වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළැඹුණේ පෙරේදා (23) ගල්ෆ් රටවල නායකයන්ගෙන් සමන්විත ‘ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය’ සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. එම සාකච්ඡා පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවර සෞදි රජ මාලිගාවේදීය. ඒ, සෞදි රජු අබ්දුල්ලාගේ අනුග්රහයෙනි. ජනාධිපති සාලේ ඔහුගේ දෙවැනියා වන අබ්ද් රාබූ මන්සූර් හාඞී ට බලය පවරා දී ඉවත් වීමට එහිදී එකඟ වූයේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටත් නව ජනපතිවරයකු පත් කර ගන්නා තෙක් බලතල කිසිවක් පාවිච්චි නොකොට ධුරයේ රැඳී සිටීමටත් ජනාධිපති සාලේ එකඟ වූයේය. යේමනයට නව සන්ධාන රජයක් පිහිටුවීමට තමාගේ පූර්ණ සහාය ලබා දෙන බව ද සාලේ වැඩි දුරටත් පවසා ඇත. එල්ල වී ඇති සියලූ වැරදිවලින් සාලෙ නිදොස් කිරීමටත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමටත් නව පාලන තත්ත්රය ඒකඟවී ඇත. යේමනයේ විරෝධතා හට ගත්තේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. මාස 10 ක් තිස්සේ යේමන විපක්ෂ කණ්ඩායම් සහ ගෝති‍්‍රක කණ්ඩායම් එක්වී රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ජනාධිපති සාලේ එම විරෝධතා මර්දනය කළේ පොලිස් සහ හමුදා බලය යොදවමින්ය. එහිදී විරෝධතාකරුවෝ යේමනයේ ආයුධ සන්නද්ධ ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහය ලබා ගත්හ. දෙපිරිස අතර අවස්ථා ගණනාවකදී දරුණු ගැටුම් හටගත් අතර දේශපාලන විචාරකයන් පැවැසුවේ යේමනයේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක් අවස්ථාවකදී ගෝති‍්‍රක සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ජනාධිපති සාලේ තුවාල ලැබුවේය. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකාවට ජනාධිපති සාලේ ප්රමුඛ යේමන රජයේ සහාය නොඅඩුව ලැබුණි. යේමන අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමත් සමඟ යේමන අල් කයිඩා සංවිධානය දුර්වල විය. එම අවස්ථාවේ ඇමෙරිකා රජය ජනාධිපති සාලේ ට කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ඉඩ දී ධුරයෙන් වහා ඉවත් ව යන ලෙසය. ලිබියාව හෝ සිරියාව හෝ මෙන් නොව යේමනය ඇමෙරිකා හිතවාදියකු වීම නිසා ජනාධිපති සාලේට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදු නොවූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්