IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පාකිස්තාන පාර්ලිමේන්තුවට කඩාවදින්න හැදූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා

ආගමික නායක කද්රීපාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බලකරමින්, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට හැදූ විරෝධතාකරුවන් පිරිසකට පොලිසිය ඊයේ (15) හරස් විය.
රටේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමට විරෝධය පළ කරමින්, මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාද කිරීම සහ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය අපොහොසත් යැයි චෝදනා කරමින්, රජයට එරෙහි විරෝධතා සංවිධානය කර තිබුණේ පාකිස්තානයේ උපන්, කැනඩාවේ ජීවත් වන ආගමික නායකයකු වන තහීර් උල් කද්රිය.
විරෝධතාවයට දහසකට ආසන්න පිරිසක් එක් ව සිටියහ.
61 හැවිරිදි තහීර් උල් කද්රී පැවැසුවේ තම විරෝධතා රැලිය සාමකාමී එකක් ලෙස ආරම්භ වූ බවය. එහෙත් පොලිසිය ඊට හරස් වී විරෝධතාකරුවන්ට පහර දීමට පටන් ගැනීමත් සමඟ විරෝධතා රැලිය ප‍්‍රචණ්ඩකාරී වූ බව කද්රී වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටී ඇත්තේත්, රට බලශක්ති අර්බුදයක් සහ ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වී ඇත්තේත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් යැයි කද්රී පෙන්වා දෙයි.
රට බේරා ගැනීමට නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර, හමුදාව යළිත් රටේ පාලන බලය අතට ගෙන මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර රජයක් පිහිටුවිය යුතු යැයි කද්රී යෝජනා කරයි.
කද්රී සහ ඔහුගේ අනුගාමිකයන් එම විරෝධතා රැුලිය ආරම්භ කළ අවස්ථාවේදීම ඉස්ලාමාබාද් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරමින් මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පාකිස්තාන රජය ආරක්‍ෂක අංශ වලට නියෝග කළේය.
ඒ අනුව පොලිසිය සහ හමුදාව කන්ටේනර් පෙට්ටි හරස් කරමින් ද මාර්ග බාධක යොදා තිබුණි. විරෝධතාකරුවන් එම මාර්ග බාධක අභිබවා ඉදිරියට යෑමට උත්සහ කළ අවස්ථාවේදී,  විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීහු පියවර ගත්හ.

 



අදහස් (0)

පාකිස්තාන පාර්ලිමේන්තුවට කඩාවදින්න හැදූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා

මාරසිංහ Wednesday, 16 January 2013 12:08 PM

පෙනේද අපේ මිතුරෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 365 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 682 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 106 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 123 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site