IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දෙවඟන උපන් ඇඳුමින්

ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කළ නිර්වස්ත‍්‍ර කාන්තාවක් (31) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දුම්රියේ ‘දෙවඟන’ මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී තිබේ. ම`ගීන් කිහිපදෙනෙකුට කම්මුල් පහර ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමට උත්සහ කර ඇත.

බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළ උත්සහය අසාර්ථක වී තිබේ. පසුව ඔවුන් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පැමිණ ඇය අල්ලා ගැනීමට තැත් කළ තැන ඇය දුම්රිය පොළ වටා දුවන්න පටන් ගත්තාය. මෙලෙස පැය භාගයක් පමණ උත්සහ කර ඇය අත්අඩංගුවට ගන්නා ලදි.

මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබුහ.

සිද්ධියෙන් කිසිවකුට අනතුරුක් සිදු නොවුනත් පැය කිහිපයක් දුම්රිය ගමනා ගමනය ප‍්‍රමාද වී ඇත. 

 



අදහස් (0)

දෙවඟන උපන් ඇඳුමින්

නිරුප Wednesday, 20 November 2013 11:11 AM

සම්පත්, පොලිසියේ අයත් මිනිස්සු......හැමදාම ලැබෙන්නේ නැහැ... බලන්නකෝ අනිත් නෝනා මොබිල් එක දිහා බලන් ඉන්නේ ෆොටෝ එක ගත්ත නිසා වෙන්න ඇති. (ස)

:       0       0

ලාල් මහනුවර Tuesday, 19 November 2013 11:38 PM

සාදීක්, ආරියසේන ලංකාවේ උනානම් කොල්ලෝ තවම් කෙල්ල පස්සේ පන්නනවා හැබැයි අල්ලා ගන්නේනම් නැහැ .ඇල්ලුවොත් පොලිසියෙන් අරන් යනවනේ . (අ)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 19 November 2013 11:55 PM

ආරියසේන, සාදික්,පිටරටවල් වල ජීවත් වන අය හදිසි අනතුරකදී කෙනෙකුට උදවු කරනවා ඇරෙන්න මෙවැනි අවස්ථාවකදී ඒවාට මැදිහත් වෙන්න කැමති නැහැ. ඒවා තමන්ට අයිති නැති, අනවශ්‍ය දේවල් හැටියටයි ඔවුන් සිතන්නේ. දෙවැනි පින්තුරයේ බංකුවක වාඩිවී සිටින කාන්තාව දිහා බලන්න. ඇය සිටින්නේ මේ කිසිවක් දැක්කේ නැති ගානටයි. (නි)

:       0       0

ශාන්ති Wednesday, 20 November 2013 12:01 AM

අනේ පවු, ඒ කාන්තාවට ඉක්මන් සුවය ලැබේවා! එතන හිටපු අර ගැහැණු කෙනාට තිබුණා තමයි එයාගේ ජැකට් එකක්වත් දෙන්න (නි)

:       0       0

රූපවතී Tuesday, 19 November 2013 12:14 PM

අපේ රටෙ නම් මානසික ලෙඩෙක් උනත් ඇදුම් උනා දමා දුවන්න තරමට ඔවුන් පෙලඹෙන්නේ නැහැ. බොහෝ දුරට ..මත් පැන් බීවුන් එසේ කලත් ..මානසික ලෙඩ්ඩුන් බොහෝවිට එසේ පත් නොවීම ගැන සතුටුයි ..? (ස)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 11:38 AM

"අනේ අපේ අයටත් මෙහෙම යන්න හිතෙන්නේ නැද්ද" (නදී)

:       0       0

ගුණරත්න Tuesday, 19 November 2013 12:20 PM

මේ ජීවිතේ මොනතරම් පුදුමද? මේ කාන්තාව සමහරවිට ගොඩක් උගත් කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු මානසික පීඩනයක් ඇති. එය ඉක්මනින්ම සුව වේවා! (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 November 2013 05:47 PM

