IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නරියා,දැරියගේ මුහුණ ලෙව කයි

තට්ටු නිවාසයක සිව්වැනි මහලේ සිටි හිවලකු පිළිබඳ වාර්තා වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරිනි.

ජෝ විලියම්ස් (40) සහ ඇගේ හය හැවිරිදි දියණිය පමණක් එදින රාති‍්‍රයෙහි නිවසෙහි සිටියහ.

දියණියගේ කාමරය අසල කාමරයෙහි සිටි විලියම්ස්ට දියණියගේ කාමරයෙන් අමුතු ශබ්දයක් ඇසී තිබේ. ඇය වහා දියණියගේ කාමරයට ගොස් බැලූ විට දියණියගේ ඇඳ උඩ සිටි හිවලකි.නිදා ගෙන සිටි තම දියණියගේ මුහුණ, කට එම හිවලා ලෙවකනු ඇය දිටීය.

දුටු දෙයින් ඇයට විශාල බියක් ඇති වූවත් දියණිය බේරා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරීමට සිදු වීය.  අසල්වැසියකුගේ උදව් ඇතිව පැය කිහිපයක් වෙහෙස දරා හිවලා ගෙයින් එළියට දමා තිබේ.

මුහුණේ වියළි බව නැති කිරීමට පළතුරු රසැති කී‍්‍රම් වර්ගයක් මුහුණේ තවරා තිබීම නිසා හිවලා ඇගේ මුහුණ ලෙව කන්නට ඇතැයි ඇගේ මව විලියම්ස්  කියයි.

මීට පෙරත් අවස්ථාවන් කිහිපයකදීම හිවලූන්ගෙන් තුවාල ලැබූ කුඩා දරුවන් පිළිබඳ ලන්ඩන් නගරයෙන් වාර්තා වී ඇත. හිවලූන් නගරයට ඒමට හේතුව නගර වැසියන් ලබා දෙන ආහාර වලට ඔවුන් පුරුදු වී සිටීම බව බලධාරීන් සඳහන් කරයි.

 



අදහස් (0)

නරියා,දැරියගේ මුහුණ ලෙව කයි

මාටින් Tuesday, 01 October 2013 05:38 PM

සත්‍යපාල, දියුණු රටක ජිවත් වෙනවා වගේ පෙනෙන්නේ. ඔබ කියන සියලු දේ, වැරැද්දක් කියලා මිනිස්සුන්ට පෙනෙන්නේ නැති තරමට, ලංකාවේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් Tuesday, 01 October 2013 12:22 PM

මෙන්ටල් සත්‍යපාල, මිනිස්සු මරාගෙන කන්නේ ඉක්මනින් බෝවෙන සතුන්. එම නිසා ඔබේ ඔය මෝඩ කතා මෙහෙ කියන්න නැතුව ඉන්න එක හොඳයි... (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 11:44 PM

සත්‍යපාල ඇත්තක් කිවුවා. අමර මොකද හරකෙක් වගේ අනින්න පනින්නේ? (නි)

:       0       0

අශෝක Monday, 30 September 2013 11:45 PM

අනේ සත්‍යපාල, ඔබ දන්නා දෙයක් නැහැ. එංගලන්තේ නරි හිටියට ලංකාවේ ගෙවල් අස්සේ නරි නැහැ. මේක අපේ ලංකාව, ශ්‍රී ලංකාව (නි)

:       0       0

චන්දි Monday, 30 September 2013 03:38 PM

මන් අහල නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා ., ඔයා ඉන්න ගමේ අය හිවල් මසුත් කනවද ..?(නදී)

:       0       0

මාටින් Tuesday, 01 October 2013 05:51 PM

සිගිරිය පැත්තේ දඩමස් වලට කෑදර විදේශික කාර් රියදුරන්ට ඒ දවස්වල මුව මස් කියලා නරි මස් දීලා තිබුනා

:       0       0

අප්පුවා Monday, 30 September 2013 03:47 PM

හිවල්ලු මිනි මස් කන්නේ නැහැ ඒවා කන්නේ ලංකාවේ ගැනු (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 30 September 2013 03:52 PM

ගමේ මිනිස්සු හිවල් මසක් වත් නොකෑවත් සත්‍යපල සර්විස් ස්ටේෂන් එක ගැන කියන දෙවල් ලොකු සත්‍යයක් තිබෙනවා. වාහන සර්විස් කරන ස්ථානවලින් ඉවතලන ලිහිසි තෙල් සහ රසායන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යුරෝපයේ නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා , තෙල් බින්දුවක් වත් පසට මිශ්‍ර වෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ , ලංකාවෙ නම් මේවා නිකම්ම කානුවකට දමනවා මේ වගේ අධිනවා අපිට ලැබෙන්නේ තව අවුරුදු කිහිපයකින් , රජරට ප්‍රදේශයේ ජලයට වෙලා තිබෙන විනාශය පෙනෙනවා නේ ?(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 01 October 2013 01:05 AM

