ඇමෙරිකන් රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ‘ජාතික ආරක්ෂක ඒජන්සිය’ හරහා, ප්‍රංශ තානාපති කාර්යාලයේ දුරකතන සංවාදවලට කන් දෙමින්, ඔත්තු බැලූවේ යැයි රහස් විස්තර වාර්තා පෙරේදා (21) ප්‍රංශයේ පුවත්පතක පළ වීමත් සමඟ, ඒ ගැන විරෝධය පළ කරමින් ප්‍රංශයේ සිටින ඇරමෙරිකන් තානාපති චාල්ස් හැමර්මෑන් කැඳවා ප්‍රශ්න කිරීමට ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඕලන්ද් පියවර ගත්තේය.
ඇමෙරිකාව සිදු කළ එම ඔත්තු බැලීමේ රහස් වාර්තා ප්‍රසිද්ධියට පත් කර තිබුණේ ප්‍රංශයේ ‘ලා මොන්ද්’ පුවත්පතය. පුවත්පත වාර්තා කළ අන්දමට එන්.එස්.ඒ. හෙවත් ‘ජාතික ආරක්ෂක ඒජන්සිය’ හොරෙන් කන් දුන් දුරකතන ඇමැතුම් සංඛ්‍යාව මිලියන 70 කට වැඩිය.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, ඇමෙරිකාව සිදු කළ එම ඔත්තු බැලීම් මුල්කොට ගනිමින්, ප්රංශයත් ඇමෙරිකාවත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක් හටගනු ඇති බවය.
‘ලා මොන්ද්’ පුවත්පත එම රහස් වාර්තා හෙළි කළේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන් දුන් තොරතුරු අනුවය.
ඇමෙරිකානු අත්අඩංගුවෙන් බේරී ස්නෝව්ඩන්, මේ වනවිට ජීවත් වන්නේ රුසියාවේය. ඒ, රුසියානු රජයේ රැකවල් යටතේය. ස්නෝව්ඩන්ට රුසියාවෙන් පිටවී යෑමට නොහැකිය. ඔහු එසේ කළහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
මේ අතර ස්නෝඩන් කළ එම හෙලිදරව්ව, ලොව පුරා ප්රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත්‍රස්තවාදී’ සංවිධානවලට අවුරුදු තෑගි හිමිවීමක් වැනි යැයි බි්රතාන්ය බුද්ධි අංශය පවසා ඇත. මේ බව පවසා තිබුණේ බි්රතාන්යයේ එම්.අයි.5 බුද්ධි අංශයයි.
ස්නෝව්ඩන් කළ රහස් හෙළිදරව්වෙන් පසු, අල් කයිඩා වැනි ලොව ප්‍රබල ත්රස්තවාදීන් ඔවුන්ගේ ක්රමෝපායන් වෙනස් කර ඇතැයි එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා තිබුණි. ස්නෝව්ඩන්ගේ කි‍්‍රයා කලාපය නිසා ත්රස්තවාදයට එරෙහි සටනේදී ත්රස්තවාදීන්ට වාසි අත්වුණේ යැයි ද එම්.අයි.5 බුද්ධි අංශය පෙන්වාදී තිබුණි..
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ ජනපති ඇමෙරිකානු තානාපති කැඳවා ප්‍රශ්න කරයි