සිරියාවේ නගර දෙකක සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියන් 83 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වන්නේ නැගෙනහිර සිරියාවේ සමල්කා සහ කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඩෝමා යන නගරවලිනි. සමල්කා නගරයේ කැරැලිකරුවන්ගේ අවමංගල්‍යයකට සිරියා රජයේ හමුදා පහර දී ඇති අතර එයින් මියගිය ගණන 33 කි. එම ප‍්‍රහාරය එල්ල වූයේ පෙරේදා (30) සවසය. ඩෝමා නමැති නගරය පිහිටා ඇත්තේ ද ඩමැස්කස් අගනුවර අයත් ඩමැක්සක් පළාතේය. මෙම නගරය පවතින්නේ සිරියා කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේය. නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිව සිරියා රජයේ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ ඊයේ (01) උදෑසනය. එහිදී සිදුවූ ගැටුම්වලින් මියගිය බොහෝ දෙනා සිවිල් වැසියන් බවත් ඒ අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බවත් කැරැලිකාර පාර්ශවය පවසයි. කෙසේ නමුත් සිරියා රජය පවසන්නේ මියගිය වැඩි දෙනා සිරියා රජයේ හමුදා සාමාජිකයන් බවය. මේ අතර සිරියා අර්බුදය විසඳීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් පස් දෙනාත්, අරාබි ලීගයේ රටවල් කිහිපයකුත් තුර්කියත් පෙරේදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වීය. එම හමුව සංවිධානය කර තිබුණේ සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ නියෝජිත කොෆී අනන්ගේ මැදිහත් වීමෙනි. අනන් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකි. අනන් යෝජනා කර ඇත්තේ සිරියා රජයේත් කැරැලිකාර පාර්ශවයේත් නියෝජිතයන් එක්කොට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවිය යුතු බවය. මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එහෙත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කියා සිටියේ සිරියා ජනපති බෂීර් අල් අසාද් එම සංක‍්‍රාන්තික රජයට සම්බන්ධ කර නොගත යුතු බවය. මීට ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජිකයන් දෙදෙනා වන රුසියාවත් චීනයත් තරයේ කියා සිටියේ සංක‍්‍රාන්ති රජයට නියෝජිතයන් පත් කිරීම සිරියා ජනතාව විසින් සිදු කළ යුත්තක් කියාය. ඊට බටහිර රටවල් මැදිහත් නොවිය යුතු බව ද රුසියාව සහ චීනය අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිරියාවේ සිවිල් වැසියෝ 83 ක් මරුට
හොද බබා Monday, 02 July 2012 11:19 AM
ඒ කතාවට මම එකඟ නෑ....