැමැත්තක් නැති බව එම ආයතනයන් පවසා තිබේ.
අවසානයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෛද්‍ය ආයතනයක් මෙහි වගකීම භාරගැනීමට කැමැත්ත පළ කර ඇත.ඒ පවුම් 60000 ක මුදලකටය.
දැන් මෙම කාන්තාව සැරසෙන්නේ ඇමරිකාව බලා යෑමටය.තම දියණියගේ අවසාන ඉල්ලීම කෙසේහෝ සපුරාලීම ඇයගේ අරමුණයි.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලොව විශාල කතිකාවතක්ද ගොඩ නැගී ඇත.දියණියගේ දරුවාට මව උපත ලබාදීම කිසිසේතම සදාචාරසම්පන්න නොවන බව පවසන වෛද්‍යවරුන් හා පර්යේෂකයින් අතර එය එම කාන්තාවගේ කැමැත්ත බවත් ඇයගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් පවසන කණ්ඩායමක්ද සිටී.
මින් පෙර අවස්ථාවක මෙලෙසම මවක් තම දියණියගේ දරුවා දරා සිටීමට තම කුසය ඇයට ලබා දුන්නාය.එකම වෙනස ඇයගේ දියණිය ඒ වන විටත් ජීවත්ව සිටීමය.
මෙම කාන්තාව සාර්ථකව සංසේචිත ඩිම්භ තම කුසයේ තැන්පත් කරගතහොත් මියගිය දියණියකගේ දරුවාට තම කුසය ලබාදුන් ලොව ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුවගේ දරුවා අම්මාගේ බඩේ
රොෂාන් Friday, 27 February 2015 01:41 PM
මේ සිද්ධියේ කිසිම වැරැද්දක් නෑ.(හේ)
ජෙහාන් Monday, 23 February 2015 01:09 PM
මේක මොකද්ද අපේ රටේ බලවත් කාන්තාවන් දෙපාරක් ඉපදුන බව සොයාගත්තේ එකේ. (හේ)
සංජු Tuesday, 24 February 2015 07:48 AM
මීට වඩා සංවේදීව හිතන්න, දුවගේ අවසාන ඉල්ලීම ගැන (නි)
සොපී Monday, 23 February 2015 06:43 AM
අබුද්දස්ස කාලෙනේ .... (නි)
සරත් Wednesday, 25 February 2015 11:40 AM
අනේ මේ රූපවති අපි නොදන්නා අාසියාතිකයෝ හා යුරෝපියෝ. ලංකාවේද හැදුනේ නැත්තම් එංගලන්තේද ? (නදී)
දුමින්ද Monday, 23 February 2015 07:00 AM
කොසොල් රජු දුටු විපරීත සිහින සැබෑ වෙන හැඩ.(හේ)
රූපවතී Monday, 23 February 2015 11:20 AM
මේ දෙස යතාර්ථයෙන් බැලුවොත් මට නම් වැටහෙන්නේ අපේ ආසියාතිකයින්ගෙයි, යුරෝපියයන්ගෙයි සිතීමේ හා ක්‍රියාවන්ගේ ඇති පරස් පර බවයි. තම දරුවකු මේලාවට බිහිකිරීමට සිහින දකිනවා මෙන්ම යුරෝපීයන් තම දරුවටත් අන් දරුවටත් එකම දයාබරත්වයකින් දැකීම මම ඔවුන් තුලින් දුටු විශේෂත්වකි. අප රටවල් දරිද්‍ර තාවයේ ඉහලට නගින තරමට මනුශ්‍යත්වයෙන් පහලටම ඇද වැටෙනවා. (නදී)