නේපාලයට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා තෝරාපත් කර ගන්නා ලද ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයට එම කාර්යය ඉටු කිරීමට නොහැකිව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් ගත වුවද ඉදිරි වැඩපිළිවෙළ ගැන එරට දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට තවම හැකිවූයේ නැත. 2008 දී තෝරාපත් කරගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසරක් ඇතුළත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කරගත යුතුව තිබුණත් වසර හතරක් ගතවන තෙක් ඒ ගැන එකඟතාවක් ඇතිකර ගැනීමට එරට දේශපාලන පක්ෂවලට නොහැකි විය. ඒ වසර හතරක කාලය තුළ ආණ්ඩු හතරක් බලයට පත් වීමෙන් නේපාලයේ පවතින දේශපාලනයේ ස්වභාවය තේරුම් ගත හැකිය. එකඟතාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය වරින්වර දීර්ඝ කළ ද එම එකඟතාව මිරිඟුවක් විය. අවසානයේ දී වසරක කාලයක් සඳහා නිශ්චිත කාර්යයකට තේරී පත්වූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය තවත් දීර්ඝ කිරීම නීති විරෝධී යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු දැන් රට පාලනය වන්නේ භාරකාර රජයක් මගිනි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ බබුරාම් භට්ටාරායි භාරකාර රජයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරන නමුත් ප‍්‍රධාන විපක්ෂ වන නේපාල කොංග‍්‍රසය හා මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂ එම තත්ත්වය පිළිගන්නේ නැත. නේපාල කොංග‍්‍රසයේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් නොමැතිව පවත්වන ඡන්ද විමසීමකට ඔවුන් සහභාගි නොවන බව ප‍්‍රකාශ කිරීමෙන් නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ වලංගුභාවය ගැන සැක උපදවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැනි බරපතළ කාර්යයක් ප‍්‍රධාන දේශපාලන පක්ෂයක සහභාගිත්වයෙන් තොරව සිදු කිරීමෙන් එහි සුජාතභාවය ගැන ප‍්‍රශ්නයක් මතු කරන හෙයිිනි. එමනිසා ඉදිරියේ පැවැත්වෙන ඡන්ද විමසීම වැදගත් වන්නේ ඊට ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහභාගි වන්නේ නම් පමණි. දැනට පවතින වතාවරණය අනුව එවැනි එකඟතාවක් ඇති කරගත හැකි ද යන්න ගැන බලාපොරොත්තු තැබිය නොහැක. වඩාත් බරපතළ වන්නේ ඉදිරි දින කීපය තුළ දී නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් වන නිසා ඒවාට පත්වීම් කරන්නේ කෙසේද යන්නයි. දැනට පවතින තත්ත්වය අනුව එම තනතුරු සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නම යෝජනා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා පත් කිරීම සිදු කරයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැර ඇති නිසා එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආයනතයක් නැත. දෙවැනිව පසුගිය මැයි මාසයේ දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හරින විට ජනාධිපති රාම් බරාන් යාදෙව් අය-වැය ලේඛනයක් සම්මත කළේ මාස තුනකට පමණි. අගමැති භට්ටාරායි වසරක් සඳහා අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළ ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුමැතියක් නොමැති එය වසරක කාලයකට අනුමත කිරීම ජනාධිපතිරයා ප‍්‍රතික්ෂේප කළේය. එම නිසා මාස තුනක කාලයෙන් පසුව රජය වියදම් සඳහා අනුමැතිය ලබා ගන්නේ කෙසේද යන්න ගැටලූවකි. නාමමාත‍්‍ර විධායකයා වන ජනාධිපතිවරයා භාරකාර රජයේ අගමැතිවරයාගේ උපදෙස් පිළිගත යුතු යැයි අගමැති භට්ටාරායි අවධාරණය කළ ද ජනාධිපතිවරයා ඊට එකඟ වන්නේ ද යන්න සැක සහිතය. නේපාල කොංග‍්‍රසයේ යෝජනාවක් අනුව තනතුරට පත් රාම් බරාන් යාදෙව් තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ එම පක්ෂයේ අදහස්වලට ය. එවැනි තත්ත්වයක් යටතේ එක විසඳුමක් වන්නේ විසුරුවා හරින ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආපසු කැඳවීම වුවද ඒ සඳහා විපක්ෂයෙන් පැනවෙන කොන්දේසිවලට අගමැති භට්ටාරයි එකඟ වන්නේ ද යන්න පැහැදිලි නැත. මෙම දේශපාලන අවුල් වියවුල් මැද නේපාල සමාජයේ බෙදීම් වඩාත් තීව‍්‍ර වන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. වරක් ශක්තිමත් එකතුවක් වූ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ කොටසක් මොහාන් වෛද් කිරාන් යටතේ කැඞී ගොසින් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ජන්ජාති සුළුතර කොටස් ඉන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇත. නේපාල කොංග‍්‍රසය ද සුසිල් කොයිරාල. ෂර් බහදුර් සියුබා හා රාම් චන්ද්‍ර පවුන්ඩල් අතර බල අරගලයකට මැදිව තිබේ. වඩාත්ම තියුණු වන්නේ මදේසි හා ජන්ජාති ජන කොටස් සිය වාර්ගික අයිතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටීමයි. බලවත් සන්ධීය රාජ්‍යයක් නොවන විසඳුමකට ඔවුන්ගේ සහාය ලබාගැනීම අසීරුය. මාවෝ නායක ප‍්‍රචන්ඩ මෙම ජන කොටස් සමග එකතුව පිහිටුවා ගෙන ඇති සන්ධීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය, සන්ධීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින නමුත් නේපාල කොංග‍්‍රසය හා එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය ඊට සහයෝගය දෙන්නේ නැත. මේ අතර රාජාණ්ඩුවට පක්ෂපාති කොටස් රටේ පාලනය නැවතත් ගයනේන්ද්‍රට පවරා ඔහු රජ කළ යුතු යැයි ඉල්ලීම කරති. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ ඊළඟ ඡන්ද විමසීම පැවැත්විය යුත්තේ නව ව්‍යවස්ථා සම්පාදක සභාවක් සඳහා ද නැතිනම් පාර්ලිමේන්තුවක් සඳහා ද යන්න තවත් ගැටලූවකි. මෙවැනි පසුබිමක් තුළ ලොව දුප්පත්ම රටවලින් එකක් වශයෙන් හැඳින්වෙන නේපාලයේ දේශපාලන අනාගතය ගැන සාධනීය තීරණ ගැනීමට එරට දේශපාලන පක්ෂ කනගාටුදායක ලෙස අපොහොසත් වීම සැබවින්ම ඛේදවාචකයකි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේශපාලන කුළල් කෑමෙන් අවුල්වන නේපාලය