ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය.
මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්‍රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්‍රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බව ද පැවැසෙයි.
පාකිස්තානය චන්ද්‍රිකාව නිපදවූයේත්, එය අභ්‍යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙනි. චීනය අභ්‍යවකාශය ජයගත් ආසියානු රටකි. මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. ඉදිරියේ දී සඳ තරණයටත් චීනය සූදානම් වෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි
Lalla Friday, 31 May 2024 12:24 PM
අපේ අභ්‍යාවකාශ විශේෂඥ රෝහිත රාජපක්ෂ උත්තමය යැව්ව චන්ද්‍රිකාව දැන් කොහෙද දන්නේ නෑ....රනිල් සර් විදේශ විනිමය හොයන්න ඒකත් ඇමරිකාවට වික්කද?
මරිසිපාල Friday, 31 May 2024 04:06 PM
නෑ නෑ ඒක දැන් ඔය අලුතින් සොයාගෙන තියෙන පෘථිවිය හා සමාන ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි ග්‍රහලෝකයට ආසන්නම වෙලා තියෙන්නේ. හෙට අනිද්දා එහි කක්ෂයට ඇතුල් වෙලා ගොඩ බෑමෙන් පස්සේ ලංකාවෙන් අරගෙන ගිය මුදලුත් එහි තැන්පත් කරන්න ඉඩ තියෙනවා. චිචී චික් චිචී චික්.ප්‍රවේශමෙන් ඉන්න මොකද සල්ලි බාලා ඉක්මනින් ආපසු එන්න පුළුවන්. තියෙන කීයක් හරි ගන්න බැරිවෙන්න තියන්න හොදේ?
Achini Friday, 31 May 2024 01:05 PM
අපේ චන්ද්‍රිකාව කොහේද දන්නේ නැහැ නේද ගියේ...?
බද්රානි Friday, 31 May 2024 01:12 PM
අපේ ලංකාවේ ගගන ගාමියා... ඩොලර් මිලියන තුන්සියයක් වියදම් කරලා උඩ ඇරපු රොකට් එක ගැන දැන් කාටවත් මතක නැහැ.... ඒක හොයා ගන්න බැරි තරමටම උඩට ගියා.. කාටද ආඩම්බර...?
sachith Friday, 31 May 2024 01:41 PM
ඕක නම් මොකක්ද? අපිත් එකක් උඩ යැව්වේ. යැව්වත් හරි වෙච්චි දෙයක් නෑ. මේ පාකිස්තාන් චන්ද්‍රිකාවෙන්වත් ඒක හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Hafeel Friday, 31 May 2024 01:56 PM
මෙහෙ අපේ චිචීත් එකක් උඩ යැව්වා නේද? දැන් ඒක මැද මුලනේ අහසේ ගිහින් නතර වෙලා වගේ...!