වයඹදිග පාකිස්තානයේ අර්බුදකාරී වාතාවරණයක් පවතින ගෝත‍්‍රික ප‍්‍රදේශයකදී සටන්කාමීන්ගේ කඳවුරක් ඉලක්ක කරගෙන (08) එල්ල කළ ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් සටන්කාමීහු දසදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු වසිරිස්තානයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ කඳවුර වෙත ඩ්‍රෝන මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල වීමෙන් පසුව කඳවුරෙහි ගින්නක් හටගෙන ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සටන්කාමීන් අතර මධ්‍යම ආසියාවෙන් පාකිස්තානයට පැමිණි සටන්කාමීන් කිහිපදෙනෙක් ද සිටින බව වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කරන තලෙයිබාන් සටන්කාමීන්ට පාකිස්තානයේ පිහිටි ගෝත‍්‍රික ප‍්‍රදේශ රැකවරණය ලබා දෙන බව ඇමෙරිකාව පවසයි. මේ හේතුවෙන් විටින්විට ඇමෙරිකාව සටන්කාමීන් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප‍්‍රහාර දියත් කරයි. ප‍්‍රංශ පුවත් සේවය පවසන ආකාරයට පසුගිය වසරේදී පාකිස්තානයේ ගෝත‍්‍රික ප‍්‍රදේශවල සිටින සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකාව ඩ්‍රෝ්න ප‍්‍රහාර 64ක් එල්ල කර ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයේ ප‍්‍රහාරයකින් සටන්කාමීහු 10ක් මරුට