චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන එක් තීරයක් එක් මාවතක් සමුලුවට සමගාමීව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතරේ හමුවක් පැවැත්විණි.
මේ අතර, මෙම සමුළුවේ ප්‍රධාන සැසිය අමතමින් චීන ජනාධිපති ෂී ජිං පින් කියා සිටියේ මෙම සහයෝගිතාව සමග එක්ව සිටින සියලු රටවල් එක් සැලැස්මක් මත සිට එකට එකතු වී ගොඩනැගෙන්නක් බවය.
ලොව දියුණු වෙමින් පවතින රටවල් තර්ජනයක් යැයි සිතන ඇතැම් රාජ්‍යයන්ට දිගු ගමනක් නොමැති බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සමුලුව ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ චීනය සහ තම රටේ දැක්ම එක සමාන බවය.
චීනය ලෝකයට වැදගත් සේවයක් කරන රටක් බවත්, ඔවුන් සමග තම රට නිරන්තරයෙන් සමීපව කටයුතු කරන බවත් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් ද සමුළුවේ අවධානය යොමු විය.
පුටින්-ජින්පින් හමුවෙති