ආරක්ෂක ලේකම්වරයා එම තනතුරෙන් නෙරපා දැමීමට පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි පියවර ගැනීමත් සමඟ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්රවනු ඇතැයි එරට හමුදාව අනතුරු අඟවයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලූතිනන් ජනරාල් නයීම් කලීඞ් ලෝඞී තනතුරෙන් නෙරපා දැමීමට අගමැති ගිලානි කටයුතු කළේ ලෝඞී අයථා අන්දමින් හා නීති විරෝධී ලෙස කි‍්‍රයා කිරීමත් එසේ කටයුතු කිරීමේදී රජයත් අධිකරණ පද්ධතියත් හමුදාවත් අතර අනවබෝධයක් ඇතිවීමත් යන චෝදනා ඔහුට එල්ලවීම නිසාය. සිවිල් රජයක් පවතින පාකිස්තානයේ හමුදා කටයුතු සම්බන්ධ වගකීම් රැසක් බාරව සිටින ජේෂ්ඨතම සිවිල් නිලධාරියා ආරක්ෂක ලේකම්වරයාය. එපමණක් නොව පාකිස්තාන හමුදාවේ ප්‍රධානතම උපදේශකයා ද ඔහුය. ”ආරක්ෂක ලේකම්වරයා ලෙස ලෝඞී කටයුතු කර තිබෙන්නේ නීති විරෝධී අන්දමටයි. රජය, අධිකරණය සහ හමුදාව අතර මතභේද නිර්මාණය වී තිබෙන්නේ ලෝඞීගේ අයථා කටයුතු නිසයි” අගමැති ගිලානි පවසයි. ලෝඞී තනතුරෙන් ඉවත් කිරීමට අගමැතිවරයා ගත් තීරණය හමුදාවේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත. පාකිස්තානයේ හමුදාව ඉතා ප්‍රබල මෙන්ම ශක්තිමත් එකකි. වසර 64 ක් තරම් කෙටි ඉතිහාසයක් ඇති පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පෙරළීම් තුනක් සිදුවිය. අවසන් වරට හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ 1999 වසරේදීය. එවකට හමුදාපතිව සිටි පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය. දැන් යළිත් වරක් පාකිස්තානයේ සිවිල් රජයක් පවතියි. රජයේ කටයුතුවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත් ඇඟිලි නොගසන බවත් වත්මන් පාකිස්තාන හමුදාපති අස්ථාෆ් කයානී, 2007 වසරේදී එම ධුරයට පත් වූ අවස්ථාවේ කියා සිටියේය. කෙසේ නමුත් පාකිස්තන රජයත් හමුදාවත් අධිකරණයත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකා හමුදාවෙන් උදවු ඉල්ලා යැවූ සන්දේශයක් හේතුවෙනි. පාකිස්තානයේ යළි හමුදා කුමන්ත්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව එම සන්දේශයෙහි සඳහන් විය. ජනාධිපති සර්දාරි එම සන්දේශය ඇමෙරිකා හමුදා ප්‍රධානීන්ට යවා ඇත්තේ එවකට ඇමෙරිකාවේ සිටි පාකිස්තාන තානාපති හුසේන් හක්කානීගේ මාර්ගයෙනි. මෙය මාධ්‍යවලට අනාවරණය වීමත් සමඟ හක්කානී තානාපති ධුරයෙන් ද ඉවත් විය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ පැවැත්වීමට අනුබල දී තිබෙන්නේ පාකිස්තාන හමුදාවය. ඒ පසුපස ආරක්ෂක ලේකම් ලෝඞී ද සිටියි. පාකිස්තාන රජයේ අවසරයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පාකිස්තාන රජය චෝදනා කරයි. ඇමෙරිකාවට යැවුණු එම සන්දේශය හේතුකොට ගෙන ජනතාවගේ අප්‍රසාදයට ලක් වී සිටින පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව මීට පෙර ප්‍රකාශ කළේය. ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ ජනාධිපති සර්දාරි දුර්වල නායකයකු නිසා යැයි පාකිස්තාන හමුදාව චෝදනා කර ඇත.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි