උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් මරා දැමීමට තම හමුදා සමත් ව ඇතැයි ප‍්‍රංශ රජය පවසයි.
අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් මරා දැමීමට හැකි වී ඇත්තේ මාලි රාජ්‍යයේ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරන ප‍්‍රංශ හමුදා සෙබළුන්ය.
මාලි රටේ උතුරුදිග පළාත් අල්ලාගෙන සිටින්නේ අපි‍්‍රකාවේ සහ අරාබි රටවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේත් උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක එම අල් කයිඩා සටන්කාමීන්ය.
ප‍්‍රංශ හමුදා මාලි රටේ ඇඞ්රාර් දේ ඉෆෝගාස් කඳුකරයට පෙරේදා පහර දුන් අවස්ථාවේදී අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් ද එම කඳුකරයේ සැඟ වී සිටි බවට තොරතුරු ලැබී තිබුණු බවත් ප‍්‍රහාරවලින් අබු සෙයිඞ් මියයන්න ඇති බවත් ප‍්‍රංශ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එඩුවා ග්විලෝ ඊයේ (5) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.
ප‍්‍රංශ හමුදා මාලි රජයට සහ හමුදාවට සහාය දෙමින් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සංග‍්‍රාම කටයුතු ආරම්භ කළේ ඉකුත් ජනවාරි මාසයේදීය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි.
ප‍්‍රංශය පමණක් නොව අපි‍්‍රකා සංගමයේ සාමාජික රටවල් කිහිපයක ද හමුදා මාලි රාජ්‍යයට පැමිණ සිටී. ඒ අතරින් චැඞ් රාජ්‍යයේ හමුදා ඉකුත් සති අන්තයේ සටන්කාමීන්ට එල්ල කළ ප‍්‍රහාරවලින් ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියට සම්බන්ධ
ජිහාඞ්වාදී සටන්කාමී මොක්තාර් බෙල්මොක්තාර්ද ජීවිතක්ෂයට පත්විය.
ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ මහ මොළකරු බෙල්මොක්තාර් මරා දැමීමට චැඞ් රාජ්‍යයේ හමුදා සෙබළුන් සමත් වීම අප‍්‍රිකා කලාපයේ කි‍්‍රයාත්මක ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන්ට එල්ල වූ මරු පහරක් යැයි ඇමෙරිකාව පවසා ඇත.
අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ් සටන්කාමීන් මාලි රාජ්‍යයේ අසල්වැසියකු වන ඇල්ජීරියාවේ ටිගැන්ටුරීන් නමැති ස්වභාවික වායු බලශක්ති බලාගාරයට කඩා වැදී, එහි සිටි විදේශිකයන් රැුසක් ප‍්‍රාණ ඇපයට ගත්තේ පසුගිය ජනවාරි 16 වැනිදාය. එම ප‍්‍රාණ ඇපකරු සිද්ධිය පසුපස සිටි මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර්ය.
ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගත් ජිහාඞ් සටන්කාමීන් ඉල්ලා සිටියේ මාලි රටේ තම සටන්කාමීන්ට එරෙහිව ප‍්‍රංශය සහ චැඞ් රාජ්‍යයේ හමුදා ගෙන යන මෙහෙයුම් වහා නවත්වන ලෙසටය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්රංශ හමුදා ප‍්‍රහාරයකින් අල් කයිඩා නායකයා මියයයි
ලාල් Wednesday, 06 March 2013 06:21 PM
හොද ලිපියක්. (නි)
දම්මි Wednesday, 06 March 2013 08:42 PM
ප්‍රංශ හමුදාවට ජයවේවා! (නි)