මම මේ වගේ සිද්ධියක් දැක්කා මානසික රෝගීන් ඉන්න රෝහලක් අසළදී, ඕස්ට්‍රේලියාවේදී. විනාඩියක් යන්න ඉස්සරවෙලා පොලිසියයි ආරක්ෂක කාන්තාවනුයි එක්වෙලා එම තරුණිය අල්ල ගත්තා. පසුව දැන ගත්තා ඇය ඔටිසම් නමැති මානසික තත්ත්වයේ උච්ඡ අවස්ථාවේ පෙළෙන්නියක් බව. (නි)

:       0       0

ජගත් Wednesday, 20 November 2013 11:59 AM

අපේ රටේ මෙහෙම දෙවඟනන්ලා නැති එක විශාල පාඩුවක්. (ස)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 12:02 PM

" අඩු ගානේ රෙද්දකින් වහගෙන යන්න තිබුනනේ" (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 05:11 PM

සමන්ති ,ඒ කියන්නේ ඔයා බත්තරමුල්ල පැත්තේ ගියාද? (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 05:15 PM

චන්ද්‍ර, අනේ..අනේ..! ඒ කියන්නේ අනෙක් අය අහක බලාගෙන ඉන්නකොට ඔයා බැලුවා. මම හරි නේද? (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 20 November 2013 03:27 AM

ආරියසේන..ලංකාවේදී වුනානම් මම කොහොම හරි මගේ කාර් එකට දා ගෙන ගෙදර ගිහින් නෝනගේ ඇදුමකුත් අන්දවාගෙන පොලිසියට ගිහින් භාර දෙනවා. (අ)

:       0       0

කමල් Tuesday, 19 November 2013 06:37 PM

ලංකාවේ අපට වැටුප සහ බඩුමිල අනුව මෙහෙම ඉන්න හිතෙනවා, ඒක මානසික ආබාධයක්ද යන්න පහදා දෙන්න (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 20 November 2013 04:24 AM

නියම පොලිසිය.. අල්ලගෙන හෙලුවෙන්ම ගෙනියනවා . අඩු ගානේ රෙද්දකින් වහගෙන යන්න තිබුනනේ ..(අ)

:       0       0

සුජී Wednesday, 20 November 2013 10:03 PM

ලෙඩකදී දුකකදී ඔය වගේ කණගාටුදායක සිදුවීමක් වෙන්න පුළුවන් මිනිසුන්ට මට ඔබට වගේම පව්ලේ කෙනෙකුට සමහර අදහස් ගැන ලජ්ජා හිතෙනවා (ස)

:       0       0

චන්දි Wednesday, 20 November 2013 12:58 PM

චමත් .., ඔයා කියපු දේ හරි., මේ රටවල අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කිසිම දෙකට අත දාන්නේ නැහැ අනුන් හෙළා දකින්නේ නැහැ .., නමුත් එහි හොඳ වගේම නරකකුත් තියෙනවා ....!!! මේ යුවතියට ඉක්මන් සුවය පතමු අපිත් ගැහැනුන් නිසා .., ඔය ඇගේ නිරුවත දකින්න වගේ අපේ අයත් නිරුවත් කරලා ලියපු අයගේ නිවසේ ගැහැණු පරාන නැතුවද කොහෙද.., හරීම කනගාටුයි හොඳේ. (ස)

:       0       0

උදිත මදුමාල් Tuesday, 19 November 2013 01:40 PM

කුජීතයි නේද ? (ස)

:       0       0

නුගේගොඩ Tuesday, 19 November 2013 01:41 PM

ඔව් ගුණරත්න, මගේ පැතුමත් ඇයට ඉක්මන් සුවය. (ස)

:       0       0

කමල් Tuesday, 19 November 2013 07:06 PM

කිශා ගෝතමී මානසිකව රොගී වී බුදුන් වහන්සේ හමුවීමට ආවෙත් නිර්වස්ත්‍රව (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Tuesday, 19 November 2013 01:44 PM

