IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි

සිදුවූ වැරැදි සියල්ල නිවැරැදි කරන බවට, ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් දරුණු පසුබෑමකට ලක් වූ ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) රටට පොරොන්දුවක් දුන්නාය. ඉන්දියාවේ ප‍්‍රාන්ත පහක පැවැත් වුණු එම මැතිවරණයෙන් සෝනියාගේ කොංග‍්‍රසයට බලය තහවුරු කර ගැනීමට හැකි වූයේ මනිපූර් ප‍්‍රාන්තයේ පමණි. කොංග‍්‍රසයේ බල කඳවුරක්ව පැවැති ගෝව ප‍්‍රාන්තයේ බලය පවා මෙවර කොංග‍්‍රසයෙන් ගිලිහී ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘භාරතීය ජනතා පක්ෂය’ සතු විය. ”සෑම ප‍්‍රාන්තයකම ඡන්ද ප‍්‍රතිඵල අප අවධානයෙන් යුතුව විමසා බැලීමක් කළ යුතුයි. ඊට පස්සේ සිදුවූ වැරදි මොනවාදැයි සොයා බලා ඒවා නිවැරැදි කිරීමට පක්ෂයක් වශයෙන් එකමුතු විය යුතුයි. ශක්තිමත් විය යුතුයි. කළ වැරැදි සහ අප අතින් සිදුවූ වැරැදි යළි සිදු නොවීමට අප වගබලා ගත යුතුයි” කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලි නුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියාය. සෝනියා ගාන්ධි මාධ්‍ය හමුවකට සහභාගී වන්නී ඉතා කලාතුරකිනි. පසුගිය දා ඇය යළිත් වරක් වෛද්‍ය පරීක්ෂණයකට ඇමෙරිකාවට ගියාය. ඇය යළි ඉන්දියාවට පැමිණියේ මීට දින කිහිපයකට කලින්ය. ඇය පිළිකාවකින් පෙළෙන බවත් ඉකුත් වසරේ ද ඇමෙරිකාවට ගොස් සැත්කමකට භාජන වූ බවත් වාර්තා විය. එහෙත් ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත. පසුගියදා අවසන් වූ එම ප‍්‍රාන්ත සභා මැතිවරණයේ දී කාගේත් වැඩි උනන්දුවක් යොමු වූයේ ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය ද වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයටය. එහි ඡන්ද සටන මෙහෙය වූයේ සෝනියා ගාන්ධිගේ පුතු මෙන්ම කොංග‍්‍රස් පක්ෂ මහ ලේකම්වරයා ද වන රාහුල් ගාන්ධිය. සෝනියා ගාන්ධි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  



අදහස් (0)

පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 963 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2717 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 702 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site