ඔලිම්පික් කී‍්‍රඩා සමාරම්භක උළෙලේදී, තම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන්ට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන්නේ යැයි ලන්ඩන් ඔලිම්පික් සංවිධායක කමිටුවට ඉන්දියාව දොස් පවරයි.
ඉන්දීය බලධාරීන් මෙසේ දොස් පැවැරුවේ පසුගිය 27 වැනිදා පැවැති 2012 ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උළෙලේදී, ඉන්දීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් සමඟ නාඳුනන කාන්තාවක ගමන් කිරීමේ සිද්ධියක් මුල් කොට ගනිමින්ය.
රතු ටී ෂර්ටයකින් සහ නිල් කලිසමකින් සැරසුණු එම කාන්තාව තම කණ්ඩායමේ නිලධාරියක හෝ කී‍්‍රඩිකාවක හෝ නොවන බවත් ඇය කවුරුන්දැයි තමන් නොදන්නා බවත් හිටිහැටියේ පැමිණි ඇය තම කණ්ඩායම සමඟ ගමන් කිරීම බරපතළ ආරක්ෂක ගැටලූවක් බවත් ඉන්දීය ඔලිම්පික් කමිටුව වෙනුවෙන් මුරලිදරන් රාජා පවසයි.
ඔලිම්පික් කී‍්‍රඩාංගනයට රැස්ව සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද ඉන්දීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් ගමන් කරද්දී ඔවුන් වෙත පැමිණි එම කාන්තාව ඉන්දීය ධජය රැගෙන කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කළ සුසිල් කුමාර්ට කිට්ටු වී ඔහු සමඟ ගමන් කළාය. ඉන්දීය කණ්ඩායම සමඟ එම කාන්තාව ගමන් කරන අයුරු සජීවීව ලොව පුරා විකාශය විය.
”ඉන්දීය ඔලිම්පික් කණ්ඩායමට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණු බව පැහැදිලියි. පිටස්තර අයකු ඉන්දීය කී‍්‍රඩකයන් සහ නිලධාරීන් සමඟ ආරම්භක උළෙලේදී ගමන් කළා. ඇය කවුද කියලා අප දන්නේ නැහැ. අපේ කණ්ඩායම සමඟ ඇවිද යන්න ඇයට කොහෙත්ම අයිතියක් නැහැ. මුළු ලෝකයම ඉදිරියේ ඇය අපට ලැජ්ජා කළා. ඒ ගැන ඔලිම්පික් කමිටුව අපෙන් සමාව ගත යුතුයි.” යැයි ඉන්දීය ඔලිම්පික් කමිටුව පවසයි.
ඇය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඇය ඉන්දීය හෝ ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති තැනැත්තියක බව ඉන්දීය ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් කියා සිටී.
ඉන්දියාවෙන් ලැබෙන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔලිම්පික් කමිටුව කියා සිටියේ සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලන බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණැයි ඔලිම්පික් කමිටුවට ඉන්දියාවෙන් දොස්
සමන් පීරිස් Wednesday, 01 August 2012 04:53 AM
මේ ගොල්ලන්ද ඉන්දිරාගාන්ධිට රජීව් ගාන්ධිට එහෙම ආරක්ෂාව දුන්නෙත්....!!(නු)
අනුර Monday, 30 July 2012 11:47 AM
මොකක් හරි වැරද්දක් හොයනවා . පිස්සුද මන්දා (දී)
ප්‍රවීන් මැනිලා Monday, 30 July 2012 12:00 PM
ඒක කොහොමද නවත්තන්නේ ලන්ඩන් වල අය ... (දී)
සරත් Monday, 30 July 2012 05:41 PM
මම දන්න විදියට මේකට තමයි නියම ප්‍රජාතන්තවාදය කියන්නේ. (නි)
සුනිල් Tuesday, 31 July 2012 02:48 PM
මෙයා පරණ ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ අවතාරයක්ද දන්නෙ නැහැ....!!(නු)
අමිල කටුනායක Monday, 30 July 2012 02:44 PM
ඔලිම්පික් වාර්තාවක්...(ස)
ලලිත් Monday, 30 July 2012 02:57 PM
මරු ආරක්ෂාව කියල වැඩක් නැහැ (දී)