පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි.
රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ, තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
පළමු බෝම්බය පුපුරා ගියේ මුහම්මද් නබි නායක තුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊසානදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ මුස්ටාන් නුවර පැවැත්වුණු ආගමික රැලියක් පැවැත්වෙද්දීය.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව බලුකිස්තාන පොලිස්පති අබ්දුල් කලීක් ෂයික් තහවුරු කර තිබේ.
ආගමික රැලියට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙක් ද ජීවිතක්ෂයට පත් විය.
නවාස් ගිෂ්කෝරි නමැති එම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වූයේ බෝම්බකරු මෙල්ල කිරීමට යෑමේදී යැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
දෙවැනි බෝම්බය පුපුරා ගියේ නිරිතදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ හැංගු නගරයේ මුස්ලිම් පල්ලියක් තුළය. එයින් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 15 කි.
පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන 'තරීක් ඊ තලේබාන්' ත්‍රස්ත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාර දෙකට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
සිදුවුණු බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව ද 'තරීක් ඊ තලේබාන්' කණ්ඩායම වැඩි දුරටත් පවසා තිබේ.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයේ අගමික රැලියකට බෝම්බ ප්‍රහාරයක්