මේ වගේ මානසික තත්වෙක ඉන්න කෙනෙක් දිහා බලල " අනේ අපේ අයටත් මෙහෙම යන්න හිතෙන්නේ නැද්ද " කියල අහන මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ හැබෑට. (ස)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 07:10 PM

ලංකාවේ වුණා නම් පොලිසිය එන්න ප්‍රථම අපේ කොල්ලෝ ටික කොහොම හරි අල්ලා ගන්නවා. (නි)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 19 November 2013 02:01 PM

මම මේ වීඩියෝ එක දැක්කා. මැය දුම්රිය පොළ වටේ නම් දුවනවා පෙනුනේ නැහැ. මැයව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ දුම්රිය මැදිරිය තුළදීයි.(නදී)

:       0       0

කේ.කේ.දී - ඩුබායි Tuesday, 19 November 2013 02:10 PM

මීට වසර 12 කට කලින් මම ගාලු පාරේ මොරටුව පාලම ලඟදි දැක්කා.මේ වගේම දෙයක්. වයස 27 ක විතර ගෑනු කෙනෙක් ඇගේ නූල් පොටක්වත් නැතුව දුවනවා.හැම වාහනයක්ම නවත්තලා බලනවා.පාරේ හරි ට්‍රැෆික්.මම වාද්දුවේ නිසා පසුව දැනගත්තේ.ගෑනු කෙනා හොරා කන්න ගිහින් සැමියාට අතේ මට්ටු වෙලා.සැමියා කඩුවක් අරන් පස්සෙන් එලවලා. (ස)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 07:11 AM

"මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබුහ.' ඉතින් අපි මොනවටද මේ මානසික රෝගියා ගැන කතා කරන්නේ. එයා මානසික රෝගියෙක් නිසා අනුකම්පා කරනවා විනා ඇයගේ නිරුවත බලන්න පොරකාලා වැඩක් නැහැ. (නි)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 07:14 AM

"ලංකාවේ අපට වැටුප සහ බඩුමිළ අනුව මෙහෙම ඉන්න හිතෙනවා, ඒක මානසික ආබාධයක්ද යන්න පහදා දෙන්න" එහෙම ඉන්න ඕනෑ වෙලාවට හැරෙන්න අනෙක් හේතුන් නිසා එහෙම ඉන්න හිතෙනවා නම් ඒක මානසික අාබාධයක් (නි)

:       0       0

ධනුක Friday, 22 November 2013 05:31 PM

අනේ පවු ඒ ගැහැණු කෙනා නම් ඉතින් ලෙඩක් නැතුවනේ. ඒත් ඉතින් අපේ ලංකාවේ සමහර කෙල්ලෝ ලෙඩක් නැතුවම නිකම්ම යන්නේ (නි)

:       0       0

චමින්ද Wednesday, 20 November 2013 01:49 PM

මේ ලඟදී දවසක නුවර වැව රවුමෙත් මෙවැනි දෙයක් උනාලු... (ස)

:       0       0

හේමන්ත Wednesday, 20 November 2013 01:54 PM

මෙහෙත් යාල් දෙවි, සමුද්‍ර දේවි, වගේ තව දුම්රිය දේවියොත් ඉන්නවා. ඒ අය මෙහෙම ඉන්නේ අප්‍රසිද්ධව. (නදී)

:       0       0

මොහොමඩ් සාදික් Tuesday, 19 November 2013 08:33 PM

හරියටම හරි ආරියසේන,ලංකාවෙනම් ඔච්චර වෙලාවක් පරක්කුවෙන්නේ නැහැ, (අ)

:       0       0

මහරුෆ් Thursday, 21 November 2013 02:01 AM

පිංතූර අපැහැදිලි නිසා මගේ බලවත් විරෝධය. (අ)

:       0       0

ගජබා Tuesday, 19 November 2013 10:13 AM

ඉක්මනටම දුම්රිය දේවියට කෝල් කලා නම් ඇඳුම් ටික ගෙන්න ගන්න තිබුනා... (ස)

