මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවෙයි. ප්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන යුරෝපයේ රටවල් අතර රටකි. දහස් ගණනක් ගුවන් ගමන්, මුහුදු ගමන්, දුම්රිය ගමන් හා දේශ සීමා හරහා වාහන ගමනා ගමනය සිදුවන රටකි ප්‍රංශය. එම නිසාම ඉතාමත් සූක්ෂ්ම දැඩි ආරක්ෂක දැළකට මුළු ප්‍රංශයම හසුකර ඇත්තේය.
රහස් පරීක්ෂකයෝ හා රාජ්‍ය ආරක්ෂකයෝ මුළු පැය 24 පුරාවට උකුසු ඇස් යොමා සිටිති. එනමුදු එම දැල් වලින් රිංගා පැන යන හොරුන්ද නැතුවාම නොවේ. එවැනි හොරෙක් පසුගියදා ප්‍රංශයේදි අත්අඩංගුවට පත් වුයේය.
ඔහු එසේ මෙසේ හොරෙකු නොව ප්‍රංශ පොලීසියේම හොරෙකු වීම ප්‍රංශ ආරක්ෂක පරිපාලනය සසල කිරීමට හේතු වුයේය. ප්‍රංශයේ අගනුවර පැරීසියේ කලාප අංක 01හී ඕන් ෆෙව්ර් යනුවෙන් හදුන්වන ප්‍රධාන මාවත පැරීසියේ අධි ආරක්ෂිත කලාපයට අයත් සුවිශේෂි පාරකි. ප්‍රංශ ජනාධිපති මන්දිරය, අගමැති නිල කාර්යාලය බ්‍රිතාන්‍යය ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටා ඇත්තේ ඉහත මාවතට ඉතාමත්ම නුදුරිනි .
ප්‍රංශ පොලිසියට අයත් විවිධ සුවිශේෂි අංශයන්හී ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේද මෙම මාවතේය. ඒ අතරින් ප්‍රංශයේ මත් ද්‍රව්‍ය නාෂක අංශයේ විශේෂ අංශය පිහිටා ඇත්තේ මෙහි අංක 36 ගොඩනැගිල්ලේ තුන්වන මහලේය. එහි තෙවන මහලේ විශේෂ පිවිසුම් ගනනාවක් පසුකර විශේෂ කාමර දෙකකින් ඇතුළුවූ පසු සේප්පු ආකෘතිය හැඩ ඇති එම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය ඇති අති විශේෂ කාමරයක් ඇත්තේය. එහි දොරගුලූ විවෘත කිරීමට විශේෂ යතුරක් ඇත්තේය.
එම යතුර යාබද කාමරයක බිත්තියේ සවිකල පෙට්ටියේ සුරක්ෂිතව තැන්පත් කර ඇත්තේය. මෙම පෙට්ටිය විවෘත කිරීමට රහස් අංකයක් ඇත්තේය. මෙහි පරිපාලන නීතියට අනුව එම රහස් අංකය දන්නා එම අංශයේ ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිති. එයින් කෙනෙක් මෙම පෙට්ටිය විවෘත කිරීමට අවශ්‍යය වන්නේය. ඒ සමගම විවෘත හා සංවෘත කිරීමේදි ලඝු පොතක සටහන් තැබීම අනිවාර්යය.
එයින් පසු නැවත ලඝු පොතක ඇතුල්වීම හා පිටවීමේ අත්සනින් පසු ඉහත කාමරයේ සේප්පු දොර විවෘත කල හැක්කේය. එවැනි පරිසරයක පිහිටි එම කාමරයේ තැන්පත් කර තිබූ කිලෝ 52.6ක් වූ කොකේන් මත් ද්‍රව්‍ය ප්‍රමානයක් පසුගිය ජූලි 27 වෙනිදා අතුරුදහන් වුයේය. අප්‍රිකාවේ සෙනගාලය පසුකර ප්‍රංශය හරහා ගමන් කල කිලෝ 52.6ක කොකේන් මත් ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ජූලි මස 05 වෙනිදා අත් අඩංගු ගෙන සුරක්ෂිතව තබා ඇත්තේ¦ ඉහත සදහන් ප්‍රංශ පොලිස් මත් ද්‍රව්‍ය නාෂක අංශයට අයත් සුවිශේෂි කාමරයේය.
එම මත් ද්‍රව්‍ය අවසාන සුපරික්ෂාවට හසුකර ඇත්තේ ජුලි 23 වෙනිදා ය. එනමුදු ජූලි 27 වෙනිදා එම මත් ද්‍රව්‍ය පාර්සල් අතුරුදහන්වී ඇති බව පොලිසිය සොයා ගත්තේය. මෙම සිද්ධිය පොලිසියේ අභ්‍යයන්තර පරිපාලනයට පමනක් සීමා වුවද¦ ප්‍රංශයේ පළවන ප්‍රබල පුවත් පතක් වන ලිබරේෂන් පුවත් පත මෙම සොරකම මාධ්‍ය හරහා ප්‍රංශ ජනතාව දැනුවත් කළේය.
