IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි

ප්‍රංශ අග්‍රාමාත්‍ය ​ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.

අතාල් මෙසේ පැවැසුවේ, එරට පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටයෙන්, ‘පොපියුලර් ෆ්‍රන්ට්’ නමැති වාමාංශික දේශපාලන සන්ධානය ප්‍රංශ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟය.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජූනි 30 වැනිදාය. එයින් වැඩි ආසන දිනා ගනිමින් ඉදිරියට පැමිණියේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රතිවාදිනියක වන මරීන් ල පෙන්ගේ  අන්ත දක්ෂිණාංශික ‘නැෂනල් රැලි’ පක්ෂයයි. එම අවස්ථාවේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවිණි.

මැතිවරණයේ දෙවැනි වටය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එයින් ‘පොපියුලර් ෆ්‍රන්ට්’ අන්ත වාමාංශික දේශපාලන සන්ධානය ජයග්‍රහණය කළේ කවුරුත් පුදුමයට පත් කරමිණි. 
ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික පක්ෂ එක් වී ‘පොපියුලර් ෆ්‍රන්ට්’ නමින් සන්ධානයක් පිහිටුවා ගැනීම කළේ මැතිවරණයට මාසයකට පෙරය. ‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානයට නායකත්වය දෙන්නේ 72 හැවිරිදි ජෝන් ලූක් මෙලෙන්කොන්ය.

පළමු වටයෙන් හෝ දෙවැනි වටයෙන් කිසිදු පක්ෂයකට නිවම බහුතර බලයක් හිමි කර ගැනීමට හැකියාවක් ලැබී නැත. මහ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී පළමු තැන ‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානයටත්, දෙවැනි තැන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරී ‘ඔන්සෙම්බ්ලේ ඇලියොන්ස්’ සන්ධානයටත්, තෙවැනි තැන ‘නැෂනල් රැලි’ පක්ෂයටත් හිමිවිය. ‘පොපියුලර් ෆ්‍රන්ට්’ වාමාංශික සන්ධානය දිනාගත් ආසන ගණන 182 කි. මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන් ආසන 163 ක් ද අන්ත දක්ෂිණාංශික ‘නැෂනල් රැලි’ පක්ෂය ආසන 143 කි.

‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානය පාර්ලිමේන්තුවේ වැඩි ආසන දිනා ගැනීම, අණ පනත් සම්මත කර ගැනීමේ දී සහ තීන්දු තීරණ ගැනීමේ දී ජනාධිපති  46 හැවිරිදි මැක්රොන්ට ගැටලුවක් වෙයි. අතාල් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ද මැක්රොන් විසිනි. අතාල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ මේ නිසාය. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් දිගටම ජනාධිපති මැක්රෝනගේ සහායට සිටින බව ඔහු පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි

Thushara Monday, 08 July 2024 12:39 PM

ආතල් මෙහෙට එන්න මෙහෙ ආතල්...

:       0       7

සමන් විමල් Monday, 08 July 2024 02:34 PM

තිස්පස් හැවිරිදි අග්‍රාමාත්‍යවරයා පරදා හැත්තෑ එක් හැවිරිදි පුද්ගලයෙක් දිනුම්. ලංකාවේ නම් නාකි එළවලා දාන්නේ...

:       4       6

sam Tuesday, 09 July 2024 09:42 AM

ලංකාවේනම් දුම්මල ගහලා උද්ඝෝෂණ තියලා ,මිනිස්සු වර්ජනය කරලත් යන්නේ නම් නැහැ.හේතුව දන්නවානේ තනතුරේ තියන නානාප්‍රකාර ගනුදෙනු සහ ඒවායින් ලැබෙන සුවිශාල වාසි

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 960 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2714 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 701 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site