බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවෝ 483 දෙනෙක් ඊයේ (2) පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධතාව සංවිධානය කර තිබුණේ බෙල්ජියම් සාම කි‍්‍රයාකාරීන්ගේ එකමුතුවක් වන ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයයි. විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක්, නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේ නේටෝ හමුදා ඇෆ්ගන් සහ ලිබියා අර්බුදයට මැදිහත්වන බවටත් න්‍යෂ්ටික යුද්ධයක් ඇරැඹීමට කටයුතු කරන බවටත් චෝදනා කරමිනි. ”කිසිම විරෝධතාකරුවකුට ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.” යැයි බ‍්‍රසල්ස් නුවර පොලිස්පති කි‍්‍රස්ටියන් දෙ කොනික් පවසයි. ‘නේටෝව එපා. නේටෝව විසුරුවා හරිමු. අපට දැන්ම සාමය ඕනෑ’ යැයි කෑ ගසමින් විරෝධතා පුවරු අතැතිව පැමිණි විරෝධතාකරුවන් ගොඩනැගිල්ල ඉදිරියට පැමිණෙද්දී කැරැලි මර්දන පොලිස් නිලධාරීහු ඔවුන්ට හරස් වූහ. පොලිස් අශ්වාරෝහක බළකායක් ද ඒ අතර සිටියේය. ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය. අත්අඩංගුවට ගැනීමේදී කිසිම විරෝධතාකරුවකුට අනතුරක් සිදු නොවූ බව බ‍්‍රසල්ස් පොලිස්පති අවධාරණය කරයි. විරෝධතාකරුවන් මෙල්ල කිරීමට පොලිස් නිලධාරීන් 600 ක් යොදවා තිබුණි. ”ලෝකයට යහපතක් කරනවා යැයි පවසමින් නේටෝව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වෙනවා. ආරක්ෂාව යැයි පවසමින් න්‍යෂ්ටික මිසයිල වැඩසටහනක් ආරම්භ කරන්න සැරසෙනවා. අප ඊට විරෝධය පළ කරනවා” යැයි ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයේ ප‍්‍රකාශක බෙනෝයි කාල්වී පවසයි. විරෝධයට එක්ව සිටි වැඩි දෙනා බෙල්ජියම් ජාතිකයෝය. ඊට අමතරව නේටෝ සංවිධානයට අයත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මනි, ස්පාඤ්ඤ, ස්වීඩන සහ තුර්කි රටවල සාම කි‍්‍රයාකාරීහු ද ඊට එක් වූහ.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට