නව හැවිරිදි පුතනුවන්ට තම ෆෙරාරි රථය පැදැවීමට දුන් ඉන්දීය ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට එරට පොලිසිය සැරසේ.
සිය පුතණුවන්ගේ නව වැනි උපන් දිනය වෙනුවෙන් මේ ව්‍යාපාරිකයා පොරොන්දුවී තිඛෙනුයේ තම මිල අධික
එමෙන්ම වේගවත් ෆෙරාරි මෝටර් රථය තනිව පදවාගෙන යාමට අවස්ථාව ලබා දෙන බවයි.පොරොන්දු ප්‍රකාරව පුතනුවන්ට රථය පැදවීමට දී ඇති ඔහු එම අවස්ථාව වීඩියෝ ගත කර යූ ටියුබ් වැනි වීඩියෝ පට හුවමාරු කර ගත හැකි වෙබ් අඩවි වලටද එක් කළේය.
මේ වීඩියෝව දුටුවන් කළ පැමිණිලි වලින් මෙහෙයවී ඇති පොලිසිය දැන් ව්‍යාපාරිකයාට එරෙහිව බලපත්‍ර නැති පුද්ගලයෙකුට මෝටර් රථයක් පදවාගෙන යාමට ඉඩ ලබා දීමත් එම සිදුවීමේ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමෙන් අනෙක් පුද්ගලයන්ටද වැරදි ආදර්ශයක් ලබා දීමත් යන චෝදනා යටතේ නඩු පැවැරීමට යයි.
මෝටර් රථයද නුදුරේදීම පොලිස් භාරයට ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවයේ පුතා ෆෙරාරි පදවයි
සනත් Wednesday, 01 May 2013 08:07 AM
ඕවා ඔප්පු කරන්න ටිකක් අමාරු වෙයි. අද තාක්ෂණයේ හැටියට ඔහොම දේවල් හදලා දාන්නත් පුලුවනිනෙ. (නි)
ශාන්ත Tuesday, 30 April 2013 01:17 PM
ඉතාමත් හොද පියෙක්. (ස)
සතිස් Tuesday, 30 April 2013 07:41 PM
අපි පොඩි කාලේ පැද්ද පොල්පිති ගොනා, රෝද තුනේ බයිසිකල් මොන තරම් සුන්දර අත්දැකීමක්ද?(නු)
සතිස් Tuesday, 30 April 2013 07:41 PM
අපි පොඩි කාලේ පැද්ද පොල්පිති ගොනා, රෝද තුනේ බයිසිකල් එක මොන තරම් සුන්දර අත් දැකීමක්ද?(නදී)
පුෂ්පා Tuesday, 30 April 2013 02:19 PM
සල්ලි තිබුනට මොලේ නැහැ. ඒකයි මේ. (ස)
සංක Tuesday, 30 April 2013 08:44 PM
සල්ලි තරමට මොලත් තිබුනානම් !(නදී)
ගාමිණී සිරි Tuesday, 30 April 2013 03:04 PM
ඒ කට අපේ අප්පච්චිලා ... රෝද තුනේ බයිසිකලය වුණත් පදින්න දුන්නේ ඔය වයසේදී බඩ සුද්ද වෙන්න අම්මා දෙන බෙහෙත්,ලුණු කැද බිව්වොත් තමා! (නි)
චන්ද්‍රසිරි Tuesday, 30 April 2013 11:27 AM
නඩු දන්නා හොද නැහැ . කොයි තාත්තත් දරුවන්ට ආදරෙයි. (ස)
දම් Wednesday, 01 May 2013 01:49 AM
ඔය කිව්වටම අල්ලයි, බලාගෙන ඉන්නකෝ. (නි)
පාලිත Wednesday, 01 May 2013 02:29 AM
අනේ! අපේ පොඩි එකාට උපන්දිනයට කන්න කේක් එකක් අරන් දෙනා විදිහක් ගැන අපි හිතනවා...? (නි)
දයා Tuesday, 30 April 2013 12:10 PM
සල්ලිකාරයෝ කෝටිපතියොනේ.. මොනවද කරන්න බැරි. (ස)
සම්පත් Tuesday, 30 April 2013 12:29 PM
දැන් ලංකාවේ ඇමති පුත්තු මේක පටන් ගනිවී (නි)