‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම සඳ ගවේෂණයට යැවූ ‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය අද (2) සාර්ථකව සඳට පතිත කළේය.
‘බ්ලූ ගෝස්ට්’ චන්ද්‍ර ගවේෂණ යානය, පෘථිවියෙන් නික්ම ගියේ පසුගිය ජනවාරි 15 වැනිදාය. පෘථිවි කක්ෂයේ සිට යානය සඳ බලා යන ගමනේ දී කෙමෙන් කෙමෙන් ඈත් වන පෘථිවියේ දසුන් පවා යානයේ කැමරාවල සටහන් විය. ඒවා ද පෘථිවියට ලැබී ඇත.
පෘථිවියෙන් නික්ම ගොස්, කිලෝ මීටර් 384,400 ක ගමනකින් පසු, ‘බ්ලූ ගෝස්ට්’ යානය, සඳ ආසන්නයට පැමිණ, පසුගිය පෙබරවාරි 13 වැනිදා සඳුගේ කක්ෂයකට පිවිසුණු ‘බ්ලූ ගෝස්ට්’, දින 16 ක් සඳ වටා කක්ෂගතව සිටියේය. එසේ සිටිද්දී, සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින්, පෘථිවිය නැගී එන අයුරුත් බැස යන අයුරුත් දැක්වෙන විස්මිත දසුන් ද පෘථිවියට එවීමට කටයුතු කළේය.
පසුගිය පෙබරවාරි 18 වැනිදා, යානය එහි තෙරපුම් පද්ධතිය පණ ගන්වා, සඳුගේ පහළ කක්ෂයකට පිවිසිණි. ඒ සඳට ගොඩබෑමේ අරමුණින්ය. යානය සඳුගේ පහළ කක්ෂයට පිවිසෙද්දී එය, සඳුගේ කක්ෂයේ වට දෙකක් සම්පූර්ණ කර තිබුණි. අද (2) ‘බ්ලූ ගෝස්ට්’ සඳට ගොඩබෑවේය.
‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානයේ කටයුතුවලට ඇමෙරිකන් නාසා ආයතනය ද සම්බන්ධ වී සිටී. එසේ වුවත් ‘බ්ලූ ගෝස්ට්’ මෙහෙයවන්නේ ද මෙම ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගමය. නාසා ආයතනයට අයත් විද්‍යා උපකරණ, ඇතුළු තවත් උපාංග 10 ක් ‘බ්ලූ ගෝස්ට්’ යානයට සවි කර ඇත. සඳ මතුපිට ගවේෂණය සහ සිතියම්ගත කිරීමට අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි.
(ඩේලිමේල්)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැ
බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි.
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ ද හමුවකන් පැවැත්විණි.
දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් නොමැතිව තනිවම හුස්ම ගන්නා බවත්
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් සහ නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
නිල් භූතයා හඳට ගොඩබසී
Nilmini Sunday, 02 March 2025 04:39 PM
චිචී චික් චික් කියමින් ලංකාවෙන් යැවූ යානය තවමත් එහේ මොකද කරන්නේ කියලා බලාගෙනම එන්න කියන්නකෝ..!