ලංකාවේ හිවල්ලු එංගලන්තෙට යවමුද?සත්‍යපාල ඉඳලා හිටලා ඇත්ත කියනවා. හිවලා හා නරියා එකාමද. (නි)

:       0       0

කිරි මාටින් Tuesday, 01 October 2013 06:28 PM

කව්ද මේ තව මාටින් සහෝදරයෙක් ඉන්නේ? මම හිතන්නේ සහෝදරයා නරි මස් නෙමෙයි බලු මස් වෙන්න ඇති. මොකද නරි මස් මුව මස් වලට වඩා ගණන්, සහ හොයාගන්න හරි අමාරුයි (නි)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 03:06 AM

නිසල්, අනේ අල්ලපු ගෙදර නෝනා මස් කඩේ යන්නේ නැහැ.උදේට ඇට කටු බල්ලන්ට දානවා පේනවා.. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්හා Tuesday, 01 October 2013 01:15 AM

ඊ ළඟ මැතිවරණයේදී සත්‍යපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවමු. ඡන්ද ලකුණ කුකුලෙක් කටින් ගත් නරියෙකු විය යුතු වේ (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 01 October 2013 01:17 AM

සත්‍යපාල කියන එක ඇත්ත. (නි)

:       0       0

සරත් බුද්දන්ගල Tuesday, 01 October 2013 01:41 AM

සත්‍යපාල, ඔබේ කතාව වෙනුවෙන් යමක් නොලියා සිටීම ගුණමකුකමක්. රතු ඉන්දියානු ගෝත්‍රික සියැටල් නොහදුනන, ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්ය ටිම් ගැන නොදන්නා ලංකාදීප පාඨකයන්ට ඔබ කියන දෙය තේරුම් ගැනීමට තවත් වසර මිලියනයක් යාවී (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 02:53 AM

නරින්ට ගිය ලෝකේ. අපේ නරි තාම හූ ..කියනවා ඇහෙනවා. පේනවා. (නි)

:       0       0

රජින්ද Tuesday, 01 October 2013 07:13 PM

ඇත්තෙන්ම සත්‍යපාල මහත්මා කියනදේ වෙනුවට වෙන මෝඩ දේවල් තේරුම්ගෙන මෙතන අදහස් දාන අය වගේ කට්ටිය තමයි අපේ රටෙත් වැඩිපුරම ඉන්නේ. හරිදේ කියන... දකින කෙනාව අනික් අයට දැන් ජෝකර් කෙනෙක් වගේ පේන්නේ. අපේ රට විනාශ වෙන්න පටන් අරගෙන ඉවරයි. ඒ දේ තේරෙන්නේ සංවේදී පුරවැසියන්ටම විතරයි. (නි)

:       0       0

නන්දික Tuesday, 01 October 2013 02:56 PM

සත්‍යපාල, ඇත්ත තරම් තිත්ත දෙයක් ලෝකේ නෑ. ඕක තේරුම් ගන්න මේ ප්‍රතිචාර ටිකම ඇති. (ස)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 07:47 PM

මගේ දෙයියෝ! "සංවේදී පුරවැසියන්ටම විතරයි" (නි)

:       0       0

මසූඩ් Tuesday, 01 October 2013 06:14 AM

විනෝදාස්වාදය නරි දඩයම කරගත් අපේ කට්ටියට දැනුම් දෙන්නයි තිබුණේ (නි)

:       0       0

හසරැල් Tuesday, 01 October 2013 06:23 AM

හිවලා හරි ලස්සන සතා නේද? (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:29 AM

නැතුව,නැතුව... අපේ ආච්චිලා සීයලා කුඹුරු කෙටුවට මුනුබුරු මිනිබිරියෝ ඕවා දන්නේ නැහැ නෙව අයියේ. (නි)

:       0       0

සේන Monday, 30 September 2013 06:03 PM

චන්ඩි, මෝඩකම පෙන්නන්න එපා. සත්‍යපාල ලියලා තියෙන දේ හරියට කියවලා බලන්න (නි)

:       0       0

සෝමසිරි Tuesday, 01 October 2013 08:09 PM

ඔය හිවල්ලු ලෙව නොකන දෙයක් නැහැ (නි)

:       0       0

චමින්ද Tuesday, 01 October 2013 07:51 AM

නරිත් දැන් කාලේ පොටකට ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 01 October 2013 08:21 AM

ද සිල්වා ,අමර, සරත් ඇතුළු කිහිප දෙනෙක් සත්‍යපාලගේ අදහස් තේරුම්ගෙන තිබෙනවා.එහෙත් සත්‍යපාලව විහිලුවට ගත්ත අපේ අයට ඔය ටික තේරෙනකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. (නි)

