යූසොෆ් රාසා ගිලානී පාකිස්තාන අගමැති ධුරයට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ එම ධුරය සඳහා ඇඟලූම් කර්මාන්ත ඇමැති මක්ඩූම් ෂහබුදීන් නම් කිරීමට ජනපති අසීෆ් අලී සර්දාරි ඊයේ (21) පියවර ගත්තේය.
නව අගමැතිවරයා ලෙස ෂහබුදීන් පත් කිරීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් අද (22) දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති සර්දාරි බලාපොරොත්තු වෙයි.
මක්ඩූම් ෂහබුදීන්, අගමැති ධුරය සඳහා සිය නාම යෝජනා පත‍්‍රය බාර දී ඇති අතර, එය යම් හෙයකින් ප‍්‍රතික්ෂේප වුවහොත් විකල්ප අපේක්ෂකයා ලෙස තවත් ඇමැතිවරුන් දෙදෙනකු නම් කිරීමට ද ජනපති සර්දාරි පියවර ගෙන තිබේ.
තලේබාන් සංවිධානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පීඩා විඳිමින්, අල් කයිඩා සටන්කාමීන්ට රැකවල් ලබා දෙන බවට චෝදනා එල්ල වී ඇමෙරිකාවේ උදහසට ලක් ව සිටින අවස්ථාවක ගිලානී අගමැති ධුරයට නුදුසුදු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමට හේතුවිය.
එම අර්බුදය විසඳා ගැනීමට ජනපති සර්දාරි තම පක්ෂය වන පාකිස්තාන ජනතා පක්ෂයේ සහ රජයේ සභාග පක්ෂවල ද මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡා කොට මක්ඩූම් ෂහබුදීන් අගමැති ධුරය සඳහා නම් කිරීමට තීරණය කළේය.
අගමැති ගිලානි අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඉකුත් 19 වැනිදාය.
ඒ, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු අධිකරණයට අපහාස කරමින්, අධිකරණයක් හමුවේ වරදකරුවකු වුවහොත් ඔහුට මන්තී‍්‍ර අසුන අහිමි වේ. ගිලානි අගමැති ධුරයට නුදුසුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ එහෙයිනි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයේ අගමැති ධුරයට ඇඟලූම් ඇමැති ෂහබුදීන් නම් කෙරේ