ඒ හේතු කොට ප්‍රංශයේ අභ්‍ය්‍යන්තර ආරක්ෂක අංශය හා ප්‍රංශ පොලීසිය සසළ වුයේය. අභ්‍යයන්තර ආරක්ෂක ඇමැති තුමාට මාධ්‍ය ඉදිරියේ ඒ සම්බන්ධව කරුනු පැහැදිලි කිරීමට පවා සිදු වුයේය.
මේ අතරතුර ආරම්භ කළ පරීක්ෂණ ඔස්සේ පැරීසියේ සිට දකුණු දිග ප්‍රංශයේ කිලෝ මීටර් 850ක් දුරින් ස්පාඤ්ඤ දේශ සීමාවට මායිම්ව පිහිටා ඇති පෙපිනියොන්ග් නගරයේදි නිවාඩුව ගත කිරීමට ගොස් සිටි ඉහත පොලිස් අංශයේ සේවයේ නියුතු වයස අවු: 34ක් වූ නිවාස හතකට හිමිකරුවෙක්වූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින්නේය.
ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ යුරෝ විසිදාහක නෝට්ටු සොයා ගැනීමට හැකිවූ අතර අන්තර් ජාලයේ සූදු කෙලීමෙන් එම මුදල් උපයා ගත් බව ඔහු පවසා ඇත. ඔහුගේ ජංගම දුරකථන තොරතුරු මත වෙනත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින්නේය.කෙසේ නමුදු මේ වන තුරු එම මත් ද්‍රව්‍ය ප්‍රමානයට සිදුවූ දෙයක් සොයා ගැනීමට ප්‍රංශ පොලීසිය අසමත්වී ඇත්තේය.
ප්‍රංශයේ බොහෝ විට විවිධ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගෙන ඇත්තේය. ඊට සමාන්තරව එහි මුල් හා අතර මැදි ප්‍රබලයෝද නීතිය ඉදිරියට පැමින වීමට ප්‍රංශ පොලීසියට හැකිවී ඇත්තේය. එනමුදු කිසිදු ප්‍රංශ දේශපාලකයෙක් එම ජවාරම් වලට සම්බන්ධ බවක් මේ වන විටත් සොයා ගෙන නැත්තේය. එනමුදු ඉන්දීය සාගරයේ මුතු ඇටය ඒ සදහා ලෝක ප්‍රසිද්ධය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ පොලිස් හොරා ප්‍රංශය හොල්ලයි
නැනී Tuesday, 12 August 2014 03:17 AM
චමින්ද, ඔය ගණන් මිමි වැඩිය ප්‍රචාරයට දාන්න එපා.(නදී)
ගාමිණී - සිරිවර්දන Monday, 11 August 2014 12:56 PM
ජුලි 23 - 27 දින 4 කදී කිලෝ 52.6 ක් සහායක් නොමැතිව තනියම රැගෙන යාම ඔය ආරක්ෂාව යටතේ කළ නොහැකිය. සුවිශේෂී සුරක්ෂිත ගබඩා කාමරයට අතුල්වෙනවා, පිටවෙනවා සී.සී.ටී.වී කැමරා පද්ධිතියක සටහන් වී නැද්ද? (නදී)
චමින්ද Monday, 11 August 2014 01:22 PM
බටහිර රටකට යම් කිසිවෙක් අහුනොවී මත්ද්‍රව්‍ය කිලෝ එකක් ගෙනියනවා කියන්නේ ඒ කෙනා ගොඩම තමා. මොකද එකේ වීදි වටිනා කම ඩොලර් මිලියන ගානක් වෙනවා. මම අහපු දෙයක් තමයි ලංකාවට කුඩු කිලෝ එකක් ගේන්න යන වියදම රුපියල් ලක්ෂ පහයි. විකුණන මුදල ලක්ෂ සියයකට කිට්ටුයි කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි, කට්ටිය වැඩේට බැහැලා ඉන්නේ. (නදී)
රේණුක Friday, 15 August 2014 09:16 PM
දැන් ලංකාවට නම් කියන්න වෙන්නේ ඉන්දියන් " සාගරයේ කුඩු බඳුන ' කියලා. (නි)
නන්ද Wednesday, 13 August 2014 03:54 AM
ඔව් චමින්ද , දේශපාලනයට සම්බන්ධ අය තමයි වැඩියෙන් ඕවට සම්බන්ධ. (නි)
සඳරු Tuesday, 12 August 2014 07:34 AM
ලංකාවට ආවා නම් ඕක කරන විදිහ හොඳට ඉගෙනගන්න තිබුණා. (නි)
කුමාරි Wednesday, 13 August 2014 05:06 AM
මම බය වුණා හරියටම ගණන් කියද්දී චමින්දත් ඉන්නේ වැඩේට බැහැලද කියලා. (නි)
පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:51 PM
චමින්ද,මොකද කියන්නේ? වැඩේ බාරදෙමුද අපේ පොලීසියට? (නි)
චමින්ද Tuesday, 12 August 2014 08:23 AM
ඔය ගණන් මිමි, දේශපාලනයට සම්බන්ද කෙනෙක් ප්‍රසිද්ධියේ කරපු කතාවක්. ඒ වීඩියෝ එක මට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබුනා. (නදී)
අනුෂා Monday, 11 August 2014 10:39 AM
අපේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයේ කෙනෙකුත් මේ වගේ වැඩක් කලා නේද? (දී)