IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්

ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. දෙවැනිවර විශිෂ්ට ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, පළමු කැබිනට් හමුවට සහභාගීවෙමිනි.

තමන්ගේ තීන්දු තීරණ සහ විධායක නියෝග හේතුවෙන් තමන් බොහෝ දෙනකුගේ උදහසට ලක් වී සිටින බවත්, තමන්ට මරණීය තර්ජන එල්ල වන්නේ එවැනි පාර්ශ්වයන්ගෙන් බවත් ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේ පළමු කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දුන්නේය. 

ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේය. මරණීය තර්ජන එල්ල වුවත් සමස්ත ඇමෙරිකානුවන් තමන් ආරම්භ කළ ‘ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ තීන්දු තීරණවලට කැමැත්ත පළ කර ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.

කැබිනට් මණ්ඩල හමුවේදී, සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අමතමින්, ට්‍රම්ප් දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය දැක්ම සහ ස්ථාවරය පැහැදිලි කළේය. ට්‍රම්ප් විසින් පනවනු ලැබ ඇති තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතරේ වැඩි වැඩියෙන් සාකච්ඡා විය.

කැබිනට් මණ්ඩල හමුවට ලොව අංක එකේ, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද සහභාගී විය. මස්ක්, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයාය. ඇමෙරිකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරිමේ නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මස්ක්ය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් අසුන් ගෙන ට්‍රම්ප් වටා සිටිද්දී, මස්ක් මුල්ලකට වී සිටි අතර, ට්‍රම්ප් මස්ක්ට අවස්ථාව දුන් විට ඔහු සියලු දෙනා අමතමින්, රජයේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්

Nihal Dharmatileke Thursday, 27 February 2025 04:51 PM

ඇමෙරිකානුවන් කියන්නේ කවුද? ලස්සන කුරුළු තටුවලින් හදපු හිස්වැසුම් පැළඳගෙන දුනු, ඊතල සහ පොරවක් අතින් රැගෙන යන්නේ රතු ඉන්දියානුවන්ටයි. ලොකුවට කතා කරන්නේ ඇමෙරිකානුවෝ... නොයෙකුත් රටවල් වලින් ඇරපු අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 27 967 1

ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්


ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී
2025 පෙබරවාරි මස 27 820 0

ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොල


යුරෝපීය කොමිසමේ සභාපති ඉන්දියාවට
2025 පෙබරවාරි මස 27 51 0

යුරෝපීය කොමිසමේ සභාපති උල්සුලා වොන් - ඩර් ලෙයෙන් සහ යුරෝපීය සංගමයේ කොමසාරිස්වරුන්ගේ විද්‍යාල නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙන බ


පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි
2025 පෙබරවාරි මස 27 638 2

සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්


නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් සමුගනී
2025 පෙබරවාරි මස 27 154 0

1990 සහ 2000 වසරවල ජනප්‍රිය ළමා නිළියක සහ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ජනප්‍රිය වූ ඇමෙරිකන් නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් මියගිය බවත්, මියයන


ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
2025 පෙබරවාරි මස 26 32 0

ඉන්දුනීසියාව, රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 27 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 328 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 473 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site