IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ධීවර කර්මාන්තයට දෙන සහනාධාර සීමා කරන්න

ධීවර කර්මාන්තයට ලබාදෙන සහනාධාර සීමා කරන්නැයි ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දීය ධීවර ප්‍රජාවෙන් විරෝධයක් එල්ල වී තිබේ.

ලෝක වෙළෙඳ සංවිධානය සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලීම්වලට කන් නොදෙන බවට ද ඔවුන්ගෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

“සාම්ප්‍රදායික ධීවරයන් ලැබෙන සහනාධාර නැවතුණොත්, ඔවුන්ගේ ජීවිත සහ ජීවනෝපය නවතිනවා. ඒක නිසා සහනාධාර සීමා කිරීම සාම්ප්‍රදායික ධීවරයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයක්. සහනාධාර සීමා කරනවා නම් හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒක මහ පරිමාණ/වාණිජ ධීවරයන්ට අදාළ විය යුතු යි. ඒක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම” බටහිර බෙංගාලයේ ධීවරයකු වන බිමාන් ජනා පැවැසීය.

සහනාධාර සීමා කිරීම සඳහා ඉදිරිපත් වී තිබෙන යෝජනාවෙන් ආහාර සුරක්ෂිතතාව, කුඩා ධීවරයන්ගේ ජීවනෝපාය, යනාදීය සම්බන්ධයෙන් අවධානය කර නැති බවට චෝදනා එල්ල වී තිබෙන අතර අදාළ කෙටුම්පත මඟින් දියුණු රටවල දිගු දුර ධීවර කටයුතු සහ එම ඔවුන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි සකස් කර ඇතැයි ද පැවසේ.

ලෝක වෙළෙඳ සංවිධානයේ 12 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ජූනි 12 වැනිදා ආරම්භ විය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මෙම රැස්වීම පැවැත්වෙන අතර සිය විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ධීවර ප්‍රජා නියෝජනය කරමින් ධීවරයෝ 34 දෙනෙක් ජිනීවා නුවරට ගොස් සිටිති.

ඔවුහු ඉකුත් දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට විරෝධතාවක ද නිරත වූහ. ගුජරාට්, මහාරාෂ්ට්‍ර, ගෝවා, කර්නාටක, කේරළ, තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්, බටහිර බෙංගාලය යන ප්‍රාන්ත නියෝජනය කරමින් ධීවරයෝ මීට එක්ව සිටිති.

සමුද්‍රීය සම්පත් ක්ෂය වීමට ධීවර කර්මාන්තයේ නියුතු දැවැන්තයන් වන යුරෝපය සහ චීනය වගකිව යුතු යැයි ද මෙම ධීවරයෝ චෝදනා කරති.

ඒ.එන්.අයි. 



අදහස් (0)

ධීවර කර්මාන්තයට දෙන සහනාධාර සීමා කරන්න

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 293 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 237 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 653 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 90 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 93 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 522 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2160 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site