තමන්ට පහර පිට පහර එල්ල කරමින් සිටි වළසෙකු තමන්ගේ ජංගම දුරකථනයේ ‘‘රින්ග් ටෝන්‘‘ නාදයට බියවී පළා ගිය බව රුසියා ජාතික මසුන් මරන්නෙක් පවසයි.
‘‘රින්ග් ටෝනයට‘‘ දමා තිබී ඇත්තේ පොප් ගායක ජස්ටින් බීබර්ගේ ගීතයකි.
බරපතල තුවාළ ලබා සිටි ඉගෝර් වොරොස්හ්බිට්සින් ඔහුගේ මිතුරන් මැදහත්වී රෝහලට ඇතුළත් කර ඇත.
වළසාගේ නිය පදුරුවලට ගොදුරුව ඇති ඔහුගේ ඇග පුරා ගැඹුරු තුවාළයන්ය.
මරණය අත ළග යැයි තමන් විශ්වාසයෙන් සිටි බව ඔහු කියයි.
එක්වනම තම ජංගම දුරකථනය නාද වන්නට ගත් බවත් තැතිගැන්මට පත්වූ බවක් පෙන්වූ වළසා පළා ගිය බවත් ඔහු පවසයි.
වනජීවී විශේෂඥයින් පවසන්නේ රින්ග්ටෝන් නාදය එක්වනම කණ වැකීම නිසා වළසා බියපත් වන්නට ඇති බවයි.
ජස්ටින් බීබර්ගේ ගීතයක් රින්ග් ටෝනයට දමා තිබුණි යැයි මාධ්‍ය වාර්තා වල සදහන්ව තිබීමෙන් එය මුල් කරගෙන පොප් ගායකයාට අපහාසාත්මක කතා ගෙතීමටද ඇතැම්හු කටයුතු කර තිබිණ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පොප් ’වාදනයෙන් වළහා දුවයි
චින්තක Wednesday, 06 August 2014 12:04 PM
අනිවාර්යයෙන් අරයගේ සින්දුවක් වෙන්න ඇති.වලසුන්ට තියා බල්ලෙකුටවත් අහන්න පුලුවන් සින්දුද අද තියෙන්නේ? (නි)
සරත් Wednesday, 06 August 2014 12:27 PM
අපේ අලි එළවන්නත් ඔය ලංකාවේ ඉන්න සමහර පොප් ගායකයින්ගේ ගීත උදවු කරගන්න පුලුවන්ද කියලා පරීක්ෂණයක් කළොත් නරකද? (නි)
සත්‍යයා Thursday, 07 August 2014 01:26 AM
දේශපාලන කුළු හරක් ජනතාවට අනින්න එනකොට වාදනය කරන්න පුළුවන් රින්ග් ටෝන් එකක් වෙළඳ පොළට දාගත්තා නම් අපි ඔක්කොම ගොඩ. (නි)
ජගත් Wednesday, 06 August 2014 06:52 AM
අයියෝ ඕක මොකද්ද අපේ රටේ තියන හුඟක් සින්දු වල රින්ගින්ග් ටොන් ඇහුවම වලස්සු නොවෙයි අලි උනත් දුවාවී කැලේ කඩා ගෙන (දී)
මොහාන් Thursday, 07 August 2014 07:30 PM
මම නම් ආසයි පොප් සංගීතයට. මගේ ගෙදර පොල් කඩන මිනිහා පොප් සිංදු අහලා තමයි පොල් කඩන්නේ. එතකොට කලටිත් කඩනවා (නි)
ලලිත් Wednesday, 06 August 2014 03:03 PM
ඔය වගේ මදුරුවෝ එලවන්න පුළුවන් ගීත එහෙම නැතිද?(අ)
ඉසුරන්දි Thursday, 07 August 2014 05:00 AM
සත්තු උනත් සංගීතයට ප්‍රියයි.නමුත් දැන් අහන්න තියන සිංදු මනුස්සයෙකුට තියා සතෙකුටවත් අහන්න පුළුවන් ඒවාද.(අ)
පිටබැද්දර ජයා Wednesday, 06 August 2014 10:49 AM
වලහෙකුටවත් අහන්න පුළුවන් සින්දුද අනේ ඕව ! (දී)
වින්ද්‍යා Wednesday, 06 August 2014 10:58 AM
විමල් මාරු කතාව (දී)
විමල් Wednesday, 06 August 2014 10:57 AM
අයියෝ සල්ලි වසුන්ටවත් අහන්ඩ බැරි සින්දුනෙ ඕවා...දුවන එක අහන්ඩත් දෙයක්ද.. ඕව අහනවට වැඩිය වලහ කන එක සැපයි (දී)