හෘද රෝගයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරී, පෙරේදා (7) ඩුබායි බලා පිටත්වීමත් සමඟ ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට රාවයක් පැතිර ගියේය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, පාකිස්තාන ජනාධිපතිවරයා, සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඩුබායි ගිය බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවත් පාකිස්තාන අගමැති කාර්යාලය නිවේදනය කරයි.
අගමැති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු වීමෙන් පසු සියරට පැමිණෙනු ඇති බවය.
කෙසේ නමුත් රොයිටර් ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ ජනාධිපති සර්දාරි ඩුබායි ගියේ සුළු හෘදයාබාදයකට ලක්වීමෙන් පසුව බවය.
ඉකුත් මැයි මාසයේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වූ අල් කයිඩා නායක බින් ලාඩන් ඇමෙරිකා හමුදාව අතින් ඝාතනය වීමත් ඇමෙරිකා සහ නේටෝ ප‍්‍රහාරවලින් දිගින් දිගට පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීමත් සම්බන්ධයෙන් ජනාධිපති සර්දාරිට එරෙහි දැඩි ජනතා විරෝධයක් හට ගැනුණි. පාකිස්තාන ජනතාව චෝදනා කරන්නේ සර්දාරි, ඇමෙරිකාවේ වහලකු වී ඇති බවය.
එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි
ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය වැලි කුණාටුවකික් හේතුවෙන් දහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පැවැසෙයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාව බලා යැෑමට නියමිතය. මේ වනවිට ඉරානයත් රුසියාවත් අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙය
සිරියාවත්, ලෙබනනයත් අතරේ යළි සබඳතා ඇති කර ගැනීමට ලෙබනනය සූදානම් වන අතර, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සිරියාවට පැමිණ, සිරියාවේ නව අන්තර්වාර ජනාධිප
තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි.
පේරු ලේඛකයකු සහ නොබෙල් ත්‍යාගලාභියකු වන මාරියෝ වර්ගාස් ලෝසාගේ අභාවය හේතුවන්, පේරු රටේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ප‍්‍රතිකාර ගන්න ඩුබායි ගිය පාකිස්තාන ජනපති ඉල්ලා අස්වෙතැයි රාවයක්