පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ඊයේ (17) උදෑසන එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අනතුර සිදුවූයේ කරච්චි නුවරට නිරිත දෙසින් පිහිටි ක්වසීම් නමැති නගරය අසලදීය. පාකිස්තාන පුවත් සේවා පැවැසුවේ අනතුරින් 25 දෙනකු මියගිය බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කියාය. කෙසේ නමුත් ඇතැම් විදෙස් පුවත් සේවා වාර්තා කළේ අනතුරින් මිය ගියේ දෙදෙනකු පමණක් කියාය.
දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් එක් දුම්රියක් පීලි පැන අනෙක් දුම්රිය මත පතිත වී ඇත. දුම්රිය මැදිරි තුළ තුවාල ලබා සිරවූවන් බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන් සහ සහන සේවා නිලධාරීන් යුහුසුළු වූ අතර ඔවුන්ට හමුදාවේත් පොලිසියේත් සහාය හිමි වී ඇත.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ සවස් වන තුරුම සිදු වූ අතර ජින්නා රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ තුවාල ලැබූවන්ට කඩිණමින් ප‍්‍රතිකාර ආරම්භ කර ඇති බවය.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තාවේ. ඒ අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද රෝහල් බලධාරීහු පවසති.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවුණේ කුමක්දැයි සෙවීමට කඩිණමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි පාකිස්තාන රජය පවසයි.
කරච්චි දුම්රිය ස්ථාන බලධාරීන් පවසන්නේ සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවූ බවය. අනතුර සිදුවෙද්දී දුම්රිය දෙකෙහි අටසියයකට වැඩි පිරිසක් ගමන් කළ බව ද පාකිස්තාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටී 25 දෙනෙක් මරුට: 100 කට තුවාල
මාලිංග Wednesday, 19 September 2012 12:50 PM
මිය ගිය සැමට නිවන් සුව (දී)
ලලිත් Wednesday, 19 September 2012 09:13 AM
අම්මෝ. මිනිස්සු නේද මේ. පව්, අහිංසක මිනිස්සු (දී)
මධු Tuesday, 18 September 2012 10:48 PM
හොද පුවතක්. (නි)
වෙනුර Wednesday, 19 September 2012 10:28 PM
එයාලට අල්ලා දෙවියන්ගේ ලැබෙන දඩුවම තමයි.(නදී)