:       0       0

චන්න-ඇමරිකාව Monday, 30 September 2013 12:47 PM

මෙගේ පාරවල් වල හරියට නරි ඉන්නවා රෑට.නමුත් අනතුරක් නැහැ.(නදී)

:       0       0

මේනක, ෆ්ලොරිඩා ඇමරිකාව Monday, 30 September 2013 07:09 PM

මෙහෙත් නරි ඉන්නවා. උන්රූට කැලයෙන් එලියට ඇවිත් කාර්වල බොනට් එක උඩ නිදාගන්නවා එන්ජිමේ උනුහුම ලබාගන්න. මිනිසුනට කරදර නෑ.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 09:00 PM

සත්‍යා කියන දේ නොතේරෙනවා වගේ ඉන්න අයට මොනවා කිවුවත් වැඩක් නැහැ. ඒත් සත්‍ය ඕක තමා. (නි)

:       0       0

නිසල් Tuesday, 01 October 2013 09:09 PM

පිටරටවල සතුන්ට ආදරේ කරද්දී අපේ රටේ මිනිස්සු ගෝත්‍රික යුගයේ ජිවත් වෙමින් සත්තු මරාගෙන කනවා (නි)

:       0       0

සත්‍යපාල Monday, 30 September 2013 01:55 PM

එංගලන්තයේ ලන්ඩන් වල හිවල්ලු වගේ සත්තු හිටියට අපේ ලංකාවේ ඈත ගම් පළාතකවත් සත්තු ඉතුරුවෙලා නෑ.මරාගෙන කාලා.මේවා නවත්වන්නට ඕන කියලා හිතන්නට තරම් ලංකාවේ අය දියුණු නෑ.දැන් ගස් ටිකත් කපල ගලවල ඉවරකරමින් ඉන්නේ.වතුර ටිකටත් වසවිස කලවම්වෙලා.කර්මාන්තශාලා වාහන සර්විස් කරන තැන ඔක්කොම තියෙන්නේ වතුර ගලයන ඇල දොළ ආසන්නයේ.ඔක්කොම තෙල් රසායන ද්‍රව්‍ය ලේසියෙන් වතුර පාරට හොරෙන් හරවන්න පුළුවන් නිසා.වතුර සමඟ පොලවට යන වස විස තව අවුරුදු 500 -1000 වත් යනතුරු පරම්පරා ගණනාවක් ලෙඩ කරනවා.මේවට ඉඩදෙන අපි අපේ දරුවන්ගේ දරුවන්ටත් කළ හැකි ලොකුම විනාශය කරලා ඉවරයි.ඒත් ඉතින් තේරෙන මිනිස්සු රටේ බොහොම හිඟයි.වැඩි දෙනෙක් කපුවන්ට සාස්තරකරයන්ට දේවාලවලට අණ වින හූනියම් වලට රැවටෙන, නැවත නැවතත් සක්විතිලට,කොතලාවලලට,දැඩි දඩුවම්ලට රැවටෙන, කතරගම දෙවියන් පණපිටින් එනතුරු අහස දෙස බලාගෙන ඉන්න රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.අනේ අපේ රට. (ස)

:       0       0

ටිරෝනි සෙනවිරත්න Monday, 30 September 2013 02:05 PM

බලනකොට කකුල් හතරේ හිවලුන් කකුල් දෙකේ අයට වඩා හොදයි.(නදී)

:       0       0

ශාන සෞදි Tuesday, 01 October 2013 10:02 PM

කොහොමත් එංගලන්තයේ වැඩිහරියක් ඉන්නේ හිවල්ලු තමා. වෙනසකට තියෙන්නේ වලිගෙ නැති එක විතරයි (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 30 September 2013 02:28 PM

ලෙව කාලා ඉතිරි කෙරුවා ඇති. මුහුනේ පැත්තක් හෙම කඩාගෙන නොකා. ටිරෝනි කිව්වා වගේ කුකුල් දෙකේ එකෙක් නම් ඔයින් නවතින්නේ නැහැ. (නදී)

:       0       0

අමර Monday, 30 September 2013 09:34 PM

සත්‍යපාල මහතාණනි, මෙය ඔබේ සත්‍ය නම නොවෙන්න පුළුවන්. ඒත් සඳහන් කර ඇති නමට ඉතාම ගැලපෙන අදහස ඔබ ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මම හදවතින්ම ස්තුති කරනවා. අපේ රටේ ආත්මාර්ථකාමී බත් කන හරක්ට නොතේරෙන දේත් ඕකයි.(නදී)

:       0       0

සම්පත් Monday, 30 September 2013 02:39 PM

නරි බෑනා.(නදී)

:       0       0

චමී Monday, 30 September 2013 02:53 PM

සත්‍යපාල - යකෝ නරි මරන් කන එවුනුත් ඉන්නවද - අපොයි මාළු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 148 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 122 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 280 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 54 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 67 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site