මාලදිවයින පාකිස්තානයේ සිටි ඔවුන්ගේ තානාපති මොහොමඩ් තෝහා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, මාලදිවයින රජයට නොදන්වා, ඔහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ සිටි ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයකු හමුවී සාකච්ඡා කිරීම සම්බන්ධයෙනි.
පාකිස්තානයේ මාලදිවයින තානාපති මොහොමඩ් තෝහා, ඉස්ලාමාබාද් අගනුවරදී ඇෆ්ගන් රජයේ විශේෂ නියෝජිත සර්දාර් අහ්මද් ෂකීබ් හමුවීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය සහ එරට මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ද ලබා දී තිබුණි.
කෙසේ නමුත්, මාලදිවයින විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ, මාලදිවයින තානාපතිට, ඇෆ්ගන් රජයේ විශේෂ නියෝජිත සර්දාර් අහ්මද් ෂකීබ් හමුවන්නැයි මාලදිවයින රජය අවසර කර නොතිබුණු බවත්, මොහොමඩ් තෝහා, සහ සර්දාර් අහ්මද් ෂකීබ් අතර හමුව මාලදිවයින රජයේ අනුදැනුම යටතේ සිදුවූවක් නොවන බවත්ය.
ඇෆ්ගනිස්තානය තලේබාන් ග්‍රහණයට නතු වූයේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය. තලේබාන්වරුන් නව රජයක් පිහිටුවූ අතර, ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය. තවමත් කිසිදු රටක් තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය සමඟ නිල වශයෙන් සම්බන්ධකම් පවත්වන්නේ නැත.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයේ මාලදිවයින තානාපතිවරයා ආපසු කැඳවයි