:       0       0

අමිත Thursday, 21 November 2013 03:13 AM

අනේ ඒක නම් ඇත්ත, එක මනුස්සයෙක්වත් හිටියෙ නැද්ද, රෙදිකෑල්ලක් දෙන්න. බලනකොට ඇමෙරිකාවට පිස්සු කියලයි හිතෙන්නෙ. (නි)

:       0       0

මිස්ටර් බුහ්හ් Tuesday, 19 November 2013 09:30 PM

මෙන්න ඇමරිකන් මිනිස්සු...ඔලුවේ අමාරු කාරයෝ ගණන් ගන්නේ නෑ.පොලිසියේ රජ කාරිය එයාල කරනවා වටවෙලා බලනින්න දෙයක් නෑ...කදුළු ගෑස්..නෑ..පාවිචිචි කරලා.(w)

:       0       0

සෑම් Tuesday, 19 November 2013 09:36 PM

එක ඇත්ත ආරියසේන ටිප් එක ධුන්න ගමන් අපේ පොලිසිය ධුවල එයි. ඊට ඉස්සර කොල්ලෝ ධුවල එයි. (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 21 November 2013 05:30 AM

මම ඉන්න රටෙත් මේ විදියට පිරිමි කෙනෙක් පාර අයිනේ හිටගෙන හිටියා.රැගෙන යනතුරු පොලිසියේ කාන්තාවෝ දෙන්නෙක් ටිකක් ඈතින් රැකවරණය දීලා හිටියා.කවුරුවත් හිනා වුණේ නැහැ.කණගාටුවෙන් වගේ බලලා අහක බලාගත්තා.හැබැයි පොලිස් කාන්තාවෝ දෙන්නට නම් සිනහ වුණා. ඒ කරන්න සිදුවුණ රාජකාරිය ගැන හිත‍ලා.ඔවුන් දෙන්නා ලැජ්ජාවේ ඇඹරි ඇඹරි හිටියා.අනේ අර මනුස්සයා තමා වටේ වෙන කිසිදෙයක් දන්නේ නැහැ.පොඩි එකා වගේ ඔහේ හිටියා කාටවත් කරදරයක් නැහැ. (නි)

:       0       0

ලාල් කැන්ඩි Tuesday, 19 November 2013 04:12 PM

ඇදුම් නැතිව ඉන්න එක නම් ඒ රටේ හැටියට ගානක් නැහැ. නමුත් රෝගියා ගැන කනගාටුයි. දෙවැනි ෆොටෝ එකේ ඉන්න ගැහැණු කෙනාට තිබුන එයාගේ ජැකට් එකවත් අරයට අන්දවන්න .. (නදී)

:       0       0

ජගත් Tuesday, 19 November 2013 10:48 AM

අපේ අයට මෙහෙම යන්න හිතෙන්නෙ නැද්ද??? (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Tuesday, 19 November 2013 04:23 PM

මේ ළඟදී දවසක සාගරිකා තිරිංග පැන්න කිව්වෙ ,මේ වගේ දෙවඟනක් නැගල ද දන්නේ නැහැ. (ස)

:       0       0

සමන්ති Thursday, 21 November 2013 05:52 AM

කලකට ඉහතදී දේශපාලකයෙක් සිය කාර්යාලයේ අනියම් වැඩක යෙදී සිටියදී බිරිය පැමිණීමෙන් පසු ආරක්ෂකයන් විසින් ඇමතිව ගෙනයන ලද්දේ "මිනිස් ආවරණයක් පමණක් සහිතවයි " (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 19 November 2013 11:09 AM

අනේ අනේ! අපේ අයටත් හිතෙන විදියක හැටි නේද. (නි)

:       0       0

ලායා Wednesday, 20 November 2013 10:57 AM

ඕක ඔය තරම් හිතන්න දෙයක් නෙමෙයි. අපි උපදින්නේ ඇදුම් නැතුවනේ. (නි)

:       0       0

දමිත් Wednesday, 20 November 2013 07:45 PM

මමත් ඔතන හිටියා නම්.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 162 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 130 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 326 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 56 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 70 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 481 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site