දූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජය වහා පියවර නොගන්නේ නම් රටපුරා විරෝධතා රැලි සංවිධානය කර රජය පෙරළන්න තමන් සූදානම් යැයි නවදිල්ලි අගනුවර උපවාසයක යෙදෙන ගාන්ධි අනුගාමික අන්නා හසාරේ පවසයි.
දූෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජයට බල කරමින් හසාරේ සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඉකුත් 29 වැනිදාය. මේ වනවිට 3,000 කට වැඩි පිරිසක් ඔහුට සහාය දක්වමින් ඔහු අසල රැුඳී සිටිති. ඒ අතර විපක්ෂ මන්තී‍්‍රවරු ද සිටිති.
රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි ද හසාරේ චෝදනා කරයි. හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදී ද උපවාස කරමින් අගමැති සිං ප‍්‍රමුඛ රජයට බල කළේ රජයේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය. ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ අගමැති සිං මැදිහත්වී දූෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි.
‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් මේ වන තෙක්ම ඊට උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැත.
දූෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ.
අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් එම පනත් කෙටුම්පතට අනුව නියමිතව තිබේ. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ.
කිසියම් හෝ අකටයුත්තක්, දූෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ.
පසුගිය වසරේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය.
පනත කෙටුම්පත කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීහු ද රජයට චෝදනා කළහ. පනත කෙටුම්පත් කිරීමට සහාය දුන්නද හසාරේ චෝදනා කරන්නේ තමන්ගේ අනුදැනුමකින් තොරව එය ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දූෂණ මඬින්න පියවර නොගත්තොත් විරෝධතා පවත්වා ආණ්ඩුව පෙරළනවා
සරා Friday, 03 August 2012 01:56 PM
මේ වගේ එකක් ලංකාවේ තිබුණා නම් බලන්න ඕනෑ, කඳුළු ගෑස් ගහලා අවම බලය යොදලා විසුරුවා දමන හැටි. (නි)
ජගත් Wednesday, 01 August 2012 12:57 PM
අපිටත් මෙහෙම කෙනෙක් හිටියනම්.......... (නි)
සංජීව Thursday, 02 August 2012 09:03 AM
අපිට ඇත්තෙන්ම මෙවන් පුද්ගලයින් අවශ්‍යයි. (නි)
මුතු Thursday, 02 August 2012 04:28 PM
ලංකාවටත් මෙවන් කෙනෙකුගේ අඩුව තදින්ම දැනෙනවා. (නි)
ඩැනියෙල් Thursday, 02 August 2012 09:47 AM
අපේ අය හරිම පින්කාරයි. (නි)