ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ග්‍රීන්ගන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවටත්, ලෝකයේ ආරක්ෂාවටත් අවශ්‍ය බව පැවැසීය. ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස කිසිසේත් බැහැර කර නැතැයි ට්‍රම්ප් අවධාරණය කළේය.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම්, මාර්ක් රූට්, ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට පැමිණියේ, රුසියන් යුක්රේන යුද්ධය ගැනත්, ට්‍රම්ප් සහ ‘නේටෝ’ සංවිධානය අතරේ පවතින මත ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක්වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
ග්‍රීන්ලන්තය ස්වයං පාලන ප්‍රදේශයක් වුවත්, එහි අයිතිය ඇත්තේ ඩෙන්මාර්කයටය. ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරා ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිදු අදහසක් පළ නොකරන නමුත්, ට්‍රම්ප් පවසන ආකාරයට ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ආරක්ෂාවට අත්‍යාවශ්‍ය යැයි නේටෝ මහ ලේකම්වරයා අවධාරණය කළේය.
(අල් අසීරා)
කුඩා ආර්ථිකයක් හිමි දිළිඳු රටවලට පැනවූ බදු ඉවත් කරන්නැයි ඇමෙරිකන් වෙළෙඳ හා සංවර්ධන ඒජන්සිය, ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇත.
ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ
ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ, අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල විනාශ විය. ඊශ්‍රායල හමුදා මෙම රෝහලට පහර දී ඇත්තේ, හමාස් ඉලක්ක හඳුනා ගනිමිනි.
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි